නෑ මචං. මනුස්සයෙක් විදිහට බුද්ද දර්ශනේ නිවී සැනසිල්ලෙ තේරුම් අරන් අවම සෝවාන් වෙන්නවත් හිත නිදහස් නෑ බං. හැමදාම දුවනව. මරණය ඉදිරියේ පරාජිතයෙක් වගේ භාර ගන්න තමා වෙන්නෙ. මට මගෙ ජීවිතේ satisfaction එකක් නෑ
හිත නිදහස් නැහැ කියලා අදහස් කරන්නේ?
බුදුහාමුදුරුවෝ මරන්න ආපු අයත් සෝතාපන්න වුනා.
නෑ, බෑ කියන්නැතුව අද ඉදන් සෝතාපත්ති අංග (ධර්ම ශ්‍රවණය, කළ්‍යාණ මිත්‍ර ඇසුර, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව) වඩන්න.
වැස්සේ පාරේ තෙමෙන, කන්න නැති, තුවාල හැදුන බල්ලෙක් ගැන හිතපන්. ඌ අපිට සාපේක්ෂව කොච්චර පල්ලෙහා තැනක හිටියත්, මැරෙනක් ඔහේ බලන් ඉන්නැතුව, ඌ පුලුවන් විදිහට survive වෙනවානේ..
ඉතින් උබලට එහෙම ප්‍රශ්නත් නැතුව, මනුස්ස ජීවිතයක් හම්බෙලා, දැන් ඇති වෙලා ඉන්නේ.. වගේ වයිබ් එකකින් ජීවත් වෙන එක හරිද?
සෝතාපත්ති අංග වඩලා කොහොම හරි සෝතාපන්න වෙන්න උත්සහ කරන්න.