මම යූස් කරලා තියනවා Tokyo Superseal 2K ඒක හොඳටම හොඳයි
30Kg කියන්නෙ පැකට් 10යිනේ, තනියම කරගන්නත් පුලුවන් ඕන නං. මම එහෙමයි කරේ
මුලින් ස්ලැබ් එක ක්ලීන් කරා හොඳට ප්‍රෙශර් වොශර් එකෙන් සහ වයර් බ්‍රශ් වලින්
ඊලඟට ස්ලැබ් එක වටේ තියන තාප්පෙ මුල්ල අංශක 90ටමනේ තියෙන්නෙ මුල්ල පොඩ්ඩක් සිමෙනනතියෙන් පිරවුවා ටිකක් රවුම් ගතියක් එන්න. අංශක 90 ට තියන තැන් වල waterproof එක තුනියට ගෑවෙන්න ඒක නිසා ඒ තැන් පොඩ්ඩක් රවුමට/curve ශේප් එකට හදාගන්න වෙනවා
පස්සෙ වෝටර්පෘෆ් එකේ තියන පොලිමර් එකයි කුඩු එකයි කලවම් කරගත්තා පේන්ට් මික්සර් එකකින්. මේක හයි වෙනවා ඒක නිසා විනාඩි 10න් වගේ ගාන්න පුලුවන් ප්‍රමානෙ විතරයි හදන්නෙ. මම නං පැකට් දෙකක් වගේ එක සැරේ මික්ස් කර ගත්තෙ
ඊට පස්සෙ ලොකු පින්සලිකින් හෙමීට ගාන්න තියෙන්නෙ
ලේයර් දෙකක් ගාන්න ඕන. එක ලේයර් එකක් ගාල වේලුනාට පස්සෙ අනෙක් ලේයර් එක කලින් ගාපු එකට හරස් අතට ගාන්න ඕන (පලවෙන ලේයර් එක උතුර-දකුන පැත්තට ගෑවා නං දෙවනි ලේයර් එක නැගෙනහිර - බස්නාහිර පැත්තට වගේ)
මගේ ස්ලැබ් එක වටේම තාප්පයක් වගේ තියනවා ඒක නිසා වතුර බැහැල යන බට තියනවා මම කරේ මුලින්ම ඒ බට තියන තැන් වල ගාපු එක
මේක ගෑවම වටේ තාප්පයක් තියනවා නං ස්ලැබ් එක උඩ නිකන් ටැංකියක් හැදුව වගේ වතුර පිරේවි හරියට වතුර බහින්න තැන් හදලා නැත්තං ඒක වෝටර් පෘෆ් ගාන්න කලින් හොඳට හිතලා කරන්න
ඊට පස්සෙ මේක පෑගෙන තැනක් නං waterproof එක උඩ තුනියකට කපරාරු කරන්න ඕන. ඒකත් වතුර හොඳට බැහැල යන විදියට ස්ලෝප් එකක් තියලා
PS : මට මේ දාල තියන ගාන ගැන ප්‍රශ්නයක් තියනවා
මේක එන්නෙ කිලෝ 3 පැකට්. මම ගාපු කාලෙත් එකක් ගත්තෙ 2000 ගානකට(අවුරුදු 5ට විතර කලින්). කිලෝ 30 කියන්නෙ පැකට් 10ක් නේ 22500 කියන්නෙ එක පැකට් එකක් 2250යි. ඒක පොඩ්ඩක් අසාමාන්‍ය අඩු ගානක් වගේ මට හිතෙනවා
online ගනං බැලුවම 3300-5000 අතර රේන්ජ් එකේ තමයි විකුනන්න තියෙන්නෙ
පැකට් 10ක් 22500ට පොඩ්ඩක් ශුවර් නැහැ වගේ
ඕකෙ තව 1K කියලා එකක් එනවා. ඒක වතුරෙන් දිය කරන්න ඕන. ඒක 2K එක තරං හරි නැහැ
2K කියලා 1K වල ගානද බලපන් දාල තියෙන්නෙ