මම විවාහකයි ..බිරිද සහ දරුවා සමග වෙනම නිවසක ජිවත් වෙන්නේ ..මුලින් මහ ගෙදර හිටියත් වෙච්ච ගොඩක් ප්‍රශ්න නිසා දැන් වෙනම ජිවත් වෙනවා ...බිරිද සිටින්නේ මගේ දෙමවුපියන් සමග හිත හොදින් නෙවෙයි .මට තියෙන ගැටලුව මේකයි ...මගේ මව සහ පියා දෙදෙනාම අසනීපෙන් සිටින්නේ ..පියා සැහෙන්න අසනීප ගොන්නක් තිබෙනවා ..ගොඩක් අවස්ථා වලදි තාත්තට බෙහෙත් ගන්න වෙනවා doctors ලට පෙන්නලා ..ඒක නිසා සමහර සති අන්ත වලදී මම මහ ගෙදරට යනවා . මේකට එතරම්ම කැමැත්තක් නැහැ බිරිදගේ ..බිරිද මේක සැහෙන්න විවේචනය කරනවා ..කොතරම් ඉවසගෙන සිටියත් මමත් ඒවාට ප්‍රතී උත්තර දීමත් සමග ගැටුමක් දක්වා දුර දිග යනවා ..මොකද මට බලන් ඉන්න බැහැ මගේ අම්ම තාත්තා ට දොස් කියනවා .මේක ඇත්තමට මට මානසික වදයක් වෙලා තියෙන්නේ ..බිරිද කිසිම විටක මේක තේරුම් ගන්නේ නැහැ ...
Last edited:



