01 රෝගියෙකුට උපස්ථානය
ප්‍රශ්නය
ගෞරවනීය ස්වාමීන් වහන්ස, රෝගියෙකුට උපස්ථානය කිරීම බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයක් සේ සලකනවද?
පිළිතුර
නෑ මහත්තයෝ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කොතැනකවත් රෝගීන්ට උපස්ථානය කිරීම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමක් කියලා දේශනා කරලා නැහැ. සමාජයේ දැන් මතයක් තියෙනවා, නමුත් ඒක සම්පූර්ණ දුර්මතයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ, යමෙක් රෝගියෙකුට උපස්ථාන කරනවා නම් ඔහු මම කියපු දේ / කරපු දේ කරපු කෙනෙක් වෙනවා. මම යමක් දේශනා කරලා තියෙනවද ඒ දේශනා කරපු දේ මම කරපු දේ කරපු කෙනෙක් වෙනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් රෝගියෙකුට උපස්ථාන කිරීම බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයක් නෙමේ.
ඔබ එහෙම හිතනවානම් කවදාකවත් ඔබට ශ්‍රද්ධාව කියන කාරණය නම් සකස් කර ගන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ අයෝමය ගුණයන්, අයෝමය ඥානයන්ගෙන් පරිපූර්ණ වූ කෙනෙක්. රෝගියෙක් කියන්නේ කවුද? සමහර විට එයා පංච සීලය විතරයි සමාදන් වෙලා තියෙන්නේ. සමහර විට එයා පංච සීලයත් සමාදන් නොවී ඉන්න පුළුවන්. එහෙමනම් කවදාකවත් බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයයි, රෝගියෙකුට කරන උපස්ථානයයි එකක් වෙයිද? නැහැ ඒක වෙනස්.
ඒ නිසා හැම වෙලාවෙම රෝගියෙකුට කරන උපස්ථානය කියලා කියන්නේ ඒ රෝගී තැනැත්තාට කරන උපස්ථානයක්. නමුත් බුදුරජාණන් වහන්සේ කියපු දේ කරපු කෙනෙක්. ඒක තේරුම් ගන්න ඕනේ. අපි රෝගියෙකුට උපස්ථාන කරන්නේ නැත්නම් අපි බුදුරජාණන් වහන්සේ කියපු දේ කරන්නේ නැති කෙනෙක් බවටයි පත්වෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමක් කියන කාරණය රෝගියෙකුට උපස්ථාන කිරීමෙන් ඉෂ්ට වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියපු දේ කරන්නේ නැති කෙනෙක් බවටයි එයා පත්වෙන්නේ. ඒක තේරුම්ගන්න ඕනෑ.
රෝගීන්ට උපස්ථාන කරන රෝහල් තියෙන නිසයි මේ මතක් කරන්නේ. මොකද මම අඳුනන එක නර්ස් නෝනා කෙනෙක් හිටියා. එයා දැන් නම් මිය පරලොව ගිහිල්ලයි ඉන්නේ. මම හිතන්නේ අවුරුදු 40 ක් විතර එයාගේ සේවා කාලයක් තිබුණා. ඒ සේවා කාලය පුරාවටම එයා පන්සල් ගියේ නැහැ. පන්සලෙන් දානයක් ආවොත් සල්ලි යවනවා. එයා හැම වෙලේම උදම් ඇනුවේ මම රෝගීන්ට කරන දේ මට ප්‍රමාණවත් කියලා. නෑ නෑ මම මෙච්චර කරනවා. ඕටී ගන්නේ නැතුව 6 ට ඉන් වෙලා 9 වෙනකම් රෝගීන් බලනවා. මම මෙච්චර දේවල් කරනවා. මම මෙච්චර උපකාර කරනවයි කියලයි හිටියේ. නමුත් ඒ නිසාම එයා තෙරුවන් සරණේ පිහිටියේ නැහැ. සිල් සමාදන් වෙන්න ගියෙත් නැහැ. එයා බුදුරජාණන් වහන්සේගේ සරණින් බැහැර වෙලා රෝගීන්ගේ සරණ සොයා ගෙන තමයි ගියේ. නමුත් මේ අම්මා විශ්‍රාම ගිහිල්ලා අවසානයේ අසනීප වුණා. මම දන්න තරමින් මාස 9 කට වඩා අධික කාලයක් දැඩි ආකාරයෙන් රෝගී වෙලා ඇඳේ සිටියා. ඉතාමත් දුර්බල ආකාරයෙන් රෝගී වෙලා ඇඳේ හිටියා. නමුත් ඒ අවස්ථාවල දී එයාට මතු කරල ගන්න කුසලයක් තිබුණේ නැහැ. මොකද තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ සීලය කියන්නේ, අයෝමය ශක්තීන්, බලයන්.
ඒ නිසා රෝගියෙකුට උපස්ථානය කරනවා කියන කාරණය ශක්තිමත් කුසලයක් ලෙස අපට මතුකර ගන්න බැහැ. මේක තේරුම් ගන්න ඕනේ. එහෙනම් රෝගී උපස්ථානය හැම වෙලාවෙම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශක්තිමත් කර ගන්න ඕනෙ. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශක්තිමත් වෙලා සීලයෙන් ශක්තිමත් නම් අන්න රෝගී උපස්ථානය ශක්තියක් වෙලා එනවා.
ඒ නිසා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළින් බැහැර වෙලා, සීලයෙනුත් බැහැර වෙලා, අපි හිතනවානම් රෝගී උපස්ථානය තුළින් පමණක් මට සුගතිය සකස් වෙයි කියලා ඒක නම් කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මං හොඳටම දන්නවා අර මැණියන්ට ඒක සිද්ධ වුණේ නැහැ. අවසානෙ මැරෙන වෙලාවෙ එයාට මතු කරගන්න ශක්තිමත් කුසලයක් තිබ්බේ නැහැ. එයා ප්‍රමාද භාවයට පත්වුණා.
ඒ නිසා නිරතුරුවම බුදුරජාණන් වහන්සේගේ සරණ තුළටම එන්න. සීලයේ සරණ තුළටම එන්න. එහෙම ඇවිල්ලා රෝගීන්ගේ උපස්ථානය සිද්ධ කරන්න. ඒ තුළින් එය ශක්තියක් බවට පත් කර ගන්න පුළුවන්.
~~රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේ සමග කරපු කාලේන ධම්ම සාකච්චා පොතෙන්~~