kagwtah ekak newe attention dunnama penawa.man tama dakke ne nirdoya.but vinyanaya rawtanna widiya terenawa.mageth input ekak damme so baraganna eka obe athe.
හරි. නිරෝධය දැකලා නැහැ කියමු..
මෙතෙන්දි තමයි ගුණාංග ඉතා වැදගත් වෙන්නේ. මේ අපි already දන්න, දැකලා තියෙන දෙයක්වත්, සංකල්පයක් විදිහට තේරුම් ගන්න පුලුවන් දෙයක් වත් නෙමෙයි.
දන්නැති දෙයක් හොයන්නෙ.
දන්නැති දෙයක් ගැන පෙර නිගමන වලට එන්න බැහැ.
දන්නැති, දැකලා නැති දෙයක් දන්න, දකින කළ්‍යාණ මිත්‍රයා ජජ් කරන්නත් බැහැ.
බුදුහාමුදුරුවෝ සෝතාපන්න වෙන්න අංග 4 ක් පෙන්නනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය.
නොදන්න නොදකින කෙනා, මොකක්හරි අහගෙන, ලෞකික සංකල්පයක් ඔලුවට දාගෙන, ඒ දාගත්ත සංකල්පය ඉන්ද්රිය අත්දැකීමෙන් හෙව්වා කියලා නිවන හම්බෙන්නැහැ, imho.
මුලින් සක්කාය දිට්ටිය නැති වෙන්න. සක්කාය දිට්ටිය නැති වෙන්න සක්කාය පිරිසිද දකින්න ඕනේ. අවිද්‍යාව දකින්න ඕනේ. ඔය යෝනිසෝ මනසිකාරයෙන් උපදින්නේ ධර්මය ශ්‍රවනය කරන ගමන් තමා තුලින් විමසීමෙන්/ අහපු ධර්මය පස්සේ තමා තුලින් විමසීමෙන්/ ලියලා තියෙන එකක් කියවන ගමන් තමා තුලින් විමසීමෙන්, imho.
නිරෝධය දැකලා නැත්තම්, බුදුහාමුදුරුවෝ දේශනා කරපු සෝතාපත්ති අංග වලින් එකක් අතෑරලා දාලා, තේරුම් ගත්ත සංකල්පයක් ඉන්ද්රිය අත්දැකීමේ හොයන එක practice එකක් විදිහට කරන ගියහම නිරෝධය දකින්න පුලුවන්ද?
හුදු practice එකකින් නිරෝධය දකින්න පුලුවන්නම්, ඇයි බුදුන් ධර්මය දේශනා කරන්න කලින් දැහැන් වඩපු අය ඔය ගැප් එක දැක්කේ නැත්තේ?