'අස්වැසුම' ලැයිස්තුවෙන් ලක්ෂ 14ක් කපයි..මින් ඉදිරියට මුදල් ගෙවීම් සිදු කරනු ලබන්නේ 'අන්ත දිළිඳු' සහ 'දිළිඳු' යන කාණ්ඩ දෙක සඳහා පමණයි..🔴🔥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,986
    49,005
    113
    aswesuma_large.webp


    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'අස්වැසුම' ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්‍රමවේදය යටතේ ප්‍රතිලාභීන් 1,391,830 දෙනෙකු ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    2025.12.15 දිනැති අංක 2497/03 දරන රජයේ ගැසට් නිවේදනයට අනුව, අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මින් ඉදිරියට මුදල් ගෙවීම් සිදු කරනු ලබන්නේ 'අන්ත දිළිඳු' සහ 'දිළිඳු' යන කාණ්ඩ දෙක සඳහා පමණි.

    ඒ අනුව තොරතුරු යථාවත් කිරීමෙන් පසු, මාසිකව රුපියල් 17,500ක දීමනාව හිමිවන අන්ත දිළිඳු කාණ්ඩය සඳහා ප්‍රතිලාභීන් 363,142ක් සහ මාසිකව රුපියල් 10,000ක දීමනාව හිමිවන දිළිඳු කාණ්ඩය සඳහා ප්‍රතිලාභීන් 628,658ක් ලෙස පළමු ලේඛනය යටතේ සමස්තයක් වශයෙන් 991,800ක පිරිසක් සුදුසුකම් ලබා ඇත.

    මේ අතර එළඹෙන දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිත දෙවන නාම ලේඛනය සඳහා පවුල් 740,127ක් පමණක් තෝරා ගැනීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

    වත්මන් සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය මේ වනවිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී වසම් කාර්යාලවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කර ඇත.

    මෙම ලේඛනය සම්බන්ධයෙන් යම් අභියාචනයක් හෝ විරෝධතාවක් පවතින්නේ නම්, හෙට (29) දින සිට නොවැම්බර් මස 11 වනදා දක්වා ඒ සඳහා ඉදිරිපත් වීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබේ.

    තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලියෙන් අනතුරුව, සුදුසුකම් ලබන නව ප්‍රතිලාභීන්ගේ දෙවන නාම ලේඛනය ලබන දෙසැම්බර් මාසයේදී ප්‍රසිද්ධ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අපේක්ෂා කරයි...

    YbqZL3L.png

    4ccEh3E.png
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,579
    2,076
    113
    United States
    නම ලැයිස්තුවේ නැත්නම් හෙට ඉඳලා නොවැම්බර් 11 වෙනකන් අභියාචනයක් දාන්න පුළුවන් කියන එක නම් වැදගත්, ඒ දවස් ටික මඟ ඇරෙන්න කලින් ග්‍රාම නිලධාරි කාර්යාලෙන් චෙක් කරගන්න එක හොඳයි.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,426
    27,751
    113
    මේ අතර එළඹෙන දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිත දෙවන නාම ලේඛනය සඳහා පවුල් 740,127ක් පමණක් තෝරා ගැනීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

    Disappointed World Cup GIF by Goldmaster
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,687
    103,129
    113
    මේ අතර එළඹෙන දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිත දෙවන නාම ලේඛනය සඳහා පවුල් 740,127ක් පමණක් තෝරා ගැනීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි
    Soviet Union GIF
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,313
    87,960
    113
    ආශ්චර්යමත් රටක
    Lapaya oka karai kiyala sure da.. mata nam kisima sure ekak na..

    මට නං හොඳටම ෂුවර්. කයියසිංහ වගේ කයිය විතරක් නෙවෙයි කලිනුත් අස්වැසුම ලැබෙන කොටසක් අඩු කරලනේ ඉන්නෙ. එහෙම කරලත් තියෙන්නෙ ඇයි බන් ෂුවර්ද අහන්නෙ??
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,144
    5,901
    113
    Lapaya oka karai kiyala sure da.. mata nam kisima sure ekak na..
    Already හෙන සෙට් එකකට කපල තියෙන්නෙ බං. මෙහෙ හිටියා හෙන සෙට් එකක් ඉඩම්෴ වාහන එහෙම තියාගනත් අස්වැසුම ගත්ත. උන් එකෙක්ටවත් දැන් හම්බවෙන්නෙ නෑ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,275
    9,711
    113
    aswesuma kiyanne chanda gunduwak. oka kapuwama e govt ekata e minissunge chanda hambenne ne..

    aye vipakshe un kiyai api path wunoth dennam kiyala

    same goes for govt jobs
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,915
    113
    35
    Spain
    රනිල් ඕක ගෙනාවේ උඹලගේ ඉබ්‍රාහිම් නානා උගේ පුත්තු එක්ක බෝම්බ පුපුරවාගෙන මුළු රටක්ම විනාස කරපු නිසා. එහෙම විනාසයක් වුනේ නැත්නම් අදටත් අස්වැසුම කියල දෙයක් දෙන්න ඕන නෑ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,818
    1
    59,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අස්වැසුම ගන්න එවුන් ලක්ෂ ගාණක් රටේ හිටියට ගහක අත්තක් කපාගන්න, වත්ත සුද්ද කරගන්න එකෙක් නෑ. හැම එකාම දවසක වැඩට 10000ක් විතර ඉල්ලනවා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,596
    21,330
    113
    හස්තිශෛලපුර
    මට නං හොඳටම ෂුවර්. කයියසිංහ වගේ කයිය විතරක් නෙවෙයි කලිනුත් අස්වැසුම ලැබෙන කොටසක් අඩු කරලනේ ඉන්නෙ. එහෙම කරලත් තියෙන්නෙ ඇයි බන් ෂුවර්ද අහන්නෙ??
    14lakh kiyanne podi ganak newe.. 4-5 lakh kiwanam wenna puluwan..

    2024-2027 wenakota 14lakh adu weida?
     
    • Like
    Reactions: shenat

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,372
    18,761
    113
    අවුලක් නෑ මමනං අස්වසුමෙන් gta 6 එකට already ගාන ඉතුරු කරගත්ත

    අස්වැසුම ගන්න එවුන් ලක්ෂ ගාණක් රටේ හිටියට ගහක අත්තක් කපාගන්න, වත්ත සුද්ද කරගන්න එකෙක් නෑ. හැම එකාම දවසක වැඩට 10000ක් විතර ඉල්ලනවා.
    ගාන අමතක කරපංකෝ. පොල්ල තියන්නේ නැතුව එන්නේ කීයෙන් කී දෙනාද
    ------ Post added on Oct 29, 2026 at 8:49 AM
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,694
    7,104
    113
    Gedara
    අස්වැසුම ගන්න එවුන් ලක්ෂ ගාණක් රටේ හිටියට ගහක අත්තක් කපාගන්න, වත්ත සුද්ද කරගන්න එකෙක් නෑ. හැම එකාම දවසක වැඩට 10000ක් විතර ඉල්ලනවා.
    True that
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,975
    2,555
    113
    Nugegoda
    ඕක කලින් කරන්න තිබුන වැඩක්. රටේ නිකම්මු බිහිකරන එක විතරයි වෙන්නෙ.