Wapdamwaptrick
wapking
rajawap

@tupac97 ගෙ අලුත්ම ත්‍රෙඩ් එක දැකලා මතක් උනෙ. 2005න් ඉඳන් වගේ අපි අත් වලටත් phone එන්න ගත්තා. හැබැයි ඉතින් ඔය ටච් මගුල් ගන්න සල්ලි තිබ්බෙ නෑ. ගොඩක් උන් ගාව තිබ්බෙ නොකියා 1100 වගේ එවා. අකුරු විතරයි ඉතින්. මේ කාලේ ලංකාවට ඇන්ඩ්‍රොයිඩ් ඇවිල්ලත් නෑ. ඉස්සර ඉතින් කට්ටියත් එක්ක කතා කරන්නෙ 50 කාඩ් දාල. ඉස්සර ඉන්කමින්/අවුට්ගොයින් කියලා නෑ ඇඬෙහ්න්න කැපෙනවා. ඒ අස්සෙ sms එකක් 2.5ක්ද කොහෙද. තව සීන් එකක් තිබ්බා කෙලින්ම විනාඩියට කැපෙන්නෙ, දැන් වගේ per second billing තිබ්බෙ නෑ. > ඒ කාලේ SMS එකක් Rs 2.36 මොබිටෙල් වල. මගෙනම් සල්ලි කැපෙන්නෙ ඒක ඒක තප්පරේට කැපෙන්න හදාගන්න බැරිද මොබිටෙල් වල? මේ අවුරුද්දට මගේ සිම් එක අරන් අවුරුදු 20ක් මොබිටෙල් කාලකන්නි කිසිම loyalty මගුලක් දීලා නෑ මේ වෙනකල්. සිම් එක ගත්ත ගමන් මට මතකයි ඉන්කමින් අන්සර් කරපුගමන් අපෙත් රුපියල් 5යි ගානක් කැපුමා smart 5 කියල සිම් එකක් ශිහාන් මිහිරන්ගගෙ පින්තූරයක් සිම් කාඩ් එකේ ප්‍රින්ට් කරල තිබ්බෙ ඒ දවස්වල. පස්සෙ සිම් එක අරන් අවුරුද්දක් යනකොට incoming විනාඩියක් free උනා. අවුරුදු 2ක් යනකොට incoming විනාඩි 2ක් free එහෙම එනකොට incoming සම්පූර්නයෙන්ම free කරන්න උනා මුන්ට.
ඉස්සර හච් වල සිද්දියක් තිබ්බා මුල් තප්පර 3න් පස්සෙ තමා සල්ලි කැපෙන්නෙ. ඉතින් අපේ උන් කරන්නෙ ඩයල් කරනවා මුල් තප්පර 3 ඇතුලත වචන ටික මුදා හරිනවා තියනවා. එහා පැත්තෙ එකාත් reply එක එහෙමම එවනවා. නියම කෙටි පනිවිඩ තමා. > හච් වල විතරක් නෙවෙයි ඕක මොබිටෙල් වලත් ඉස්සර තිබුන 2006 ඉඳන් 2008 වගේ වෙනකල්. පස්සෙ උන් ඒක හැදුවා.
ඊලඟ දේ තමා SMS පට්ට ගනන්, ඒත් අකුරු 160යි පූලුවන්. ඒ කියන්නෙ ඉතින් space එකත් මාර වටිනවා. ඉතින් සමහර උන් english lower/upper case මාරු කර කර ගැහුවෙ space එක අයින් කරලා. නිකන් හිතපන්කො I love you කියන්න ඕන කියලා, ඕක යවන්නෙ IloveYOU කියලා. > ඕවා මතක් කරන්න එපා දුක හිතෙනවා
ඉස්සර බට්න් ෆෝන් තිබ්බෙ, ඉතින් අකුරක් ගහන්න බටන් 9න් එකක් එක් වතාවක් ඉඳන් 4 වතාවක් විතර එකලඟ ඔබන්න ඕනා. ඉතින් sms ගහනකොට ටකටකටක සද්දේ ඇහෙනව ලඟ ඉන්න උන්ට. හොඳට මල්කඩන උන්ගෙ කීපෑඩ් එහෙම ඉදිමිලා උන් මැසේජ් ගහලම > අපි ඉස්කෝලේ ඩෙස් එක යට ෆෝන් එක තියාගෙන බලන්නෙ නැතුව මැසේජ් කරන්නෙ ඉස්සර ඒ තරමට key ටික හුරුයි. දැන් ටච් ඒවගෙන් එහෙම මැසේජ් ටයිප් කරන්න පුලුවන්ද බෑනේ. ! ආය අපි encrypted මැසේජ් ගැහුවා ඉලක්කම් වලින් කෙල්ලගෙ අම්මගෙ ෆෝන් එකට එහෙම මැසේජ් යවනකොට එහෙම යවන්නෙ. අපි දෙන්න විතරයි ඒව decript කරගන්න දන්නෙ.
ඒ කාලෙ english විතරයි ටයිප් කරන්න පුලුවන්. ඉතින් කඩ්ඩ බැරි ගොඩේ එකෙක් එහෙම සෙට් උනොත් විනාසයි ඕයි. උගෙ මැසේජ් එක තේරුම් ගන්න වෙනම කට්ටක් කන්න ඕනා.> මගේ first love එකට හොඳට කඩ්ඩ පුලුවන් එයා දැන් english teacher කෙනෙක් එයාගෙන් සෑහෙන්න කඩ්ඩ ඉගෙනගත්තා.
![]()
අන්තිම දේ තමා miscall එක. ඉස්සර කෝල් ගන්න, sms ගහන්න සල්ලි නැති නිසා කෙල්ල/කොල්ලා මතක් උනා කියලා අඟවන්න කරන්නෙ miscall එකක් ගහන එක,උනුත් දන්නවා මේක උස්සන්න හොඳ නෑ කියලා. සමහර දවස්ව්ලට phone එකේ miscall 20 30 තියෙනවා. > ඔව් ඉස්සර මිස්කෝල් 100ක් විතර මාරුවෙන් මාරුවට ගහනව. ආය මිස්කෝල් පැටර්න් තිබුනා 3ක් ගැහුවොට්ත් හවසට ටවුන් එනව ඒ වගේ.
අලුතින් ෆෝන් එන්න ගත්තට පස්සෙ ඔය සිද්දි ටික ටික නැති උනා, දැන් බන් පොඩි දේටත් කෝල් ගන්න පුලුවන් නැත්තන් whatsapp තියෙනවා. ඒත් අපේ කාලේ ලව් කරන්න කැරිම කට්ටක් බන් අපි කෑවෙ.![]()
> ඒ කාලේ මට N70 ෆෝන් එකක් තව motorola v3x එහෙම තිබ්බෙ nimbuzz කියල ඇප් එකක් තිබ්බ චැට් රූම් එහෙම තියෙනව. තවම ඒකෙන් සෙට් උන යාලුවෝ ඉන්නව. ඒකාලේ එහෙම සෙට් උනා කියල නෑ ගෙවල් වල එහෙමත් එනව. ෆේස්බුක් එකෙන් සෙට් උනා යාලුවෝ එක්ක ට්‍රිප් ගියා බිම්බස් එකෙන් සෙට් උන උන් අපේ අම්ම නැති උන වෙලාවේ අපේ ගෙදර ඇවිත් ගොඩක් උදවු කරා. පාර වැරදිලා වෙන දිහාවකත් ගිහින් තිබ්බ කට්ටියක්. තාක්දනේ දියුනු උනාට දැන් ඒවගේ සමීප සම්බන්දතා ගොඩනැගෙන්නෙ නෑ. ඒ කාලේ එහෙම සෙට් උන යාලුවෝ වෙඩින් වලට පවා ආවා ගියා.