🎬 සංස්කෘතීන් දෙකක් අතර වූ ඝට්ටනයට මැදි වුණු ආදරයක යටගියාව සොයා යෑම - Heat and Dust (1983) ❤️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    බ්‍රිතාන්‍ය යටත් විජිත සමයෙදි ඉන්දියාවෙ වාසය කරපු බ්‍රිතාන්‍ය රාජ්‍ය නිලධාරියෙක්ගෙ බිරිඳ වෙච්ච බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වුණු 'ඔලීවියා' සහ ඉන්දියාවෙ නවාබ්වරයෙක් (Nawab) අතර තිබ්බ සංකීර්ණ ආදර සම්බන්දතාවයක යටගියාව ගැන සොයන්න 'ඔලීවියගෙ' සහෝදරියගෙ මිණිපිරිය (great-niece) වුණු 'ඇනා' කියන බ්‍රිතාන්‍ය ජාතික තරුණ කාන්තාව දශක 6 කට විතර කාලෙකට පස්සෙ ඉන්දියාවට ඇවිල්ලා ගන්න උත්සාහය ගැන කතාවක් තමයි 1983 වසරේ තිරගත කරපු "Heat and Dust" චිත්‍රපටියෙන් අරන් එන්නෙ. ඔස්කාර් සම්මානලාභී තිර රචකයෙක් වගේම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුත් වෙන "James Ivory" විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය, ප්‍රසිද්ධ ගත් කතුවරියක් වුණු "Ruth Prawer Jhabvala" විසින් 1975 වසරෙදි රචනා කරපු "Heat and Dust" කියන නවකතාව ඇසුරු කරගෙන තමයි නිර්මාණය කළේ. චිත්‍රපටියෙ තිරපිටපත රචනා කළෙත් "Ruth Prawer Jhabvala" විසින්මයි. චිත්‍රපටියෙ කතාව 1920 දශකයත්, 1981 වසරත් කියන කාල වකවානු ද්විත්වය පසුබිම් කරගෙන එකිනෙකට සමගාමීව තමයි ගලාගෙන යන්නෙ.


    z5dl0J3qAYh8M5pw9yUOVQg5QrN.jpg





    බොලිවුඩ් සිනමාවෙ හිටපු සුප්‍රසිද්ධම රංගන ශිල්පියෙක් වුණු "Shashi Kapoor" ත්, 80, 90 දශකවල බටහිර සිනමාවෙ කැපී පෙනෙන චරිතවලට පණ පොවපු සුරුපී රංගන ශිල්පිනියක් වුණු "Greta Scacchi" සහ ඔස්කාර් සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනියක් වෙන "Julie Christie" ත් තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතවලට පණ පෙව්වෙ.


    3110.jpg

    DzsLizlWwAYrpzK-e1551713697170.jpg


    Heat-And-Dust.jpg

    heatanddust.jpg

    cd648c8727180b1530afb098664f0057.jpg

    1656489309-ec1d0e282814260917235e87439370f620bc27db.jpg

    maxresdefault.jpg


    මීට අමතරව ඉන්දියාවෙ ඉන්න සුප්‍රකට සංගීතඥයෙක් වගේම ප්‍රවීණ ම තබ්ලා වාදකයෙක් වෙන "Zakir Hussain" සහ අපි කවුරුත් හුගක් ආසාවෙන් බලපු "Robin of Sherwood" ටෙලි කතා මාලාවෙ 'ෂෙරිෆ්ගෙ' චරිතයට පණ පොවපු ප්‍රවීණ රංගන ශිල්පී "Nickolas Grace" ත් ඇතුළුව බ්‍රිතාන්‍ය ජාතික වගේම ඉන්දියානු ජාතික ප්‍රවීණ සහ නවක රංගන ශිල්පීන්, ශිල්පිනියන් රාශියකුත් "Heat and Dust" චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා.


    16262_5.jpg

    Greta+Scacchi+%2526+Nickolas+Grace+-+Heat+and+Dust+%25281983%2529.png


    චිත්‍රපටියෙ ඇතුළත් ප්‍රධාන කතාව වෙන ඔලීවියත්, නවාබ්වරයත් අතර තිබුණු ආදර කතාවට අමතරව ඊට පසුබිමින් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයෙදි ඉන්දියාව තුළ ජීවත් වුණු ස්වදේශික ඉන්දියානුවන් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් අතර සාමාජීය සහ සංස්කෘතික වශයෙන් පැවතුණු ඝට්ටනය වගේම එකිනෙකා කෙරෙහි දක්වපු ආකල්පයත් මේ චිත්‍රපටිය ඔස්සේ පෙන්නුම් කරන්න උත්සාහ දරලා තියෙනවා. ඔස්කාර් සම්මාන උළෙලට විතරක් දෙවැනි වෙන ලෝකයේ පවත්වන ප්‍රධානම සිනමා සහ රූපවාහිනී සම්මාන උළෙල වෙන 'BAFTA' සම්මාන උළෙලෙ 1984 වසරෙ පවත්වපු 37 වැනි සම්මාන උළෙලෙදි සම්මාන 8 කට (හොදම සිනමාපටය ඇතුළුව) නිර්දේශ වෙලා වසරේ හොදම අනුවාදිත තිර රචනයට (Best Adapted Screenplay) හිමි වෙන සම්මානයෙන් පිදුම් ලබන්නත් "Heat and Dust" චිත්‍රපටිය සමත් වුණා.


    ✨Historical drama / romantic drama කියන 'genres' වල චිත්‍රපටි බලන්න කැමති අය වෙනුවෙන් මේ චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් දැම්මෙ. මේ චිත්‍රපටියෙ තියෙන විශේෂ ම ලක්ෂණේ තමයි චිත්‍රපටියෙ පෙන්නන හැම චරිතයක් ම වගේ කළු හො සුදු චරිත කියලා අපිට එකඑල්ලෙ අගවන්නෙ නැතුව "moral ambiguity" ඇතුව නිරූපණය කරලා තියෙන එක. 'Cinematography' වගේම 'loactions' එහෙමත් හුගක් ලස්සනට පාවිච්චි කරලා රූපගත කරලා තියෙනවා මේ චිත්‍රපටියෙදි. බලපු නැති අය ඉන්නවා නම් බලන්න. හොද චිත්‍රපටියක්.

    ✍️සටහන: @Stimulus mind 🎞️

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,301
    12,060
    113
    35
    Spain
    ජවහර්ලාල් නේරු එහෙම කෙනෙක්නෙ බන්, එතුමා ඉන්දියාවේ අවසන් ඉංග්‍රීසි ආණ්ඩුකාර මවුන්ට් බැටන් ආදිපාදයාගේ බිරිඳ එක්ක මිතුරුකමක් පවත්වාගෙන ගියා. ඒ මිතුරුකම සාමාන්‍ය මිතුරුකමක් නෙවේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    TFS :cool: (y)



    ⭐Shashi Kapoor⭐ 💍 Jennifer Kendal 🤵‍♂️👰‍♀️

    වයිෆ් කැන්සර් එකෙන් නැති වුණාට පස්සෙ ඩිප්‍රෙස් වෙලා සෑහෙන අවුලෙන්ලු ශෂී කපූර් ඉදලා තියෙන්නෙ. ආයෙ මැරි කරන්නවත් හිතලා නැත්තෙ වයිෆ්ගෙ මරණෙ නිසා ආපු ෂොක් එකට කියලා කියනවා. නළු නිළියො අතරෙ ඔහොම අය ඉන්නෙ සෑහෙන කලාතුරකින්. 😔:love:

    කැරොල් ලම්බාර්ඩ් ප්ලේන් ක්‍රෑෂ් එකෙන් නැති වුණාට පස්සෙ ක්ලාර්ක් ගේබලුත් සෑහෙන ඩිප්‍රෙස් වෙලා ඉතුරු ජීවිත කාලෙම ඉදලා තියෙන්නෙ. ගේබල්ගෙ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකයි පර්සනල් ලයිෆ් එකයි දෙකම සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා ඔය සිද්ධියෙන් පස්සෙ.


    96bedad7d58bd03ee88fda447074ef1b
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    TFS

    Amazon prime එකෙන් series එකක් කරන්න මරු කතාව
    හොලිවුඩ්වල 'Political correctness" නිසා දැන් කාලෙ මේ කතාව අරගෙන TV series එකක් කරොත් නම් එක චරිත වලින් එක කොටසක් එහෙම්පිටින් ම 'morally' කළු චරිත කරලා අනිත් චරිත සුදු චරිත කරනවා අනිවා. අනික පරණ period piece ෆිල්ම්ස්වල, TV series වල තිබ්බ වයිබ් එක, වින්ටේජ් ගතිය, නළු නිළියන්ගෙ පෙනුම, ඇදුම් පැළදුම්වල ඉදලා 'cinematography' වෙනකම්ම වගේ ගත්තොත් ලොකු වෙනසක්, කොලිටියක් තිබ්බා දැන් අලුතෙන් එන ඒවවල නැති. ඩිජිටල් කැමරාවලින් ෂූට් කරන එක, නළු නිළියො හුගක් අය ප්ලාස්ටික් සර්ජරි කරන එක නිසා ස්වභාවික පෙනුම හුගක් අය ළග නැති එක වගේ හුගක් හේතු තියෙනවා. කොටින් ම දැන් හදන ෆිල්ම්ස්, TV series වල ''costumes' පවා සෑහෙන ලෝ කොලිටි විදිහට කරන්නෙ.