කඩවල් වල බඩු කිරන උන්ටත් 17 ප්‍රො මැක්ස් තියෙනව බං. අලුත් පරම්පරාව පුක දීල හරි හොඳ ෆෝන් එකක් බස්සන්න හදන්නෙ පඩ දාන්න. හිතන විදියෙ අවුලක් වගේ. මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා ඌ කියන්නෙ ට්‍රේන් එකේ වැඩ ඇරිල එනකොට කට්ටිය හොඳ ෆෝන් බස්සනව දෙක වෙන්න බෑනේ කියල ඌත් 17 ප්‍රෝ මැක්ස් එකක් ගත්තා. ඌනම් හොඳ රස්සාවක් කරන කොල්ලෙක් ඒත් එච්චර ෆෝන් එකක් උට වැඩක්ම නෑ ඌ ඒක ගත්තෙ අරේ කෝල් එකක් එහෙම ගන්නකොට කැමරා සෙට් එක පේන්න ඕනවට විතරයි. නැත්තන් ඌ ෆේස්බුක් යොඋටියුබ්වත් බලනෙ නෑ ඒකෙන් ඔලුව රිදෙනවා කියලා.
වාහනෙන්නම් මයිනව තමයි. සමහර ඉස්කෝලේ යාලුවෝ එහෙම වෙඩින් වලදි එහෙම මුනගැහුනාම වැඩිය ගනන්ගන්නෙත් නෑ වෙඩින් එක ඉවර වෙලා කා පාක් එකට ගිහින් වාහනේට නැග්ගාම ලඟට ඇවිල්ල කතා කරල තියෙනවා. සිද්දිය සැකෙවින් මෙහෙමයි : දවසක් ඉස්කෝලේ යාලුවෙක්ගෙ වෙඩින් එක්කට ගියා ඕකට ඉතින් ඉස්කෝලේ කොල්ලො කෙල්ලො එහෙම ඇවිල්ල හිටියා එක යාලුවෙක් හිටියා ලංකා බැංකුවේ ජොබ් එකට ගිය අලුතා ජපන් ඇල්ටො එකක් එහෙම අරන් යතුර බෙල්ට් එකේ එල්ලන් ඇවිල්ල හිටියෙ අපි යාලුවෝ යාලුවෝ කතා කරද්දිවත් අරූ මගේ එක්ක කතා කරේ නෑ ලොකු සීන් එකේ හිටියෙ. පස්සෙ මගුල ඉවර වෙලා එහෙම කාර් පාක් එකට ගිහින් වාහනේට නැගල ඉන්නකොට මෙන්න මූ ඇවිත් කතා කරා හොඳට. මටත් පුදුමයි මාත් කතා කරල ආවා. මම හිතන්නෙ වාහනේ නිසා තමයි කතා කරේ. නැත්තන ර මේසේට වෙලා පැයක් 2ක් කතා කර කර ඉන්නකොට මූට අඳුරන බැරිවෙන්න විදියක් නෑනේ අවුරුදු 13ක් එකම ඉස්කෝලේට ගිය එවුන්ව.

------
Post added on Jul 12, 2026 at 4:06 PM