ඕක මෙහෙම ගන්න.. මම කියනව
එකේ පන්තිය පරිපූර්න කරපු කෙනා..දෙකේ පන්තිය පුරනව... දෙකේ පන්තිය පූර්න කරපු කෙනා තුනෙ..පන්තිය...
13 පන්තිය පරිපූර්න කරපු කෙනා.. විශව විදියාල පුරනව...විශ්වවිද්යාල පර්පුර්න කරපු කෙනා...ආචර්ය අදයපනය පුරනව
දැන් ඔතන කියන්නෙ... කරුවු ගැනද?
මේ 1 ඉදන්...ආචර්යවටයෙක් බවට පරිපූර්න වන ක්‍රියාවලියෙ ඔබතුමාට කියන්න පුලුවන්ද
මේ කියන්නෙ, නැතිනම් මේක අදාල වෙන්නෙ 1 පන්තියෙ කෙනෙක් ගැන
නැතිනම් 13 පන්තියෙ කෙනෙක් ගැන...නැතිනම් ඔක්කොම කරපු ආචාර්ය වරයෙක් ගැන කියල?
පරිපූර්ණ භාවය වෙන්නෙ මෙහෙමයි රෝෂ් අයියෙ:
මහණෙනි, යම් පරිදි ගල් මුදුනෙහි දළ පොද ඇති වැසි වස්නා කල්හි වැසිදිය ගලායන කල්හි ඒ දිය නිම්න තුබු සේ වැටෙමින් පර්‍වත කන්දර ප්‍රදර ශාඛා පුරා ලන්නේ වේද, පර්‍වත කන්දර ප්‍රදරශාඛාවෝ පරිපූර්ණ වූවාහු කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පරිපූර්ණ වූවාහු මහහෙබ් පුරාලත් ද, මහහෙබ්හු පරිපූර්ණ වූවාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීහූ පරිපුර්ණ වූවාහු මහා නදීන් පුරාලත් ද, මහා නදීහු පරිපුර්ණ වූවාහු මහමුහුද පුරාලත් ද, මෙසේ තෙල මහා සාගරයාගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්ණභාවය වෙයි.
මම මතකද කිව්ව මේක ටික ටික වෙන්නෙ කියල. මේ ඒ විදිය තමයි විස්තර වෙන්නෙ.
සත්පුරුෂසංසේවය, සද්ධර්‍ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය .... යනාදී මෙව ඒ පිලිවෙලින් ප්‍රත්‍ය වෙනව, එකක් complete වෙල තියෙන්න ඕනි අනිකට යන්න. ඒ කියන්නෙ ඔය උදාහරණය හැටියට, එක වසර ඉවර වෙල තමයි දෙකට යන්නෙ. එක එක වසර complete (පරිපූර්ණ) වෙන්නෙ අර උඩ විදියට. හැබැයි මේකේ වෙනස තමයි එක වසර ආවොත් දෙක වසර එනවාමයි, දෙක වසර ආවොත් තුන වසර එනවාමයි... ඒක නවත්වන්න බැහැ. ඒකයි "වූයේ" කියන්නෙ...
ඊළඟට "වූවාහු" කියන්නෙ අර උඩ විදියට එකක් පස්සෙ එකක් නෙමෙයි simultaneously වෙල කියන එක. ඒ කියන්නෙ ඔය අනික් ටිකත් වෙනව හැබැයි එකක් පස්සෙ එකක් නෙමෙයි. ඔක්කොම එකට.
සූත්‍රයේ ලස්සනට මේක කියල තියෙනව:
===========================
මහණෙනි, මෙසේ
සත්පුරුෂසංසේවය පරිපූර්ණ
වූයේ
සද්ධර්‍මශ්‍රවණය පුරයි. සද්ධර්‍මශ්‍රවණය පරිපූර්ණ
වූයේ
ශ්‍රද්ධාව පුරයි. ශ්‍රද්ධාව පරිපූර්ණ
වූයේ
යෝනිසෝමනසිකාරය පුරයි. යෝනිසෝමනසිකාරය පරිපූර්ණ
වූයේ
ස්මෘති සම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘති සම්ප්‍රජන්‍යය පරිපූර්ණ
වූයේ
ඉන්ද්‍රියසංවරය පුරයි. ඉන්ද්‍රියසංවරය පරිපූර්ණ
වූයේ
<<<<<< මෙතන ඉඳන් වෙනස බලන්න වූයේ ----> වූවාහු වෙනව >>>>>
ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්ණ
වූවාහු >> ආර්‍යකාන්ත සීලයේ පිහිටනව
සතරසීවටන් පුරත්. සතරසීවටන්හු පරිපූර්ණ
වූවාහු >> සතර සතිපට්ඨානයේ පිහිටනව
සප්තබොධ්‍යඞ්ගයන් පුරත්. සප්තබොධ්‍යඞ්ගයෝ පරිපූර්ණ
වූවාහු >> සප්ත බොධ්‍යඞ්ගයන්ගේ පිහිටනව
විද්‍යා විමුක්තිය පුරත්. මෙසේ තෙල විද්‍යාවිමුක්තියගේ ප්‍ර‍්‍යය වෙයි. මෙසේත් පරිපූර්ණභාවය වෙයි. >>
ඒ ඒ මට්ටමෙන් විමුක්තිය ලබනව
මේ තමයි process එක, I don't know how else to explain this.