හොදම යාලුවා නිසා මම මේ වලේ වැටුනෙ, ඌ කියපු හින්දමයි මම මේ වාහනේ ගත්තෙ(ඌ ගාව මේකෙන් 4ක් තියේ), උන්ගෙ වාහනයක් උනත් කැඩුනම දුවලා පැනලා උදව් කරේ මම, මම මේ වාහන ගැන සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා මේ ටික කාලෙට, මගෙ වාහනේ කැඩුනට පස්සෙ මිනිහා මට ලක්ශ තුනක ණයක් දාලා දෙන්නම් කියලා සෑහෙන කල් ගත්තා, මමත් ඉතින් බලන් හිටියා මූ දෙයිනෙ කියලා හැබැයි දුන් නෑ පස්සෙ හරියන්නෙ නැතිම හින්දා මම ණයට බඩු ගෙනල්ලා වාහනේ හදාගත්තා, මූ මම ගැන කිසි දෙයක් බලන් නෑ, උගෙ හැමදේටම හිටියෙ මම, ඌ හින්දා මම සැහෙන සල්ලියක් නැතිකරගත්තා ඒ වගේම කාලේ නාස්ති කරගත්තා හුගක් පාඩම් ඉගෙනගත්තා, ඇසුර වැරදුනොත් සසරම වැරදෙනවා කියන්නෙ නිකන් නෙවේ කියලා මට දැන් තේරෙනවා