ශ්‍රී ලංකාව කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරපු බදු ප්‍රතිපත්ති නිසා, ජැපනීස් බයික්ස් direct import කරන එක මිල අධික වුණා. බදු නියම කළේ එන්ජින් ධාරිතාවට සහ වාහනයේ වටිනාකමට අනුව. මේ නිසා සමහරක් බයික්ස් වලට ගෙවන්න වුණු බදු මුදල බයික් එකේ වටිනාකමට වඩා වැඩි වුණා. මේ හේතුව නිසා අද සාමාන්‍ය මිනිහෙකුට ජපන් බයික් එකක් ගන්න එක හීනයක් වෙලා තියෙනවා.
ලංකාවේ බොහෝ කාලයක් බදු ගණන් බැලුවේ වාහනයේ CIF අගය (වාහනයේ මිල, රක්ෂණය සහ නැව්ගත කිරීමේ ගාස්තුව එකතුව) මත. මේක අලුත් එකක් නෙවෙයි. පරම්පරාගත ක්‍රමය. 2018 අයවැයෙන් තමයි මේ CIF අගය අනුව ගණන් බලන ක්‍රමය වෙනුවට එන්ජින් ධාරිතාව (cc) අනුව රේගු බදු අය කරන ක්‍රමය ගෙනාවේ