වැලිමඩ 12හැවිරිදි දරුවා මවුලවි මැරූබවට දෙමාපියන්ගෙන් චෝදනා!
වැලිමඩ මද්‍රසා පාසලක ඉගෙනුම ලබමින් සිටි 12 වියැති දරුවකු පසුගියදා හදිසියේ මරණයට පත්වීම තුළ අභිරහසක් ඇතැයි දෙමවුපියෝ චෝදනා කරති.
ඔවුන් පවසන්නේ එය ඝාතනයක් බවත්, පාසලේ මවුලවී ඊට සැක බවයි.
මේ සිද්ධිය මුල්කර ගනිමින් එම ප්‍රදේශයේ ජනතාව වැලිමඩ මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට ඊයේ (14) උද්ඝෝෂණයක ද නිරත විය.
මවුලවී ඝාතනය සිදුකොට එය ගෙල වලලා ගැනීමක් ලෙස පෙන්නුම් කර ඇති බවට විරෝධතාකරුවෝ චෝදනා කරති.
මවුලවී ගෙල වැලලා ගත් ස්ථානයට පොලිසිය කැඳවා නොමැති බවත්, මවුලවී ඉතා කූට ලෙස මියගිය දරුවා රෝහල් මෝචරියට යවා ඇති බවත් වාර්තා වේ.
ගෙල වැලලා ගැනීමට භාවිතා කළ රෙදි කඹය පමණක් මරණ පරීක්ෂණයට ඉතිරි කර ඔහු එය සිදු කර ඇති බවද පැවසේ.
එම රෙදි කඹය බැඳ තිබුණේ කිලෝ 5ක් වත් ඉසිලියය නොහැකි PVC බටයක බවද වාර්තා වේ.
දරුවාගේ මළ ගෙදරට මවුලවී පැමිණ නැති අතර, මියගිය දරුවා සිටි පන්තියේ සිසුන් 60ක් පමණ වෙතත් ඔවුන් කිසිවකුද මළ ගෙදරට පැමිණ නැතැයි පැවසේ.
වැලිමඩ මද්‍රසා පාසලේදී මියගිය කුඩා මොහොමඩ් ශහ්දි දරුවාට යුක්තිය ඉල්ලමු…
කුඩා දරුවෙකුගේ ජීවිතය අහිමි වීම කිසිසේත්ම සාමාන්‍ය සිදුවීමක් නොවේ.
සිදුවූ දේ පිළිබඳ සම්පූර්ණ සත්‍යය ජනතාවට හෙළි කළ යුතු අතර, වගකිවයුත්තන් කවුරුන් වුවද නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.
අනුරාධපුරයේ දරුවා වෙනුවෙන් රටම කතා කළා නම්, වැලිමඩේ මොහොමඩ් ශහ්දි දරුවා වෙනුවෙන්ත් එකම හඬක් නැගිය යුතු නැද්ද?
යුක්තියට ජාතියක්, ආගමක්, වර්ගයක් තිබිය නොහැක.
දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් ද්විත්ව ප්‍රමිතීන් නොව, සාධාරණ හා ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි.
අපට අවශ්‍ය වන්නේ යුක්තියයි.
සටහන :. Sheikh Irshad Shabudd

