කටු මැටි ගෙවල්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    කටු මැටි ගෙවල් වල ස්ට්‍රක්චර් එක හයිය නැහැ
    ෆවුන්ඩේශන් එකත් ගල් තියල මැටි ගහල හදන්නෙ. ඊට පස්සෙ ලී වලින් ගේ හදල බිත්තියෙ පලලට කෝටු බැඳලා හරහටත් කෝටු හරි උණ ලී පටි හරි බඳිනවා කොටුවක් අඟල් 8ක් විතර සෙට් වෙන්න
    ඊට පස්සෙ මැටි ලොකු ගුලි හදලා අර කොටු අස්සෙන් පුරවනවා
    ෆිනිශින් එක හොඳට ඕන නං හොඳට ලෙවල් වෙන්න මැටි වලින් බිත්තිය හදලා ඒක උඩ හුණු ගාන්න එහෙමත් පුලුවන්

    දෙනියාය පැත්තෙ එහෙමත් ගොඩක් ඇතුලෙ අස්සෙ තියන ගම් වල, ටිකක් ගෙදරින් දුර පැති වල තියන තේ වතුවල එහෙමත් ඔය වගේ කටු මැටි ගහපු පැලක් හදනවා. දලු කඩපුවා දාල තියන්න තේ හදන්න වහිනකොට ඉන්න වගේ

    බිත්තිය ඇතුලෙ ලී තියන නිසා නිතරම බිත්ති ඇතුලෙන් වෙයො එනවා. සමහර වෙලාවට වහින කාලෙට බිත්තිය අස්සෙන මෙරු එනවා හිල් හදාගෙන
    සමහර වෙලාවට බිත්ති අස්සෙ සර්පයො ඉඳලා අහු උනෝතින් බිත්ති පිටින් කඩලා තමයි සර්පයාව හොයන්නෙ.

    long term වැඩකට නං හරියන්නෙ නැහැ. වැඩි කාලයක් පවතින්නෙ නැහැ. ඕන නං modern structure එකක් හදල මැටි ගහන්න බලන්න පුලුවන් ඇති
    බිත්තිය ඔලුව උඩට පතබෑවෙයිද දන්නෙ නැහැ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,758
    113
    35
    Spain
    කොළඹ එවුන් ජිගි ජිගි කරද්දී කව්රුහරි එකෙක් මැටි බිත්තිය සිදුරු කරන් බලන් හිටියොත් :ROFLMAO:
    එච්චර ලේසි නෑ බන් ඒවා හිල් කරන්න. කණු අතරේ බට පතුරු තියල බැඳලා මැටි පුරවනවා. හරි හයියයි ඒවා. අපිත් පොඩි කාලේ තිබුන කටු මැටි ගෙයක්. එක අපේ තාත්තා පොඩි කාලේ ඉඳපු ගෙය. ඊට පස්සේ මුත්තා අලුතෙන් ගෙයක් හැදුව. එක හැදුවෙත් කුඩ ගල් මැටි යොදාගෙන. සිමෙන්තියෙන් කපරාදු කළා. පොළොව මැටි ගඩොල්. උඹල විශ්වාස කරපල්ලා. ඔය ගේ තාම හොඳට තියෙනවා. පරණ ගෙදර කුස්සියක් විදියට තිබුන. අපි පුංචි කාලේ ලිප ළඟ ඇන තියාගෙන ඉන්නවා. ලිපට දර දැම්ම ම සිදුරු තියෙන දර වලින් දුම් එන හැටි තාම මතකයි. උදේ සීතල වෙලාවේ ඔය ලිප ගාව ඉඳගෙන පොල් රොටියක් කනවා. ඒ කාලේ තමයි ජීවිතේ හොඳම කාලේ. කරන්ට් තිබ්බේ නැහැ. අපි රෑට චිමිනි ලාම්පුව සබන් දාල සෝදලා පිහිදාළ (නැත්නම් පුපුරනවා) පත්තු කරනවා. රෑට මේරු පුංචි පිහාටු තියන සත්තු මේකට ඇදිලා එනවා. අපි ඉස්කෝලේ චිත්‍ර අඳින්න ගත්තු පැස්ටල් කූරු චිමිනියේ උලනවා. ඉටි වගේ උණු වෙලා වැක්කෙරෙනවා.

    දෙනියාය වැස්ස තියෙන පළාත නිසා වෙන්න ඇති. අපේ කළු ගල් කඩන බර මිටි වලින් ගහල පරණ ගේ කැඩුවේ . එකත් හරි අමාරුවෙන්.
    ------ Post added on May 31, 2026 at 8:55 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,135
    113
    New Zealand
    ඕක හදල සරමක් ගහන් දොරකඩට වෙලා හිටියොත් නිකම්ම අස්වැසුමත් ගන්න පුළුවන් වේවි බන්. ළමයි හතර පස් දෙනෙකුත් ඉහෙන් කටින් එල්ලන් ෆොටෝ ගහල FB දැම්ම නම් නිකම්ම අනිත් වියදම් ටිකත් කවර් කරගන්න පුළුවන් වේවි. :ROFLMAO:
    brain-brain-meme.gif
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    එච්චර ලේසි නෑ බන් ඒවා හිල් කරන්න. කණු අතරේ බට පතුරු තියල බැඳලා මැටි පුරවනවා. හරි හයියයි ඒවා. අපිත් පොඩි කාලේ තිබුන කටු මැටි ගෙයක්. එක අපේ තාත්තා පොඩි කාලේ ඉඳපු ගෙය. ඊට පස්සේ මුත්තා අලුතෙන් ගෙයක් හැදුව. එක හැදුවෙත් කුඩ ගල් මැටි යොදාගෙන. සිමෙන්තියෙන් කපරාදු කළා. පොළොව මැටි ගඩොල්. උඹල විශ්වාස කරපල්ලා. ඔය ගේ තාම හොඳට තියෙනවා. පරණ ගෙදර කුස්සියක් විදියට තිබුන. අපි පුංචි කාලේ ලිප ළඟ ඇන තියාගෙන ඉන්නවා. ලිපට දර දැම්ම ම සිදුරු තියෙන දර වලින් දුම් එන හැටි තාම මතකයි. උදේ සීතල වෙලාවේ ඔය ලිප ගාව ඉඳගෙන පොල් රොටියක් කනවා. ඒ කාලේ තමයි ජීවිතේ හොඳම කාලේ. කරන්ට් තිබ්බේ නැහැ. අපි රෑට චිමිනි ලාම්පුව සබන් දාල සෝදලා පිහිදාළ (නැත්නම් පුපුරනවා) පත්තු කරනවා. රෑට මේරු පුංචි පිහාටු තියන සත්තු මේකට ඇදිලා එනවා. අපි ඉස්කෝලේ චිත්‍ර අඳින්න ගත්තු පැස්ටල් කූරු චිමිනියේ උලනවා. ඉටි වගේ උණු වෙලා වැක්කෙරෙනවා.

    දෙනියාය වැස්ස තියෙන පළාත නිසා වෙන්න ඇති. අපේ කළු ගල් කඩන බර මිටි වලින් ගහල පරණ ගේ කැඩුවේ . එකත් හරි අමාරුවෙන්.
    මැටි වලට අලුහුණු හරි සිමෙන්ති හරි කලවම් කරනවා නේ සමහරු
    එහෙම කරපුවා වෙන්න ඇති ඔය වගේ හයියට තියෙන්නෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,352
    3,230
    113
    බිත්තිය ඇතුලෙ ලී තියන නිසා නිතරම බිත්ති ඇතුලෙන් වෙයො එනවා. සමහර වෙලාවට වහින කාලෙට බිත්තිය අස්සෙන මෙරු එනවා හිල් හදාගෙන
    සමහර වෙලාවට බිත්ති අස්සෙ සර්පයො ඉඳලා අහු උනෝතින් බිත්ති පිටින් කඩලා තමයි සර්පයාව හොයන්නෙ.
    මේක ඇත්තක්. වේයෝ නම් සනිකව බෝ වෙනවා. කොහොමත් මැටි ගෙවල් ආයුෂ අව්රුදු 4-5. ඊට පස්සේ ගරා වැටෙන්න පටන් ගන්නවා ටිකෙන් ටික.
     
    • Wow
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,294
    7,772
    113
    කොළඹ එවුන් ජිගි ජිගි කරද්දී කව්රුහරි එකෙක් මැටි බිත්තිය සිදුරු කරන් බලන් හිටියොත් :ROFLMAO:
    ungen wenama ticket kadanawa :lol:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,245
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඇයි මිනිස්සු කටු මැටි ගෙවල් හදන්නේ නැත්තේ?

    මම පොඩි කාලේ හිටියේ කටු මැටි පැලක.

    කාමර දෙකයි. එළියෙන් පොඩි කුස්සිය.

    (මාර සනීපයි.. current තිබ්බේ නෑ.. කුප්පි ලාම්පුවක් තිබුණේ. TV තිබ්බේ නෑ.. බැටරි දාන radio එකක් තිබුණ.. සෙල්ලම් බඩු තිබ්බේ නෑ..)

    දුප්පත් නොවුනත්, මැටි වලින් ලොකුවට හරි ගෙයක් හැදුවොත් AC/Fan නැතුව ආතල් එකේ ඉන්න පුළුවන් නේද..
    Den itin gal yugaya ewarane pons
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    adoo math asai bn a life emata, math kawada hari inne meti geyaka aith, iluk thamai wahaleta set wenne
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,446
    3,812
    113
    ඕක හදල මැට්ටෙන්ම කපාරුව ගහපන්. ඊට පස්සෙ හුණු ගාපන්. එතකොට සර්පයොන්ට එහෙම නගින්න අමාරුයි. කෘමි හානිත් තරමක් දුරට අඩු වෙනව. ඇතුලටත් ගැහුවොත් අඳුරු ගතිය අඩු වෙනව. නැත්තං මැටි ගෙවල්වල කොච්චර ලයිට් දැම්මත් අඳුරු ගතියක් තියෙනව. වහලෙට රට උළු දාපන්. ලී සිවිලිමකුත් ගැහුවොත් වහලෙන් මොකෙක්වත් වැටෙන අවදානමත් අඩු වෙනව. පට්ට කූල්. රස්නයක් එන්නෙම නෑ වගේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,808
    113
    ඒ කාලෙ මෙහෙම රස්නයක් තිබ්බ කියල මතක නෑනෙ බන්
    ඒක ඇත්ත බං. 90 ගණන් වල අපි එළියේ පැය ගනන් සෙල්ලම් කළා කිසි ගානක් නැතුව. දැන් විනාඩි 5ක් වත් අව්වේ ඉන්න බෑ. ඩිප්‍රෙෂන් වගේ.
     
    • Like
    Reactions: Sonik Sonik