යහන්ගල අද්භූත අත්දැකීම

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,178
    4,967
    113
    Loading...

    TK6VOz6.jpeg


    මම මේ කතාව ලියන්නෙ මගේ සංචාරක ජීවිතයේ මතකාවර්ජනයක්. මේ සිද්දිය වෙන්නේ 2021 අවුරුද්දේ. මම ඒ කාලයේ මම කලින් කර සිටි රැකියාව අතැර පැමිණ සංචාරක මගපෙන්නන්නෙකු ලෙස කටයුතු කලා. මගේ ගම නකල්ස් අඩවියට ආසන්න වූ නිසා මම නකල්ස් අඩවියේ කඳු වල ගයිඩ් කලා. මේ මා කියන සිද්දිය සිදුවීම හා සම්බන්ධව මා හා පැමිනියේ හර්ශ අල්මේදා නම් මුහුණු පොතෙන් මාව හදුනාගත් මල්ලි කෙනෙක්. ඔහු කොලඹ සිට පැමිණියේ "යහන්හල" යාම සඳහයි. ඔහුගේ පලමු යූටියුබ් වීඩියෝව කිරීම මූලික අරමුණ වී තිබුනා.

    අප ගමන පැලැන් කරගෙන සති අන්තයක අපි ගමන යොදාගෙන උදෑසන 10 වන විට කලුගලදි අප මුන ගැසුනා. එදා කාලගුණයනම් දැඩි හුලගක් පැවතුන වියලි කාලගුනයක් . අපි කලුගලින් ගමන පටන් අරගෙන වේලන්ගෙල්ල පතනට යාමට පිටත් වුනා . ඔහුගෙ යූටුබ් වීඩියෝවත් කරගෙන අපි වෙලන්ගොල්ල පතනට ගියා. සාමාන්‍යයෙන් සති අන්තයේ යහන්ගල බැලීමට සංචාරයට එන නමුත් එදින සිටියේ අප දෙදෙනා පමනි. වේලන්ගොල්ල පතනේ යහන්ගල දර්ශනය විදගත් අප යහන්ගල නැගීමට තීරනය කලා.

    "අයියා මට අද යහන්ගල මුදුනේ කැම්ප් කරන්න ඔනා" යයි හර්ශ මල්ලි මට කීවා. එම කාරනය මා හිතට යම් චකිතයක් ගෙනා කාරනයක් වුනා . එයට හේතුව මම යහන් ගල හා බැදුනු ජනප්‍රවාද සහ සිද්දින් පිලිබද මම දන්නා වූ කාරනා නිසාවෙනි. නමුත් මම කලින් කීපසැරයකම කිහිප දෙනෙකු සමගයහන්ගල මුදුනේ කදවුරු බැද තිබු නිසාත් , ඔහුගේ ගමනට සහ අත්දැකීමට උපරිම සාදාරනයක් ලබාදීමේ අරමුන නිසා මා ඒ සදහා එකග වූවා . අපි සියලුම බෑක් රැගෙන යහන්ගල නගින්න ගත්තා . ගල් දෙබොක්කා අතරින් යහන්ගල නගින්නට වූවා. මුදුනට පැමිනියා. ඔහු ඒ වන විට කදු නැගීමේ ආදුනනිකයකු වීම නිසා ඔහුගේ ඒ මුදුනට පැමිනීමේ සතුට දැකීම මගේ හිතටද මහත් සතුටක් (ප.ව 3.00). අප මුදුනේ විඩියෝ photos රැගෙන හවස තේ එකක් සාදා ගත්තා . ගල මුදුනට අදික සුලගක් . අපගේ බෑග් පවා ගසාගෙන යනවා. බෑක් වටකර ගල් තබා සුලගේ ගසා යාම වැලැක්වූවා. හවස 6ට පමන අප ඉතා අවහසුවෙන් කොත්තුමී සාදා රාත්‍රි ආහාර ලබා ගත්තා. පසුව අපි රෑ 9 පමන වන තෙක් කතාබහක යෙදී නිදාගන්නට සැරසුනා . නමුත් අපර ටෙන්ට් එක ගසා ගැනීමට නොහැකි වූවේ අදික සුලග නිසාවෙනි. එමනිසා අපි ටෙන්ට් එක පොරවාගෙන ගල වුඩ නිදාගැනීමට නිදාගැනීමට තීරනය කලා.

    මම නිදාසිටින විට මේ විදිහේ හීනයක් මට පෙනෙන්නට විය. එය මට හොදින් මතකය. ". යහන්ගලේ ඒ අප සිටිනා ඉසව්ව , ඒ සිටිනා තැන ඒ ආකාරයෙන්ම මට පෙනෙන්නට විය , අප දෙදෙනා තැබිලි පැහැයෙන් යුතු ටෙන්ට් එක පොරවාගෙන ගල වුඩ නිදාසිටින විදිහ ඒ විදිහටම මට මතකය. එහිය යහන්ගලේ පැත්තකින් තාපසයන් දෙදෙනෙක් සේ රැවුල වවාගත් දෙදෙනෙකු අපදෙස එන අයුරු මට පෙනෙනි. එම දෙදෙනාගේ මුහුන මතක නැත් . නමුත් බෙල්ලෙ නවගුන වැල් නැතහොත් ගෙඩි හැඩති මාල දමා ඇති අයවලුන් බව මතකයි. ඔවුන් අප දෙදෙනා නිදාසිටි තැනට හිස දෙසින් පැමින හිස අතගාන්නට සූදානම් වෙනවාක් මෙන් ඒ ආකාරයෙන්ම මම සිහිනෙන් දුටුවෙමි." එක් වරම මම අවදි විය. වේලාව හරියටම රෑ 11.31 . නමුත් මා තවමත් ඒ සිහිනයේම මෙන් දැනුනි. එයට හෙතුව වූවේ ඒ මොහොතේ අප මූහුන පවා වසා සිටි ටෙන්ට් එකේ අපගේ හිස හරිය කවුරුන් හො අල්ලගෙන සිටින තපර කිහිපයක් වූ නිසාවෙනි . එම මොහොතේ මගේ සිහියට නැගුනේ හර්ශ මල්ලි කෝ කියා . එක් වරම හර්ශ මල්ලි " අයියා කවුද ඒ " කියා කෑ ගසමින් ඔහුද අවදි විය . ඔහු තවමත් කෑ ගසමින් මාව බදාගත්තා. මට කුමක් හෝ සිදු වි ඇත්දැයි හොදින්ම දනී. තවමත් අප ටෙන්ට් එක ඇතුලේ මම ඔහුව දිරිගන්වා ටෙන්ට් එකෙන් එලියට ගොස් කවුරු දැයි බැලීමට මම උත්සහ කලා. "අයියා එපා මට බයයි" කියා ඔහු කීවත් අප ලට තිබූ ටෝච් එකත් රැගෙන පොරවාගෙන සිටි ටෙන්ට් එක ඇතුලෙන් එලියට ඔලුව දමා මම වටපිට බැලුවා . නමුත් කිසිවෙකුත් නොමැත . හර්ශගේ ඒ තිගැස්සිම නිසා මම නැවත ඔහු වෙත් ගොස් ඔහුව දිරි ගන්වා එලියට එන්න් කියා කීවා. නමුත් ඔහු තවමත් ටෙන්ට් එකේ ගුලිවී සිටි. මම ඔහුගේ බය මදකට නැති කිටීමට මාගේ දුරකතනගෙන් පිරිත් දමා. ඇසෙන්නට හැර මම නිනි මැලයක් ගැසිමට උත්සහ කලහ. නමුත් කොතරම් උත්සහ කලත් සුලග නිසා ගිනිමැලය දැල්වීමට නොහැකි විය. පසුව අපි ගෙනා කුඩා ගෑස් ලිප වට ගල් වලින් වටකර වියනක් සාදා ලිප දල්වා ගන්නා ලදී. ටෙන්ට් එකේ ගුලිවී සිටි හර්ශව එලියට රැගෙන ඔහුව හිට ගස්වා ගිනි මැලය දෙස පමනක් බාලා සිටින ලෙස ඉල්ලීය . ඔහුගේ ඇග තවමත් වෙව්ලයි. එතැන් සිටමා ඔහු වටා කැරකෙමින් ඔහුගේ බය නැති කවීය . ඒ ආකරයෙන් පාන්දර 4 පහු වන තෙක් ඔවු ඒ ආකරයෙන්ම හිටියා. . එදින නිදි නැති රාත්‍රියකි.

    පසුදා උදෑසන විය .ඉර උදා වූ පසු මම ඔහුසමග අර විස්තරය ගැන කතා කලා. "ඇයි මල්ලි කෑගැහුවේ ඔයා. බය වුනේ මොකටද? ". පසුව ඔහු දුන් පිලිතුරු වලින් මගේ හිත තිගැස්සී ගියා. ඒකනම් මටද පුදුමයට සහ හිත ගැස්සෙන කතාවක් උනා. එයට හේතුව වූවේ මම දැකපු හීනය ඒ විදිහම ඔහුත් දැක තිබීමයි. 🙏🙏

    (අවසානයේ හර්ශ ගෙදරට පැමින පිරිත් නූල් බැද අවසන් කෙරූ ගමනක් උනා)

    Source

    "වඩිනාගල නැගල 🙂 දෙවනී දවසේ බහින්න පාර කෙස් ගිහිම් පාර හොයනකොට එවලේ කැපුම් සහිත ගස් තිබ්බා ඒ පාර දිගේ පහලට එනකොට අපි කලින් දවසේ කැලයට ඇතුල අපු තැනටම අවා. ඒ කැපුම් වල ඒ වෙලේ කපලා කිරි වැටෙනවා සමහර එවාගේ නමුත් ඒ කැලයේ අපි ඇරෙන්න වෙන කවුරුත් එදා ඉදලාත් නෑ එක තමාත් අපිටත් හිතාගන්න බෑ. නැතම් අපි එක්කෝ කැරලිලා අලි ඉන්න වැව් පිටියේ හෝ කැලේ මැද . අපිට අනික සමහර කැපුම් පාරවල් එක පිහිපාරකින්ම කපලා එච්චර ලොකු ගස් එක පාර කපන්න මිනියෙක්ට බෑ."​
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    324
    284
    63
    ගෙදර
    "වඩිනාගල නැගල 🙂 දෙවනී දවසේ බහින්න පාර කෙස් ගිහිම් පාර හොයනකොට එවලේ කැපුම් සහිත ගස් තිබ්බා ඒ පාර දිගේ පහලට එනකොට අපි කලින් දවසේ කැලයට ඇතුල අපු තැනටම අවා. ඒ කැපුම් වල ඒ වෙලේ කපලා කිරි වැටෙනවා සමහර එවාගේ නමුත් ඒ කැලයේ අපි ඇරෙන්න වෙන කවුරුත් එදා ඉදලාත් නෑ එක තමාත් අපිටත් හිතාගන්න බෑ. නැතම් අපි එක්කෝ කැරලිලා අලි ඉන්න වැව් පිටියේ හෝ කැලේ මැද . අපිට අනික සමහර කැපුම් පාරවල් එක පිහිපාරකින්ම කපලා එච්චර ලොකු ගස් එක පාර කපන්න මිනියෙක්ට බෑ."​
    had same kind of experience while hiking the kunakatugala, survived luckily.
     
    • Wow
    Reactions: NRTG and SpinXO

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,370
    2,561
    113
    colombo
    අපිට කිරිගල්පොත්තෙන් අඩි පාරේ මල් පොකුරක් තියලා තිබුනා ආපහු බහිනකොට , මාසෙකින්වත් කවුරුත් ගියෙත් නෑ කීවා , අනික ෆ්‍රෙශ් මල් , මැලවිලාවත් නෑ , මේක වෙලා දැන් සති දෙකයි
    🙂
    🫠
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,250
    1
    31,896
    113
    - උඩරට -
    අපිට කිරිගල්පොත්තෙන් අඩි පාරේ මල් පොකුරක් තියලා තිබුනා ආපහු බහිනකොට , මාසෙකින්වත් කවුරුත් ගියෙත් නෑ කීවා , අනික ෆ්‍රෙශ් මල් , මැලවිලාවත් නෑ , මේක වෙලා දැන් සති දෙකයි
    🙂
    🫠
    ඊලග සතියේ උඹ මැරෙනවලු 😁 ඒකයි තියලා තියෙන්නේ 💥
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,178
    4,967
    113
    Loading...
    තාපසයො වගේ දෙන්න කවුද කියන එක තමා ප්‍රශ්ණෙ අනික ඔය වගේ ගමනකට අවම 4ක් වත් යන්ඩ ඕනි.
    හරියට නොදැන නයිට් ගහන්න යන්න හොඳ නෑ මචන්.