ශ්‍රී ලාංකික සැකකරුවෙකු සොයා වික්ටෝරියා පොලීසියෙන් විශේෂ මෙහෙයමුක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,363
    7,073
    113
    Police-1.jpg



    මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බරපතළ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු වන D. Lahiru සොයා වික්ටෝරියා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

    ඔහු Noble Park ඇතුළු මෙල්බන්හි දකුණු-නැගෙනහිර ප්‍රදේශවල නිතර දැකගත හැකි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

    Methamphetamine (meth) මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු බරපතළ අපරාධ චෝදනා කිහිපයකට ඔහු සම්බන්ධ බවට සැක පවතියි.

    ඒ සමඟම ඔහුට එරෙහිව නඩු කිහිපයක්ද පවතින බව වික්ටෝරියා පොලීසිය වාර්තා කළා.

    Melbourne southeast ප්‍රදේශවල සිදුවූ මත්ද්‍රව්‍ය ජාවාරම්, වාහන සොරකම් සහ නිවාස කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් සොයාදීම සඳහාද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා.

    අදාළ සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර පොලිසිය විසින් මහජනතාවට මුදාහැර ඇති අතර, තොරතුරු දන්නා අය වහාම පොලිසියට දැනුම් දෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.

    පොලිසිය පවසන්නේ මෙම සැකකරුවන් බොහෝවිට දකුණු-නැගෙනහිර මෙල්බන් ප්‍රදේශවල ගමන් කරන බැවින් ප්‍රදේශවාසීන් විශේෂ අවධානයෙන් සිටිය යුතු බවයි.