අම්මෝ ඔව්.
අමරසිරි පීරිස් මහත්මයාගේ සල් සමන් සුඟන්ධිනී ගීතය ඇහෙද්දි මම අන්තිමට කළ සැබෑම ප්‍රේමය මතක් වෙනවා.
මම දන්නවා ඔයා මේ එළකිරි එකෙත් හොරාට එනවා යනවා කියලා.
ඔයා තවම මගේ profile ගැන හොයනවා කියලා මම දන්නවා. හැබැයි ඔයාට පොරොන්දු වුන විදියට මම ඔයාව Chase කරන්නේ නෑ.
මේක ඔයා දැක්කොත් මට ඔයාට කියන්න තියෙන්නේ, අද වෙද්දී මම ඔයාට අනුව නරකම නරක කෙනෙක් වුණත්, ඔයාගේ ළඟ ඉන්න කාලේ මම ඔයා කැමතිම කෙනා වෙන්න කරන්න පුළුවන් හැම කැප කිරීමක්ම කළා.
ඔයා ගියාට පස්සේ මට ආපහු ජිවිතේ යහපත් කෙනෙක් වෙලා පෙන්නන්න තරම් වටිනා කෙනෙක් ලැබුණේ නෑ.
ඉතින් මම මේ ජීවිතේට අයාලේ යන්න දුන්නා.
ඔයා ඉතාම වැදගත් විදියට ජීවත් වෙනවා කියලා මම දන්නවා. ඉඳලා හිටලා රූපවාහිනියේ දකිනවා.
ඔයාගේ මතක මැද තමයි අදටත් මම සුවෙන් සැතපෙන්නේ.
බෂා එකේ ඔයා මේ සින්දුව කියද්දී මම ආඩම්බරෙන් බලන් හිටිය ඒ හැන්දෑව මම මැරෙන වේලාව වෙනකම් මට මතක තියේවි..!



