ඇයි? උබ හිතුවාද මම බෲනෝ කඩේ යන හැටි දැකලා නෑ කියලා. පොඩ්ඩක් අනුර කුමාර ජනාධිපතිවරණෙ දිනන්න ඉස්සෙල්ලා බෲනෝගේ වීඩීයෝස් බලපන්කෝ. බලා ගන්න පුළුවන් කොහොම කඩේ යෑමක් යනවාද කියලා අනුරට.
එක එකාට යූටියුබ් වලින් උබලාගේ මොල හෝදන්න දෙන් නැතුව පොඩ්ඩක් උබලාම හිතලා මතලා තීරණ ගනිල්ලා.
මේ වීඩියෝ එක සම්පූර්නෙන්ම මම බැලුවේ නෑ. මම පස්සේ බලන්නම් ලොකු වෙලාවක් යන නිසා.
ඔය වීඩියෝ එකෙ කරන්න හදන්නේ ශානීවයි රවීවයි බේරන්න හදන එක.
ඕකේ එක තැනක කියනවා ශානීට විරුද්දව එක පාරක් කරපු පැමිණිල්ල විභාග කරේ නෑලු පොලිස්පති ඒකට අත්සන් කරලා තිබ්බේ නැති නිසා. ආයි පාරක් ඒ පැමිණිල්ලම දැම්මාලු ශානිට විරුද්දව පරීක්ශණ කරන්න. මේ වීඩියෝ එකේ උලුප්පලා පෙන්නන්න හදන දේ තමා ශානිට විරුද්දව ඊළඟ පැමිනිල්ල දැම්මේ රවී සහ ශානි එන්.පී.පී එකේ සාකච්ඡාවට සහභාගීවීමෙන් පස්සෙ කියන එක. ඊළඟට ඒ පැමිණිල්ලට අත්සන් කරපු පොලිස්පති දේශබන්දු කියන එක. (දේශබන්දුට විරුද්දව චෝදනා එල්ල උනත්, ඒවා ඔප්පු වෙලා නැති උනත් ඒකේ ඉන්නේ පොරවල් කතා කරන්නේ ඌව වැරදි කාරයා කරලා.). ඊළඟට ඒ අත්සන් කරපු දේශබන්දු සති තුනකට පස්සේ තනතුරින් ඉවත් කලා කියන එක.
අනිත් එක ඔය තරිඳු කියන එකා සාක්ශි වශයෙන් ඉදිරිපත් කරන ගොඩක් ලියුම් පොලිස් දෙපාර්ථමේන්තුවේ අභ්‍යන්තරව ගනුදෙනු වෙච්ච ලිපි. ඒ ලිපි වල තියෙන්නේ "පරීක්ශණ අවසන්", "ප්‍රමානවත් තරම් සාක්ශී සපයා ගත නොහැක" වගේ දේවල්. ඒ අතරෙම මතකෙට ගන්න ලංකාවේ දූශිතම ආයතන අතරින් පොලිස් දෙපාර්ථමේන්තුවට තියෙන ස්ථානේ කීයද කියන එක. කොටින්ම පොලිස්පති වෙච්ච දේශබන්දුට තියෙන එක චෝදනාවක් තමා පොලිස් දෙපාර්ථමේන්තුවේ නිළදාරීන් තමන්ගේ පුද්ගලික මෙහෙයුම් වලට යොදා ගත්තා කියන එක.
------ Post added on Jun 24, 2026 at 2:59 PM