🎬 අභිරහස් ඝාතන‍යක් වටා ගොඩ නැගෙන කතාවක් ඇතුළත් වුණු "Crime Thriller" කාණ්ඩයට අයත් සිනමාපටයක් - Tell No One (2006) 🎞️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,817
    152,418
    113
    "Alexandre Beck" වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. "Alexandre' ගෙ බිරිඳ වුණු 'Margot' නන්නාදුනන කෙනෙක් අතින් ඝාතනයට ලක්වෙන්නෙ 'Alexandre' යි, 'Margot' යි "Lake Charmaine" කියන ප්‍රදේශයෙ නිවාඩුවකට ගිහිල්ලා හිටපු අතරවාරයකදියි. කොහොම නමුත් මේ ඝාතනය ගැන සැකේ මුලින්ම එල්ල වෙන්නෙ 'Alexandre' ටයි. නමුත් 'Alexandre' වරදකාරයා කරන්න පුළුවන් විදිහෙ කිසිම සාක්ෂියක් විමර්ෂණ කටයුතුවලදි පොලීසියට සොයා ගන්න අවස්ථාව නම් ලැබෙන්නෙ නෑ ඊට අමතරව ඝාතන ගණනාවකටම සැකපිට අත්අඩංගුවට අරන් තිබුණු දාම ඝාතකයෙක් 'Margot' ගෙ ඝාතනයට සම්බන්ධයි කියලා පොලීසිය සැක කළත් අන්තිමේදි ඒ සැකෙත් අයින් කරගන්න පොලීසියට සිද්ධ වෙනවා පැහැදිලි සාක්ෂි නොතිබුණු නිසා. ඒ නිසා 'Margot' ගෙ මරණය නොවිසදුණු ඝාතන ගොන්නට දාන්න පොලීසියට සිද්ධ වෙනවා.

    කාලය ඔහොම ගෙවිලා ගිහින් 'Margot' ගෙ ඝාතන සිද්ධිය වෙලා අවුරුදු 8 ක් ගත් වුණු තැන 'Margot' ගෙ ඝාතනය සිදු වුණු ප්‍රදේශයෙ තිබිලා නන්නාදුනන පිරිමි පුද්ගලයො දෙන්නෙක්ගෙ මළ සිරුරුවල කොටස් සොයා ගන්න ලැබෙනවා පොලීසියට. ඒ සිදුවීමෙන් දවස් කීපෙකට පස්සෙ "Alexandre' ගෙ ඊ-මේල් ලිපිනයට නන්නාදුනන ඊ-මේල් ලිපිනයකින් වීඩියෝ ක්ලිප් එකක් ඇටෑච් කරපු ඊ-මේල් පණිවුඩයක් ලැබෙනවා. මේ ඊ-මේල් පණිවුඩේ තිබ්බෙ මොකද්ද? 'Margot' ගෙ මරණය පිටිපස්සෙ හැංගිලා තියෙන අභිරහස මොකද් ද? මේ අපරාධයට සම්බන්ධ අය කවු ද? මෙන්න මේ කාරණාවලට උත්තර හොයන්න යද්දි "Alexandre' මුහුණ දෙන අන්පේක්ෂිත විදිහෙ සිදුවීම් දාමයක් ගැන කතා පුවතක් තමයි 2006 වසරෙ තිරගත වුණු "Tell No One" (French: Ne le dis à personne) කියන ප්‍රංශ භාෂා චිත්‍රපටියෙන් අරන් එන්නෙ.



    b_157328.jpg






    චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්ට අමතරව රංගන ශිල්පියෙකුත් වෙන "Guillaume Canet" විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය "Harlan Coben" කියන ඇමරිකානු ගත් කතුවරයා විසින් "Tell No One" කියන නමින්ම රචනා කරපු නවකතාව ඇසුරු කරගෙන තමයි නිර්මාණය කළේ. චිත්‍රපටියෙ තිර පිටපත රචනා කළේ අධ්‍යක්ෂ "Guillaume Canet" සහ "Philippe Lefebvre" විසිනුයි. François Cluzet, Marie-Josée Croze, André Dussollier, François Berléand, Nathalie Baye, Jean Rochefort වගේ ප්‍රංශ සිනමාවෙ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් වගේම ප්‍රවීණ වගේම සම්මානනීය රංගන ශිල්පිනියක් වෙන බ්‍රිතාන්‍ය ජාතික "Kristin Scott Thomas" ත් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වුණා.

    MV5BMTQzMzk5NjM1OV5BMl5BanBnXkFtZTgwNDk0MjAwMjE@._V1_.jpg

    Tell-No-One-2006.jpg


    scale_1200
    MV5BMTg2NTE5ODE4OV5BMl5BanBnXkFtZTgwNTk0MjAwMjE@._V1_.jpg


    scale_1200
    i


    ප්‍රංශයේ ජාතික සිනමා සම්මාන උළෙල වෙන "César Award" හි 2007 වසරේ පවත්වපු සම්මාන උළලෙදි වසරේ හොදම අධ්‍යක්ෂණය, හොදම රංගන ශිල්පියා ඇතුළුව සම්මාන 4 ක් දිනාගන්නත් මේ චිත්‍රපටියට හැකි වෙලා තියෙනවා .


    අන්තිම වෙනකම් කුතුහලයෙන් බලන්න පුළුවන් Thriller/Crime/Mystery කියන 'genres' වලට අයිති වෙන කතාවක් තියෙන හුගක් හොද චිත්‍රපටියක්. බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න
    . :yes:

    ✍️ සටහන: @Stimulus mind 🎞️

     

    MindNipun

    Junior member
  • Jun 4, 2026
    32
    31
    18
    "Alexandre Beck" වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. "Alexandre' ගෙ බිරිඳ වුණු 'Margot' නන්නාදුනන කෙනෙක් අතින් ඝාතනයට ලක්වෙන්නෙ 'Alexandre' යි, 'Margot' යි "Lake Charmaine" කියන ප්‍රදේශයෙ නිවාඩුවකට ගිහිල්ලා හිටපු අතරවාරයකදියි. ....

    France (Samanyayen European movies) movies godak honda ewwa thiyenawa Hollywood walata sapekshawa.
    European viewerslath hena quality man hitanne American crowd ekata wadaa.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,418
    113
    Machan babygirl wage tawa movies nadda
    මේ ෆිල්ම් එකේ තියෙන කතාවෙ ටයිප් එක ඔය ෆිල්ම් එකට ටිකක් විතර සමානයි. මේක නම් 'crime thriller"ටයිප් එකේ එකක්. හොද ෆිල්ම් එකක්.

    Side Effects (2013)​

    MV5BMTc2MzY0NDAwOF5BMl5BanBnXkFtZTcwMTE1Mzc4OA@@._V1_FMjpg_UX1000_.jpg
     

    Sinha Le

    Active member
  • Jun 4, 2026
    129
    80
    28
    මූ හරියට මේක දාලා තියෙන්නෙ මූ Direct කරපු ෆිල්ම් එකක් වගේ. අනේ පොන්නයො අපිට Youtube තියෙනවා ට්‍රේලර්ස් බලන්න. Imdb තියෙනවා Rottentomatos තියෙනවා Reddit තියෙනවා රිවියුස් බලන්න. මූ නිකං පරණ ෆිල්ම් එකක් උස්සං එන්නෙ මූ හොයා ගත්තා වගෙ වේසිගෙ පුතා. ඉස්සරත් ඕකනෙ කරේ කොහෙන් හරි හුත්තක් අරගෙන ඇවිත් ලයික් හිඟා කනවා. ඇයි ආයෙ මේකට ආවේ උඹලගෙ Whatsapp ගෘප් එකට වෙලා කොල්ලො ගහපං. 🤭🤡🖕
     
    • Angry
    Reactions: krisco