මගේ බර්ත්ඩේ එක දවසේ කඩේදී වුණු දේ: අන්තිමට හම්බුණු දවසේ මම කිව්වා අපේ ගෙදර අලුත්වැඩියාවක් තියෙනවා, ඒකට සල්ලි ඉතුරු කරගන්න ඕනේ කියලා. එන්න හදද්දී මම කිව්වා "ඔයාට මොනවා හරි අරන් දෙන්න යන්" කියලා. (කලින් දවසේ මගේ බර්ත්ඩේ එක). මෙයා ෂර්ට් එකක් අරන් ලස්සනයි කිව්වා. මම හිතුවේ මගේ බර්ත්ඩේ එකට ඒකට එයා සල්ලි දෙයි කියලා. කොහොම හරි ඒක බෑග් එකට දාගත්තා, එයාටත් එකක් ගත්තා. තව දේවල් වගයක් එයාම ගත්තා. මට පර්ස් එකකුත් ගත්තා. මම හිතුවේ එයා මට අරන් දෙන්න යනවා කියලා. අන්තිමට මම පර්ෆියුම් එකක් ගන්න ඕනේ කියලා බලද්දී, "එහෙනම් මේකට මම දෙන්නම්, ඔයා පර්ස් එකට දෙන්න" කිව්වා. කැෂියර් එකේ ඉද්දිත් තව දේකුත් අරන් බෑග් එකට දැම්මා "ඔයාට තමයි දඩේ වදින්නේ" කිය කියා. අන්තිමට ලොකු බිලක් මගේ බර්ත්ඩේ එක දවසේ මටම ගෙවන්න වුණා.
Duwapaaaan.