දුර හිදන් මා දුරක ඇවිදින්
නතර වූ තැන ඉමක රැදෙමින්
දුටු දෑස මා
නොසන්සුන් කර
රැදුනි මතකයි මට ඔබේ රුව
නොව මෙනුවර තෝකියෝවක්
හමුවන්නෙ නෙතු
මිදොරියෙහි නොව
රෝහලේ කැන්ටිමේ
උදේ පිපුන
සුදුම සුදු සකුරා මලක්
හවස මා දකින්නෙ
මඳක් මැලවුන වතින් ඉන්නා
රෝ දුක් නිමා සිනා සලනා
සුවඳ හමනා
සුදු රෝස මලක්
ඉතින් අවසරද සොදුරිය
ගතින් හා හිතෙන්
හුදකලා වූ මට තනිමකන්නට
දිගාමඩුල්ලෙ පිපුන
කිමෝනා නිල සුදු වතින් සැරසුන
සුදුම සුදු සකුරා
හෙද මලට
-කලන පුතා-
2026/10/28
නතර වූ තැන ඉමක රැදෙමින්
දුටු දෑස මා
නොසන්සුන් කර
රැදුනි මතකයි මට ඔබේ රුව
නොව මෙනුවර තෝකියෝවක්
හමුවන්නෙ නෙතු
මිදොරියෙහි නොව
රෝහලේ කැන්ටිමේ
උදේ පිපුන
සුදුම සුදු සකුරා මලක්
හවස මා දකින්නෙ
මඳක් මැලවුන වතින් ඉන්නා
රෝ දුක් නිමා සිනා සලනා
සුවඳ හමනා
සුදු රෝස මලක්
ඉතින් අවසරද සොදුරිය
ගතින් හා හිතෙන්
හුදකලා වූ මට තනිමකන්නට
දිගාමඩුල්ලෙ පිපුන
කිමෝනා නිල සුදු වතින් සැරසුන
සුදුම සුදු සකුරා
හෙද මලට
-කලන පුතා-
2026/10/28