හයිවේ ටිකට් කඩන උන් අවුරුදු 5ක් හොරා කාලා! දෙයියෝ සාක්කි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,708
    8,265
    113

    820554395_1555982016213215_1439057060115335124_n.png

    2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ වසර 4යි මාස 9ක කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුව ඇති ටිකට්පත් අක්‍රමිකතා හේතුවෙන් මාර්ග සවර්ධන අධිකාරියට රුපියල් මිලියන 4,614කට අධික ආදායමක් අහිමිවී ඇති බව නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

    එම කාලය තුළ ප්‍රවේශ ටිකට්පත් මිලියන 133.8කට අධික සංඛ්‍යාවක් නිකුත් කර තිබුණද, වාහන මිලියන 18.2කට අධික සංඛ්‍යාවක් සඳහා පිටවීමේ ටිකට්පත් නිකුත් කර නොතිබූ බව විගණනයේදී අනාවරණය වී ඇත.

    ඒ අනුව දෛනිකව අධිවේගී මාර්ග ආදායමෙන් අහිමිවූ මුදල රුපියල් මිලියනයකට ආසන්න බවද එම වාර්තාව පෙන්වා දෙයි.

    මෙම විගණනයට අනුව විවිධ උපක්‍රම භාවිත කර අධිවේගී මාර්ග ආදායම් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම හා වංචා සිදුකර තිබුණද, ඊට වගකිව යුතු මුදල් අයකැමිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හඳුනාගෙන විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට හෝ එවැනි අක්‍රමිකතා වැළැක්වීමට අධිවේගී මාර්ග කළමනාකරණය කටයුතු කර නොමැත.

    ඉහළ සඳහන් කාලය තුළ ප්‍රවේශ කවුළුවේ සේවය කළ අයකැමිවරුන් විසින් වාහන වර්ගය වෙනස් කරමින් ටිකට්පත් 241,964ක් නිකුත් කර ඇති බවද විගණන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

    අයකැමියන්ගේ අභිමතය පරිදි හෝ නොසැලකිල්ල හේතුවෙන් සිදුවන එවැනි වාහන වර්ග වෙනස්කම් පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් හඳුන්වාදී නොතිබීම හේතුවෙන්, 2019 වසරේ සිට එවැනි දෝෂ වාර්තා වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.

    මේ අතර අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් රුපියල් මිලියන 611,374ක ණය ලබාගෙන ඇති බවද එම වාර්තාවේ සඳහන්ව ඇත.

    අධිවේගී මාර්ගවල සාමාන්‍ය වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් මිලියන 3,560.62ක් ලෙස ගණනය කර ඇති අතර, ඒ අනුව පොලී ගෙවීම් නොසලකා ණය මුදල පමණක් ගෙවීමට වසර 171කට වැඩි කාලයක් ගතවන බව විගණනයේදී නිරීක්ෂණය කර තිබේ.

    ඒ අනුව අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායමෙන් ණය සහ පොලී ගෙවීම් ආවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවද විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත.​
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,393
    4,739
    113
    sustainable development karan natuwa karapu paadu tama. udin yanna oni tan yatin gihin yatin yanna oni tan udin gihin. kawadawat yata un nati pathi yata wenne waw bunt eka wage wateta highway gahala nisa kiala teren na minisunta. evalin wena paadu gattot tawa wadi oya ganan walata wada.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,451
    12,454
    113
    ඕවා සේරම කාඩ් වලින් ගෙවන්න හදන්න ඕන. හුගක් රජයේ ආයතන ඔන්ලයින් යන්නේ ඔය නිසා.....කරන්න දෙයක් නෑ .....දැඩි තිරනයක් ගන්න වෙනවා...මුන්ගේ මේවා ගෙවන්න වෙන්නේ අපි ..බදු වලින්
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,692
    11,033
    113
    Nugegoda, Sri Lanka
    මොන Express way ද හිඟන සිංහලුන්ට. Sustainable වැලි කොට්ට සන්වර්දේනේ තමා ගැලපෙන්නෙම.. :lol: :lol:

    Jokes aside, shoul'dve implemented EZ Pass type of Automation from the start. BOC Account Open කරලා ඒවාට සල්ලි දානවා වගේ හිඟන වැඩ නොකර ඕනිම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් දාන්න පුළුවන් විදියට හැදුවනම් වැඩේ ඉවරයි

    images
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mister TT

    Active member
  • Dec 4, 2014
    591
    241
    43
    41
    Kalutara
    ගොඩක් බස් කාරයෝ එහෙම ටිකට් එක ගන්නේ නැතුව සල්ලි දීල එහෙම්මම යනවා.camera detection system හැම toll gate එකකම දැම්ම නම් හරි.රුපියල් මිලියන 611,374 ක වියදමක් ගිහිං තිබුනට indirect benefits වලින් සමහර විට දැනටමත් cost එක cover වෙලා ඇති.expressway හදන්න ගිය වියදමින්ම ලාබ පාඩු බලනවා නම් ඒක අසාර්ථකයි.expressway එකක් design කරන්නේ expressway එකෙන් යන එන වාහන වලින් cost එක cover කරන්න නෙමේ,දහස් ගණනක් indicators බලනවා.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,835
    3,298
    113
    38
    @ katubedda
    ගොඩක් බස් කාරයෝ එහෙම ටිකට් එක ගන්නේ නැතුව සල්ලි දීල එහෙම්මම යනවා.camera detection system හැම toll gate එකකම දැම්ම නම් හරි.රුපියල් මිලියන 611,374 ක වියදමක් ගිහිං තිබුනට indirect benefits වලින් සමහර විට දැනටමත් cost එක cover වෙලා ඇති.expressway හදන්න ගිය වියදමින්ම ලාබ පාඩු බලනවා නම් ඒක අසාර්ථකයි.expressway එකක් design කරන්නේ expressway එකෙන් යන එන වාහන වලින් cost එක cover කරන්න නෙමේ,දහස් ගණනක් indicators බලනවා.
    ඇත්ත කතාව.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,741
    17,917
    113
    Auckland
    ගොඩක් බස් කාරයෝ එහෙම ටිකට් එක ගන්නේ නැතුව සල්ලි දීල එහෙම්මම යනවා.camera detection system හැම toll gate එකකම දැම්ම නම් හරි.රුපියල් මිලියන 611,374 ක වියදමක් ගිහිං තිබුනට indirect benefits වලින් සමහර විට දැනටමත් cost එක cover වෙලා ඇති.expressway හදන්න ගිය වියදමින්ම ලාබ පාඩු බලනවා නම් ඒක අසාර්ථකයි.expressway එකක් design කරන්නේ expressway එකෙන් යන එන වාහන වලින් cost එක cover කරන්න නෙමේ,දහස් ගණනක් indicators බලනවා.

    More red tape is not a real solution

    Also these type of audits talk about lost revenue are usually arbitrary figures. Same as catching imported cigarettes and claim they worth millions of revenue if the taxes have been paid. It’s just not real money.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,941
    5,782
    113
    36
    ලංකාවෙ පොඩි මිනිහ ලොකු මිනිහ කියල නෑ
    හැම එකාම හොරෙක්
    ඒ වුණාට අනිත් එකාට ඇගිල්ල දික් කරනව
    ඔන්න ඇත්ත
     
    • Like
    Reactions: AnuradhaRa

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,458
    4,158
    113
    මයින්ද මහත්තයා පුරවපු එවුන් තමයි btw
    ඇහුවොත් ගෙවල් මයින්ද මාත්තියලගෙ දිහා තමා
     
    • Like
    Reactions: waca

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,451
    12,454
    113
    මම හිතුවේ බස්වලට අඩුම ගානේ කාඩ් සිස්ටම් එකක් වගේ අදුන්නලා දෙයි කියලා..වැඩේ කියන්නේ උනුත් යන්නේ සාමාන්‍ය උන් වගේ....
    බස් එකක් සාමානයෙන් ට්‍රිප් ගොඩක් යන නිසා..එතන වංචා වෙන්න පුලුවන් කියන එක..ඇයි බන් ලොකු පුටු උන්ට තේරුනේ නැත්තේ..ඇරත් ඕවා හැම එකක්ම ඔඩිට් වෙනවනේ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,463
    6,638
    113
    මෙච්චර හොඳ රටක් දාලා මිනිස්සු වෙන රටවල පදිංචියට යනව, බලන්න හැරෙන හැරෙන පැත්තෙ ආදායම් උපයන්න පුළුවන්.

    මේ වගේ අරින්ඩ පුළුවන් රටවල් අඩුයි.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,033
    2,667
    113
    colombo
    මම හිතුවේ බස්වලට අඩුම ගානේ කාඩ් සිස්ටම් එකක් වගේ අදුන්නලා දෙයි කියලා..වැඩේ කියන්නේ උනුත් යන්නේ සාමාන්‍ය උන් වගේ....
    බස් එකක් සාමානයෙන් ට්‍රිප් ගොඩක් යන නිසා..එතන වංචා වෙන්න පුලුවන් කියන එක..ඇයි බන් ලොකු පුටු උන්ට තේරුනේ නැත්තේ..ඇරත් ඕවා හැම එකක්ම ඔඩිට් වෙනවනේ
    Gotabaya wage supiri nayakayek e kale hitiyanm mehema wenne na ape hamuduruwane