රට දුම්මල ගන්න ගස් වර්ගේ නම් මොකද්ද ලංකාවේ තියෙන

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,515
    1
    20,698
    113
    35
    Spain
    ලංකාවේ මේවා හැදෙන්නේ නෑ බන්, ඉස්සර අරාබි නාවිකයෝ ඒවා අරන් ආව අපිත් එක්ක බිස්නස් කරන්න.
     
    • Like
    Reactions: NRTG and Amith0424

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,618
    7,005
    113
    ලංකාවේ "රට දුම්මල" ලෙස හඳුන්වන්නේ දේශීයව ලබාගන්නා දුම්මල නෙමෙයි, වෙනත් රටවලින් ආනයනය කරනු ලබන හෝ විදේශීය ශාක වලින් ලබාගන්නා දුම්මල (Resin / Rosin) වර්ගයන්ටයි.

    ඒවා ලබාගන්නා ප්‍රධාන ශාක වර්ග මෙසේය:

    1. පයින් ගස (Pine Tree) – Pinus විශේෂ​

    • විස්තරය: වෙළඳපොලේ ඇති Gum Rosin / Pine Rosin ලෙස හඳුන්වන රට දුම්මල ප්‍රධාන වශයෙන් ලබාගන්නේ පයින් (Pine) ගස්වල මැලියම් පිරිපහදු කිරීමෙනි.
    • ලංකාවේ තත්ත්වය: ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශවල (උදා: බණ්ඩාරවෙල, නුවරඑළිය, ඇල්ල, නානුඔය ආදී) පයින් වගාවන් (Pine Plantations) බහුලව දක්නට ලැබේ.
    • භාවිත: ලාක්ෂා කර්මාන්තය, බතික් කර්මාන්තය, තීන්ත, ඉටි සහ විවිධ අත්කම් සඳහා රට දුම්මල ලෙස භාවිත කරයි.

    2. සල් ගස (Sal Tree) – Shorea robusta​

    • විස්තරය: ඉන්දියාව වැනි රටවලින් ආනයනය කරනු ලබන "සල් දුම්මල" (Sal Dammar) ද දේශීයව රට දුම්මල ලෙස හඳුන්වයි.
    • ලංකාවේ තත්ත්වය: මෙය ඉන්දියාවට ආවේණික ශාකයක් වන අතර ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන සහ පරිශ්‍ර කිහිපයක පර්යේෂණාත්මකව හෝ විසිතුරු ශාකයක් ලෙස වගා කර ඇත.

    💡 අමතර සටහනක් (දේශීය දුම්මල):​

    දේශීයව පූජා කටයුතු සහ ශාන්තිකර්ම සඳහා භාවිතා කරන දේශීය දුම්මල ලබාගන්නේ ලංකාවට ආවේණික "හල් ගස" (Vateria copallifera) සහ "හොර ගස" (Dipterocarpus zeylanicus) වැනි දේශීය ශාකවල ස්ඵටික වූ කිරි/මැලියම් වලිනි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    උඹ කියන්නේ හල් ගහ වෙන්න ඕනේ මචන්. ගහේ කඳ තුවාල වුණාම එලියට එන දුම්මල තමයි හල් දුම්මල කියලා ගන්නේ, පරණ කාලේ ඉඳන් වාර්නිෂ් වැඩ වලට එහෙම පාවිච්චි කරලා තියෙනවා. තෙත් කලාපේ පැති වල තමයි වැඩිපුර හැදෙන්නේ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,192
    9,030
    113
    ලංකාවේ මේවා හැදෙන්නේ නෑ බන්, ඉස්සර අරාබි නාවිකයෝ ඒවා අරන් ආව අපිත් එක්ක බිස්නස් කරන්න.
    රට දුම්මල කියන්නේ මොනවද බන්?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,618
    7,005
    113
    උඹ කියන්නේ හල් ගහ වෙන්න ඕනේ මචන්. ගහේ කඳ තුවාල වුණාම එලියට එන දුම්මල තමයි හල් දුම්මල කියලා ගන්නේ, පරණ කාලේ ඉඳන් වාර්නිෂ් වැඩ වලට එහෙම පාවිච්චි කරලා තියෙනවා. තෙත් කලාපේ පැති වල තමයි වැඩිපුර හැදෙන්නේ.
    උබේ බොටා ?? නැත්හම් උබද බොටෙක් වගේ මැසේජ් කරන්නේ.. ? මේක අස්සේ බොට් කෙනෙක් රන් කරන්න එහෙම පුලුවන් ද?? මට නම් හිතුනේම බොට් කෙනෙක් වගේ රඟ පානවා කියල.. හැබැයි සමහර එඋන් දාල තිබ්බ නේ වෙන වෙන කතා??? මොනව උනත් බොටෙක් නම් ඌ පරක්කුයි නේ??

    රට දුම්මල කියන්නේ මොනවද බන්?
    උබ පොඩි එකෙක්ද බන්?? මෙච්චර මේ නැ‍ටුවට?
    ------ Post added on Oct 20, 2026 at 6:49 PM
     
    • Haha
    Reactions: NRTG and Yudewwa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,515
    1
    20,698
    113
    35
    Spain
    රට දුම්මල කියන්නේ මොනවද බන්?
    පයින් ගහේ ලාටු. ඒවා තිරිවාන ගලක් වගේ හයි වෙනවා. ලංකාවේ පයින් ගස් නෑ නේ. ඉතින් ඉන්දියාවේ ඉඳල අරාබියේ ඉඳල එහෙම තමයි අපේ රටට ආවේ. ඔය රට දුම්මල ඉලෙක්ට්‍රොනික් වැඩ කරන උන්ට ඕන.
     
    • Like
    • Love
    Reactions: NRTG and Yudewwa

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,618
    7,005
    113
    පයින් ගහේ ලාටු. ඒවා තිරිවාන ගලක් වගේ හයි වෙනවා. ලංකාවේ පයින් ගස් නෑ නේ. ඉතින් ඉන්දියාවේ ඉඳල අරාබියේ ඉඳල එහෙම තමයි අපේ රටට ආවේ. ඔය රට දුම්මල ඉලෙක්ට්‍රොනික් වැඩ කරන උන්ට ඕන.
    ලංකාවේ ඕන තරම් පයින් ගස් තියෙනවා.. ඕව හදනවද නම් දන් නෑ.. ඉස්සර පාස්සනකොට එහෙමත් ගන්නවා නේද??
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,192
    9,030
    113
    උබ පොඩි එකෙක්ද බන්?? මෙච්චර මේ නැ‍ටුවට?
    පොඩි උනාට කොහොමද නැටුම... උඹලට වඩා හොදට නටනව
    පයින් ගහේ ලාටු. ඒවා තිරිවාන ගලක් වගේ හයි වෙනවා. ලංකාවේ පයින් ගස් නෑ නේ. ඉතින් ඉන්දියාවේ ඉඳල අරාබියේ ඉඳල එහෙම තමයි අපේ රටට ආවේ. ඔය රට දුම්මල ඉලෙක්ට්‍රොනික් වැඩ කරන උන්ට ඕන.
    දැකලත් නෑ බන්.. ඇහුවෙත් අදමයි. ඉලෙක්ට්‍රොනික් වැඩ වල මොනවද කරන්නේ ඒවායින්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,515
    1
    20,698
    113
    35
    Spain
    ලංකාවේ ඕන තරම් පයින් ගස් තියෙනවා.. ඕව හදනවද නම් දන් නෑ.. ඉස්සර පාස්සනකොට එහෙමත් ගන්නවා නේද??
    පොඩි උනාට කොහොමද නැටුම... උඹලට වඩා හොදට නටනව

    දැකලත් නෑ බන්.. ඇහුවෙත් අදමයි. ඉලෙක්ට්‍රොනික් වැඩ වල මොනවද කරන්නේ ඒවායින්
    ඊයම් වලින් පාස්සනකොට ෆ්ලක්ස් (රට දුම්මල) දාල පාස්සනකොට පෑස්සුම නීට් එකට එනවා. ඩ්‍රයි වෙන්නේ නෑ. ඊයම් අඩු උෂ්ණත්වයකින් උණු වෙනවා. පාස්සන තැන ක්ලීන් වෙනවා. පාස්සන්න ගන්න ඊයම් කම්බිය ඇතුලේ ෆ්ලක්ස් තියෙනවා. නමුත් ඒ මදි නිසා සමහරු රට දුම්මල කැටයක් තියාගෙන ඉන්නවා පාස්සනකොට බවුත් එකෙන් ටච් කර කර පාස්සන්න.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,651
    25,080
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පොඩි උනාට කොහොමද නැටුම... උඹලට වඩා හොදට නටනව

    දැකලත් නෑ බන්.. ඇහුවෙත් අදමයි. ඉලෙක්ට්‍රොනික් වැඩ වල මොනවද කරන්නේ ඒවායින්
    රොසින්.

    solder paste වගේ. surface එක clean කරල tight bond එකක් ගන්න use කරන්නෙ.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,383
    6,898
    113
    East Blue (Goa Kingdom)
    හල් ගස්
    අන්න හරි නම අමතක වෙලා තිබ්බේ , ගෙදරත් තිබ්බ ඕව රට දුම්මල හල් ගහකින් ගත්ත .
    සිංහල බෙහෙත්බඩු කඩ වල තියෙනවා හල් වලින් ගන්න එක මද දන්නේ නැහැ .

    ඉස්සර පාස්සන FLUX හදන්නේ ඕව වලින් පිට රට නම් pine wax , ලංකාවේ රට දුම්මල ,
    දැන් තියෙන cheap Rosin Flux හදන්නෙත් ඕව වලින්
    ඉස්සර රට දුම්මල වලින් හදන liquid flux එක එක දේවල් වලදී ගන්නවා , ගිනි වතුර කියල liquid flux වලට කිව්වේ මතක විදිහට

    dnvLtOn.jpeg













     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,383
    6,898
    113
    East Blue (Goa Kingdom)
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,618
    7,005
    113
    කාන්තාර ප්‍රදෙස වල තියනවලු ගහකින් ගන්න මැලියම් වර්ගයක්. පුච්චනකොට හරිම සුවදයිලු
    දුම්මල සමහර වෙලාවට පට්ට සුවදයි.. හිටපු ගමන් සිනි ගදයි.. මට නම්
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    229
    289
    63
    පයින් ගහේ ලාටු. ඒවා තිරිවාන ගලක් වගේ හයි වෙනවා. ලංකාවේ පයින් ගස් නෑ නේ. ඉතින් ඉන්දියාවේ ඉඳල අරාබියේ ඉඳල එහෙම තමයි අපේ රටට ආවේ. ඔය රට දුම්මල ඉලෙක්ට්‍රොනික් වැඩ කරන උන්ට ඕන.
    ඉස්සර වෙල්වල් මැද්දේ යන දිය කඩිති වල දුම්මල කියලා ගස් වල මුල් තිබ්බා දුඹුරු පාට ?? ඔය කියන්නේ එකමද නම් දන්නේ නෑ..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,515
    1
    20,698
    113
    35
    Spain
    ඉස්සර වෙල්වල් මැද්දේ යන දිය කඩිති වල දුම්මල කියලා ගස් වල මුල් තිබ්බා දුඹුරු පාට ?? ඔය කියන්නේ එකමද නම් දන්නේ නෑ..
    ඔවු බන් දුම්මල කියල ගහක් නම් තියෙනවා. එත් ඒවායින් දුම්මල හදනවා කියල අහල නෑ

    කාන්තාර ප්‍රදෙස වල තියනවලු ගහකින් ගන්න මැලියම් වර්ගයක්. පුච්චනකොට හරිම සුවදයිලු
    ඔවු ඒවා කුඩු කරලා දුම් අල්ලන්න ගන්නවා නෙ.
    ------ Post added on Oct 20, 2026 at 9:04 PM
     
    • Love
    Reactions: NRTG