හොනද බීෆ් ටිකක් ගන්ඩ ඕනෙ

vgp

Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    ලෝකල් මස් වෙන්න ඇති ඒවා මස් කඩෙන් ගන්නවා නං ගන්න පුලුවන්

    මම ගන්න තැන කරි උයන්න ගන්නවා නං (කඩේ එකාට ඕන විදියට කපලා දෙන්නෙ) එතකොට කිලෝ එක 2600ට දෙන්නෙ
    අපිට ඕන කට් එකක් ගන්නවා නං (අඩුම කිලෝ එකක් ගන්න ඕන), එතකොට 3100ක් වගේ වෙන්නෙ කිලෝ එක
    ටොප්සයිඩ් වගේ ගන්නවා නං 2800-2900 වගේ වෙන්නෙ.
    කරිය ට හොඳ මොකද්ද බං
    Receipe එකක් දාපන් කො තියෙනවා නං
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,090
    6,431
    113
    කරිය ට හොඳ මොකද්ද බං
    Receipe එකක් දාපන් කො තියෙනවා නං
    මම සාමාන්‍යෙන් topside එකෙන් ගන්නෙ
    එතකොට කටු නැතිව ලොකුවට තෙල් කෑලි නැතිව හොඳට මස් ටිකෙන් හම්බෙනවා පොඩි ගානක් වැඩි උනාට
    හැබැයි මම බීෆ් කරිය උයලා කන්නෙ නැහැ මොකද බීෆ් ලංකාවෙ අපි උයන විදියට ගොඩ වෙලාවක් තැම්බුවම හයිය වෙනවා

    කරියට හොඳ පෝක් තමයි
    බීෆ් ගන්නවා නං පෑන් ෆ්‍රයි කරලා ගන්නෙ නිකන්ම සුදුලූණු ගම්මිරිස් ලුනු පොඩ්ඩක් දාල බටර් එක්ක (Medium or Medium rare වගේ, ඒකට ගහන්න රෙසිපි එකක් නැහැ බීෆ් වල)
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,625
    906
    113
    http://aboutrenewableenergy.com
    82777.png
     
    • Haha
    Reactions: Bitter Truth

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    මම සාමාන්‍යෙන් topside එකෙන් ගන්නෙ
    එතකොට කටු නැතිව ලොකුවට තෙල් කෑලි නැතිව හොඳට මස් ටිකෙන් හම්බෙනවා පොඩි ගානක් වැඩි උනාට
    හැබැයි මම බීෆ් කරිය උයලා කන්නෙ නැහැ මොකද බීෆ් ලංකාවෙ අපි උයන විදියට ගොඩ වෙලාවක් තැම්බුවම හයිය වෙනවා

    කරියට හොඳ පෝක් තමයි
    බීෆ් ගන්නවා නං පෑන් ෆ්‍රයි කරලා ගන්නෙ නිකන්ම සුදුලූණු ගම්මිරිස් ලුනු පොඩ්ඩක් දාල බටර් එක්ක (Medium or Medium rare වගේ, ඒකට ගහන්න රෙසිපි එකක් නැහැ බීෆ් වල)
    Topside එක උඹ 1cm වගේ layer වලට කපනවද ඒ කියන්නේ
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,100
    3,972
    113
    // හැබැයි මම බීෆ් කරිය උයලා කන්නෙ නැහැ මොකද බීෆ් ලංකාවෙ අපි උයන විදියට ගොඩ වෙලාවක් තැම්බුවම හයිය වෙනවා //
    කරි උයනවනම් vinegar එකක් දාලා ටික වෙලාවක් සීස් වෙන්න අරින්න.

    මම නම් black pork වගේ black එකට තමා කරි හදනවනම් ගොඩක් වෙලාවට හදන්නේ. එතකොට තුනපහ ටික ඩාර්ක් වෙනකම් බැදගෙන මස් එකට දාලා කවලම් කරලා apple cider vinegar ටිකක් දාලා විනාඩි 10-15 තියනවා. හොඳ කලර් එකක් ගන්න හාල් පොල් ඩාර්ක් වෙන්න බැදලා, පේස්ට් එකක් හදාගෙන ඒකත් ඇඩ් කරනවා. ඒකෙන් ටේස්ට් එකකුත් එනවා.

    කරි හදන්නේ නැත්තම්, උඹ වගේම pan fry තමා මමත්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,090
    6,431
    113
    Topside එක උඹ 1cm වගේ layer වලට කපනවද ඒ කියන්නේ
    1 inch වගේ. එක පැත්තක් විනාඩි 2.5ක් පෑන් ෆ්‍රයි කරනවා. එතකොට ගානට එනවා
    1 cm තුනී වැඩියි බන්

    කරි උයනවනම් vinegar එකක් දාලා ටික වෙලාවක් සීස් වෙන්න අරින්න.

    මම නම් black pork වගේ black එකට තමා කරි හදනවනම් ගොඩක් වෙලාවට හදන්නේ. එතකොට තුනපහ ටික ඩාර්ක් වෙනකම් බැදගෙන මස් එකට දාලා කවලම් කරලා apple cider vinegar ටිකක් දාලා විනාඩි 10-15 තියනවා.

    කරි නැත්තම් උඹ වගේම pan fry තමා
    Ela.

    මම pork හදන්නෙ මෙහෙම

    පොක් ටික කෑලි කපනවා අඟල් 3/4 වගේ
    ඒකට සෝයා සෝස් පොඩ්ඩක් සහ අබ පේස්ට් එකෙන් පොඩ්ඩක් දාල අතගාල ටික වෙලාවක් තියනවා ලුණු කුඩු බොහොම පොඩ්ඩකුත් දාල
    කඩේ තියන මස් කරි එකයි, අමු තුනපහ එකයි, මිරිස් කුඩු එකයි එකට දාල බැදගන්නවා ටිකක් තද දුඹුරු පාට වගේ වෙනකල්
    ඒක අර කලින් මස්ටිකට දාල හොඳට අතගාල විනාඩි 15ක් විතර තියනවා

    ඊට පස්සෙ බාජනේකට තෙල් දාල තෙල් ටික රත් උනාම උළුහාල් පොඩ්ඩක් දාල කර කරනේනවා (මම තුනපහ ගන්ක තැන උලුහාල් වලටම කරපිංචා සහ රම්පේ දාල අමුතු එකක් තියෙන්නෙ ඒක පට්ට)
    ඒකටම සුදුලූණු ඉගුරු තලලා දාපු එකයි ලූණු කපපු ටිකයි දාල බැදීගෙන එද්දි අර මස් ටික දාල තෙල් ටිකෙන්ම විනාඩි 5ක් විතර උයාගන්නවා කලවම් කර කර
    ඊට පස්සෙ මස් ටිකෙන් 70%ක් විතර වැහෙන්න වතුර දාල උයා ගන්නවා
    වතුර දාද්දි සේර, කුරුඳු සහ තක්කාලි ගෙඩියක් කපලා දානවා
    වතුර ටික හිඳෙනකල් උයා ගන්නවා ලිපෙන් බාන්න කලින් ලුණු බලලා මදි නං තව පොඩ්ඩක් දාගන්නවා

    මම මේ විදියටම බීෆ් හදලා තියනවා මට ඒක සෙට් නැහැ
     
    • Like
    Reactions: Emarald

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    1 inch වගේ. එක පැත්තක් විනාඩි 2.5ක් පෑන් ෆ්‍රයි කරනවා. එතකොට ගානට එනවා
    1 cm තුනී වැඩියි බන්
    එල එල. Pan fry පාරක් දාල බලන්න ඕන. මම එක පාරක් diced කරලා stirfry කරන්න ගිහින් රබර් කෙළි වගේ උන. Heat managekwnt අවුල් උන වගේ.
     
    • Haha
    Reactions: Emarald

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,090
    6,431
    113
    එල එල. Pan fry පාරක් දාල බලන්න ඕන. මම එක පාරක් diced කරලා stirfry කරන්න ගිහින් රබර් කෙළි වගේ උන. Heat managekwnt අවුල් උන වගේ.
    Overcook වෙලා
    තව ලාවට ගන්න ඕන
    ඇතුල රෝසපාටට තියෙන්න ගන්න ඕන
    ඇතුල grey color වගේ උනොත් Overcook රබර් වගේ වෙන්නෙ එතකොට, ඒ වගේම හෙනම ඩ්‍රයි

    අනික ටිකක් ඝනකම පෑන් එකක හරි Cast iron පෑන් එකක හරි උයන්න ඕන
    එහෙම එකක් නැත්තං රොටී තැටියෙ වගේ එකක
     
    • Like
    Reactions: vgp and Emarald