මෙට්‍රෝ බස් සේවාව හෙට සිට කොළඹ පුරා..🛑👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,849
    48,602
    113
    image

    මෙට්‍රෝ බස් සේවාව හෙට (29) සිට කොළඹ නගරය පුරා ව්‍යාප්ත කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

    ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ බස් රථ 121ක් සේවයට එක්කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ප්‍රවාහන ආරක්ෂාව සහ පොදු ප්‍රවාහන සේවාව වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පෞද්ගලික වාහන භාවිතය අවම කර පොදු ප්‍රවාහන සේවා භාවිතයට ජනතාව වැඩි වශයෙන් යොමු කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවද ඔහු පැවසීය.

    මේ අතර, බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය මීට පෙර ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වා දී තිබුණද, විවිධ හේතූන් මත එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙට්‍රෝ බස් සේවාව හරහා නියමිත වේලාවට ධාවනය වන, සෑම ස්ථානයකම නතර නොවන සහ නීතිගරුක රියදුරන් හා කොන්දොස්තරවරුන් සහිත විධිමත් බස් සේවාවක් ලබාදීමට කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.

    ඒ අනුව බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ක්‍රමවේදය වඩාත් සුදුසු බව හඳුනාගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    උදෑසන 6.00 සිට 9.00 දක්වා එක් දිශාවකටත්, පස්වරු 4.00 සිට 7.00 දක්වා අනෙක් දිශාවටත්, මාර්ගයේ ඇති මංතීරු තුනෙන් එක් මංතීරුවක් පොදු ප්‍රවාහන බස් රථ සඳහා වෙන් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,374
    19,588
    113
    බත්තරමුල්ලෙ ඉදල බොරැල්ල කනත්ත ගාවට නම් ලේන් දෙකත් මදි. තුන් වෙනි එකේ තමා යන්නෙ.. 😕 බස් ලේන් එක දාල එකක් වැහුවම උදේට බොරල්ල ඉදල බත්තරමුල්ලට එන්න ලේන් එකක් නෑ
     
    • Like
    Reactions: War Fighter

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    525
    274
    63
    බස් එක අඩුම විනාඩි 20න් විස්සටවත් තිබ්බ නම් හොදා.. පැය බාගෙන් බාගෙට ආවොත් නං වැඩක් නෑ
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,273
    1
    431
    83
    sri lanka
    බත්තරමුල්ලෙ ඉදල බොරැල්ල කනත්ත ගාවට නම් ලේන් දෙකත් මදි. තුන් වෙනි එකේ තමා යන්නෙ.. 😕 බස් ලේන් එක දාල එකක් වැහුවම උදේට බොරල්ල ඉදල බත්තරමුල්ලට එන්න ලේන් එකක් නෑ
    Same to kalani bridge to borrella. If they close one lane it will be a disaster.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,468
    9,450
    113
    මයෙ ඩෝබි පුතාලා ඕව එහෙම ගිණිතියන්නෙ නැ හොදේ....

    ------ Post added on Sep 28, 2026 at 6:53 PM

    නාමල් සෑර් කරා නං ඉතින් කවදාවත් ලංකාවට ගේන්නේ නැති බස් ටිකකට ඩොලර් මිලයන ගානක් ගෙවනවා බලන්න තිබ්බා :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Podi puthas

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,988
    17,577
    113
    35
    Spain
    නාමල් සෑර් කරා නං ඉතින් කවදාවත් ලංකාවට ගේන්නේ නැති බස් ටිකකට ඩොලර් මිලයන ගානක් ගෙවනවා බලන්න තිබ්බා :ROFLMAO: :ROFLMAO:
    අපි දැන් ගෙවන්නේ හැකරුන්ටයි කොත්තමල්ලි වලටයි.
     
    • Haha
    Reactions: Elakirihacker

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,758
    8,347
    113

    අවසානයේ සටන් වදින ජනතාව දිනනු ඇත..
    ---------------------------------------------නිවාස 1800 ක මිලේනියම් සිටි නිවැසියන්ට අහිමි කල වාහන නැවතුම්පල ,බස් නැවතුම්පල ඇතුළු මුලික යටිතල පහසුකම් භූමියේ අයිතිය ලබාගැනීම වෙනුවෙන් අද දින CID යට පැමිණිල්ලක් ඉදිරිපත් කලා..
    දැනට ඉතිරිව තිබෙන පර්චස් 100 ක භූමිය මෙට්‍රො බස් නැවතුම්පල ලෙස භාවිතා කිරීමට සියළු කටයුතු සූදානම් කලා.. එය පහසු කටයුත්තක් උනේ නෑ මේ වන විටත් නවලෝක සමාගම එම ඉඩමට අයිතිවාසිකම් කියමින් අතුරුගිරිය පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා..
    1998 මිලේනියම් සිටි නිවාස සංකීර්ණය ආරම්භ කල අවස්ථාවේ සිට ආයෝජන මණ්ඩලය සෙලින්කෝ සමාගම එවකට කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු නගරාධිපතිවරු සියළු දෙනාගේ මැදිහත්වීමෙන් අක්කර 1 රූට් 3 පර් 30 ඉඩම අනිතිකව කැබලි කර අලෙවි කර ඇත ඉතිරිව තිබෙන පර් 100 ඉඩමටද නවලෝක සමාගම අයිතිවාසිකම් කියමින් ඇත..කෙසේ නමුත් අහිමි කල මහජන දේපල නැවත ජනතාවට ලබාදීම වෙනුවෙන් ඕනෑම අධිකරණයක ඕනෑම නීතිමය තත්වයකට මුහුණ දීමට අප සූදානම්. අප විශ්වාස කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ඇතැයි කියා..හෙට දහවල් සිට මිලේනියම් සිටි බස් නැවතුම්පලට ඔබ එන්න ඇවිත් ගමන් යන්න එන්න...ජනතාවට ජය..
    ❤️
    🙏

    උපුටාගැනීම-අසිත නිරෝශණ
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,468
    9,450
    113
    අපි දැන් ගෙවන්නේ හැකරුන්ටයි කොත්තමල්ලි වලටයි.
    ගෙදරට හොරු පනින එකයි, ගෙදර එකා කුඩු ගහන්න හොරකං කරන එකයි දෙකක් නේද ඉතින්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,505
    1
    59,019
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ අතර, බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය මීට පෙර ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වා දී තිබුණද, විවිධ හේතූන් මත එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
    විවිධ හේතූන්වලට විසඳුම් හොයාගෙන නැතුව ඇති.

    Im Sure Tonight Show GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,002
    1,223
    113
    Hamilton, NZ

    අවසානයේ සටන් වදින ජනතාව දිනනු ඇත..
    ---------------------------------------------නිවාස 1800 ක මිලේනියම් සිටි නිවැසියන්ට අහිමි කල වාහන නැවතුම්පල ,බස් නැවතුම්පල ඇතුළු මුලික යටිතල පහසුකම් භූමියේ අයිතිය ලබාගැනීම වෙනුවෙන් අද දින CID යට පැමිණිල්ලක් ඉදිරිපත් කලා..
    දැනට ඉතිරිව තිබෙන පර්චස් 100 ක භූමිය මෙට්‍රො බස් නැවතුම්පල ලෙස භාවිතා කිරීමට සියළු කටයුතු සූදානම් කලා.. එය පහසු කටයුත්තක් උනේ නෑ මේ වන විටත් නවලෝක සමාගම එම ඉඩමට අයිතිවාසිකම් කියමින් අතුරුගිරිය පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා..
    1998 මිලේනියම් සිටි නිවාස සංකීර්ණය ආරම්භ කල අවස්ථාවේ සිට ආයෝජන මණ්ඩලය සෙලින්කෝ සමාගම එවකට කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු නගරාධිපතිවරු සියළු දෙනාගේ මැදිහත්වීමෙන් අක්කර 1 රූට් 3 පර් 30 ඉඩම අනිතිකව කැබලි කර අලෙවි කර ඇත ඉතිරිව තිබෙන පර් 100 ඉඩමටද නවලෝක සමාගම අයිතිවාසිකම් කියමින් ඇත..කෙසේ නමුත් අහිමි කල මහජන දේපල නැවත ජනතාවට ලබාදීම වෙනුවෙන් ඕනෑම අධිකරණයක ඕනෑම නීතිමය තත්වයකට මුහුණ දීමට අප සූදානම්. අප විශ්වාස කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ඇතැයි කියා..හෙට දහවල් සිට මිලේනියම් සිටි බස් නැවතුම්පලට ඔබ එන්න ඇවිත් ගමන් යන්න එන්න...ජනතාවට ජය..
    ❤️
    🙏

    උපුටාගැනීම-අසිත නිරෝශණ

    Methana thama athurugiriye bus stand eka thiyanna oni harinam.