අඩෝ මම ඉඳලා හිටලා පිටින් කන්න ඕන නිසා වාහනෙත් අරන් යනවා රවුමක් දාන්න. එහෙම යන්නෙ 8ට විතර, ඔය වෙලාවට වැඩ ඇරිලා නට්ටන් වෙලා ගෙදර යන මිනිස්සු දකිනවා, ගොඩක් උන් දුර ඉන්නෙ, ඉතින් උන් ඒ හරියෙන් බැහැලා තව අස්සෙ කොට කොට යන බස් එකක් අල්ලන්න දුවනවා.
ගොඩක් උන්ගෙ ඇඳුම් එහෙම දැක්කාම පේනවා කොච්චර හැක් වෙලාද කියලා. වෙලාවකට දුක හිතෙනවා ඒවා දැකලා. අපි පොඩි කාලෙත් අම්මලා තාත්තලා ඔය විදියටම කටු කෑවා නේද කියල මතක් වෙනවා.
ඔය අතරේ අද දැක්කා අවුරුදු 50ක විතර ඩවුන් සින්ඩ්‍රොම් තියෙන ඩයල් එකක් රස්සාවට ගිහින් ගෙදර එනවා, කොට බුවෙක් කලිසමත් ලොකුයි. පරන ශර්ට් එකක් ඇඳන් හිටියෙ. අතේ පරන අරලිය බෑග් එකක මොකක්හරි එකක් ගුලි කරන් අරන් යනවා. ආතල්ම දේ තමා අපි පොඩි කාලේ school ගිහින් එනකොට වගෙ මිනිහා ගලක් පයින් ගගහා ඌත් එක්කම අරන් යනවා. අඩෝ ඒක දැකලා මට මොකක්දෝ දුකක් ආව හිතට.