https://www.facebook.com/groups/172049482926284/?multi_permalinks=4112874518843741&hoisted_section_header_type=recently_seen&__cft__[0]=AZbft96tcajAkII6tdYvE5-HWHciEweBjwy9RphcyngrmON-XKUol7e5tjshdGGhVb3gUKDZACrXvhEJVSjPO68oEx50WJQH2ryjCMcrtXiUukodwYOixSkEMCI1_AdJpqM4QoO41hCY1NF1VxPxMOfYIfMwPhXoXgCeZ0yW3RjlGsEuZUtBN53Swd_c2mPLBxu1CXQEqEqwAjgwrx6kHDOlEp4XJ5jktHRuq-qmyZqqTw&__cft__[1]=AZZTeuaOsIvuf8snoBoWROKpIjp0w07FzKxUZ7XCVML3U-9SkS0hRDYRnXkaFHszdki6PEhqlliarm8eo09S906y59JXWbKUYY5PXCb7Rz1bpOsNZfU47023ux8UsQG1eqUPZysfa1sM4D2yolbvlrRhhMmEgehPWmS5RK0XUIe-76sO52ykubeXSFUq8OENF4Jl632HKV-m6CWUXaVL5h0oxf2frN3Ddgxe-4CcnOO2hQ&__tn__=,O,P-R
හෑල්ලක් , මාගලක් වගේ පෙනුනම ස්කිප් කරල යන හැමෝටමත්, මේ පෝස්ට් එක අවසානෙ යමක් කලහැකි,නොහැකි හැමෝටමත් අඩුම ගානෙ කියවල කමෙන්ට් එකක් හරි දාල යන්න කියල හදවතෙ ගැබුරුම තැනකින් ඉල්ලන ගමන්, මන් කියන්නම් පුලුවන් තරම් කෙටියෙන්, මගෙ කතාව.
මේක ටයිප් කරන මේ මොහොත 2026/07/02 7.23 pm.මම, කියන්නෙ මා සතුව රු 120/=ක් විතරක් මුලු සන්තයම වෙච්ච කෙනෙක් සහ දෙදරු මවක්..සහ නීත්‍යානුකූල අයිතියක් නැති , ඒත් කුලියක් නොගෙවා මැරෙනකන් ජීවත් වෙන්න පුලුවන් නිවසක් තියෙනව මට.ඔය කීව ටික හැරුනම හතර අතෙ ඉරි තලල වීදුරු කුඩු හැලෙන ගානට තියන මෙ ෆෝන් එකයි, විතරයි..මම මේ ලෝකෙ අනාතයෙක් සහ මගෙ පුන්චි එවුන් දෙන්නා මන් නිසා "අනාතයො " නොවන ගොඩේ ඉන්නව..සහ එයලට ජීවිතේ සහයට හොද partners ල හම්බෙනකන් , හරි මම නැතත් stable වෙනකන් දෙයියනෙ කියල තව අවුරුදු 15ක් මේ හයියටම මගෙ හුස්ම වැටුන නම් ඇති...
මම විතරක් එයාලට ඉතිරි වෙන්න යම් හේතුවක් ඇති, ඒ දෙන්නගෙ ජීවිත වලට යම් සාදාරනයක් කරන්න ඕන කියන තැනදි script එක ලීව කෙනා ඒ සාදාරනය කියන දේට මාව ඉතිරි කරන්න ඇති.ඉතින් මට අවශ්‍යයි ඒ වෙනුවෙන් උපරිම සාදාරනයක් කරන්න.. උපාදිහිම් නැති උනත් ක්ශේත්‍ර 10ක 12ක ගේමක් ගහගන්න පුලුවන් තරමෙ දැනුමක්, යම් හැකියාවක් මට තියේ කියල විශ්වාසයි,
මෙ මොහොතේ මේ ගෙවෙන්නෙ අතේ තියන 120න් පාන් ගෙඩියක් ගෙනල්ල ඒ දෙන්නට රෑට කන්නදෙනව කියන තත්වයක්..සහ මාසෙකට වේල් 120 යි නම්, 50ක් විතරම කිසිම දෙයක් හොයාගන්න බැරුව ගෙවෙන කාලයක්.හෙට කියන තැන මාරම අවිනිශ්චිත යි, .සියලු සැප නැති උනත් කාටවත් නය නොවි, තව කෙනෙක්ටත් උදව්වක් කරගෙන ඉන්න පුලුවන් තැනක හිටියත්, එතන ඉදල අද මෙ ගෙවෙන මෙහෙම තැනට වැටෙන්න ගියේ අවුරුද්දු දෙකයි..හමබකරපු ඉතුරු කරපු අවසාන රුපියල වෙනකන්ම මගෙ තාත්ත වත්, මහත්තය වත්, පුතාවත් බේරගන්න වැයවෙලා අවසානෙ මම දිනුවෙ පුතාගෙ ජීවිතෙන් විතරයි.අනෙක් දෙන්නම මට නැති උනා..අවසාන අහිමිවිම වෙලත් දැන් දෑවුරුද්දක් .ඒ කියන්නෙ මේ ලෝකෙට මන් අනාතයෙක් වෙලා අවුරුදු 02ක් ගෙවිලා ගිහින්..
කා එක්ක හරි කතා කරන්න, හිත ටිකක් නිදහස් කරගන්න, පීඩනෙ මුදාහරින්න කියල කවුරුවත්ම මුනගැහිලා නැ..කොටින්ම අවශ්‍ය උනේ දයාබර සහෝදරත්වයක් මිත්‍රත්වයක් සවන්දෙන්නෙක් , හැර ලින්ගික අවශ්‍යතා වල් නම් කොහෙත්ම නැහැ සහ මතුවටත් අවශ්‍ය නැහැ... .. කියන්න කෙනෙක් නැතුව , අහන්න කෙනෙක් නැතුව , අවුරුදු 02ක් තිස්සෙ හිරකරන් , කිසිම උදව්වක්, , පිලිසරනක් නැතුව , ඔසවන් දරාගෙන ඉන්න හිතේ බර, හිසේ බර, සහ පැටවි ඇති කරේ බර විස්තර කරන්න බැරි තරම් බරයි මට...
මේ මොහොතට හදිසිම බඩට කන්න ටිකක්, බේත් වෙනුවෙන් කීයක් හරි උනත්,වියලි සලාක ටිකක් ඉල්ලන්න වත් කීයක් හරි දෙන්න කියන අරමුන්න් නෙමෙ මෙ දාන්නෙ.. ඒත් එහෙම හරි දෙයක් දෙන්න කෙනෙක් හිටියොත් ඒක මහමෙරක්..වෙයි..
මගෙ දෙපයින් ආයෙ නැගිටගන්නයි හීන දකින්නෙ..කොහොමහරි..මට ඕන අවස්තාවක්....ආයෙ පටන් ගන්න..මාව විශ්වාස කල හැකි තැනක් කෙනෙක්, සහෝදරත්වයක්.. මගපෙන්වන්නෙක්..
කැපවීම, මහන්සිය, කියන දේවල් නම් මගෙ අසීමිතයි , මීට අවුරුදු 06කට කලින් ජීවත් උන තත්වෙට ආයෙ එන්න ඕන කියල හිතේ තියෙන්නෙ නොමැරෙන උනක් සහ ඒක දවසගානෙම වැඩි මිසක් අඩු වෙන්නෙ නැ..මෙ අවුරුදු 4ක කාලෙ හැරිල බලනකොට,ඒ ගෙවපු කටෝර කර්කශ අමිහිරි, මතක නම් සතෙක්ට වත් හිමිවෙන්න නරකයි
.. මන් මගෙ cv එකක් දානව..මන් කොලඹ ජීවත් වෙන්නෙ..මේ පෝස්ට් එක දාන්න අරමුන , මගෙ තත්වෙ තේරුම් අරගන්න පුලුවන් එකම එක හිතක් ,මේක දැක්කොත් ,මට අවස්තාවක් ලැබෙයිදෝ කියන බලාපොරොත්තුව පමනයි..
ඉතින් එහෙම කෙනෙක් , ගෙ ඇස ගැටේවා...
ස්තූතියි හැමෝටම..
ආස ජීවිතේක ජීවත් වෙලා තෘප්තිමත් ලෙස ජීවිතෙ අවසන් කරන්න හැමෝටම වාසනාව ලැබේවා..