බුදුදහම බෞද්ධ දර්ශනය වීම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,153
    104,144
    113
    බුදුදහම බෞද්ධ දර්ශනය වීම

    බුදුදහම නිවන් ලබා ගැනීමේ අරමුණින් හැදෑරීමයි ශාස්ත්‍රීය විෂයයක් ලෙස හැදෑරීමයි කියන්නේ දෙකක්. හැබැයි මං අද මේ කතා කරන්න යන්නේ ඒ වෙනස ගැන නෙවේ. බුදුදහම බෞද්ධ දර්ශනය වුණේ කොහොමද කියන කාරණය ගැන.

    බටහිර ජාතීන්ට යටත් වුණත් නැතත් අද වන විට ලෝකයේ සෑම රටක්ම විධිමත් සහ අවිධිමත් යන අධ්‍යාපන රටා දෙකට අනුගතව යනවා. මෙතැන ඇත්තටම තියෙන්නේ එකක් හොඳයි අනෙක නරකයි වගේ වෙනසක් නෙවේ. පරිපාලන ගැටලුවකුයි තියෙන්නේ. විධිමත් අධ්‍යාපනය යටතේ කොපමණ ඉගැන්නුවාද‍, තව කොපමණ උගන්වන්න ඕනේද‍, කොචිචර කල් ඉගෙන ගන්න ඕනේද වගේ කරුණුවලට පිළිතුරු සැපයිය හැකි ක්‍රම හදාගෙන තියෙනවා. මෙහෙම ක්‍රමයක් රටකට අවශ්‍යයි රාජ්‍ය මුදල් නිසි ලෙස ආයෝජන කළ හැකිද කියා අධීක්ෂණය කරන්න. උදා. වශයෙන් නැටුම් උගන්වන්න කියා ගමේ සාම්ප්‍රදායික නැටුම් ගුරුවරයාට රජයෙන් මුදල් දුන්නා නම් කී දෙනෙකු ඉගෙන ගන්නාවාද‍, වැඩේ කොයිතරම් හොඳට යනවාද ආදී කිසිවක් අධීක්ෂණය කර ගන්න බැහැ. ගුරුවරයා කියන දේ අහල‍, ආ එහෙමයි ගුරුන්නාන්ස⁣ේ කියන්න තමයි වෙන්නේ. මේ නිසා තමයි විශ්වවිද්‍යාලය පාඨමාලාවක් විදිහට නැටුම් උගන්වන්නත් ඒවායේ ගුණාත්ම සහ ප්‍රමාණාත්මක බව ගණනය කරන්න ක්‍රමත් හදන්නේ.

    මේ කිසිම දෙයක් 100%ක් හොඳයි‍, සාර්ථකයි කියන දේ නෙවෙයි මං කියන්නේ. මේ විධිමත් සහ අවිධිමත් අධ්‍යාපන ක්‍රම දෙකේ වෙනසයි මං ඒ කිව්වේ. බුදුදහම වුණත් විශ්වවිද්‍යාලයයේ ඉගැන්වීම අවශ්‍ය වන්නේ මේ හේතුව මත.

    ඕක්ස්ෆර්ඩ්‍, කේම්බ්‍රිජ් වගේ ලෝකයේ ප්‍රකට පෙළේ විශ්වවිද්‍යාලයය පවා ආරම්භ වුණේ ආගමික මධ්‍යස්ථාන හැටියට. මේ නිසා යුරෝපීය අධ්‍යාපන ක්‍රමය ව්‍යාප්ත වී ගිය හැම රටකම‍, ලංකාවේ පවා‍, විශ්වවිද්‍යාලයවල ආගමික විෂයයන් හැදෑරීම මුල ඉඳලම සිදු වුණා.

    වර්තමාන කොළඹ විශ්විද්‍යාලයය එවක ලංකා විශ්වවිද්‍යාලයයේ කොළඹ මණ්ඩපය ලෙස තියෙන කාලයේ බුදුදහම‍, පාලි‍, සංස්කෘත වගේ විෂයයන් හදාරන්න වෙනම පීඨක් තිබුණා Faculty of Oriental Studies කියලා. ඒ කාලේ ශාන්ති නිකේතනයේ හිටි විශිෂ්ට ම සංස්කෘත සහ ටිබෙට් පඬිවරයෙකු වූ විදුශේඛර භට්ටාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලයයේ සංස්කෘත සහ ටිබෙට් බුදුදහම ඉගැන්වූවා. චීන ජාතික ෆාෆොං හාමුදුරුවන් ද චීන භාෂාව සහ චීන බුදුදහම ඉගැන්වූවා. මං ඒ කතාව කිව්වේ ලංකාවේ විශ්වවිද්‍යාලයීය ප්‍රාචීන අධ්‍යාපනය ජාත්‍යන්තර තලයේ තිබුණු බව කියන්න.

    කොහොම නමුත් බුදුදහම විශ්වවිද්‍යාලයීය විෂයයක් ලෙස හඳුන්වා දීමේදී අපේ උගතුන්ට විශාල ගැටලුවකට මුහුණ දෙන්න වුණා. ඒ තමයි බුදුදහම ශාස්ත්‍රීය විෂයයක් ලෙස හැදෑරීමේදී අනුගමනය කළ යුතු ශාස්ත්‍රීය ශිල්පීයක්‍රම මොනවාද කියන කාරණය.

    විසිවන සියවස වන විට බටහිර ජාතීන් බොහොමයක් හඳුනාගෙන තිබුණා බුදුදහම විශිෂ්ට ආගමක් හැටියට. මේ නිසා ආගමක් හැටියට බුදුදහම විශ්වවිද්‍යාලයයේ පාඨමාලාවක් වීම ඔවුන්ට ගැටලුවක් වුණේ නැහැ. හැබැයි ඔවුන් කීයටවත් පිළිගත්තේ නැහැ බුදුදහම ඇතුළේ දියුණු දාර්ශනික චින්තාවක් තියෙනවා කියා. මේ නිසා මතුවුණ ගැටලුව තමයි යුදෙව් ක්‍රිස්තියානි ආගම් හැදෑරීම පිණිස එවක යු⁣රෝපීය උගතුන් හදාපු ශිල්පීය ක්‍රම භාවිතයෙන් බුදුදහමත් හදාරන්න වීම.

    මෙහම කරන්න ගියොත් බුදුදහම විකෘති වෙනවා. අනෙක් අතට සුදු අධිරාජ්‍ය පාලනය යටතේ බුදුදහම එයටම ආවේණික වූ ශිල්පීයක්‍රමවලින් හදාරන්න ක්‍රමයක් හදා ගන්නත් බැහැ. වැඩිය සද්දෙ දාලා වැඩේ අවුල් ගියොත් වෙන්නේ බුදුදහම විශ්වවිද්‍යාලය විෂයපද්ධතියෙන් ඉවත් වීම. මේ නිසා රවුලයි කැඳයි දෙකම බේරා ගන්න අපේ උගතුන්ට සිදු වුණා.

    ඇත්තටම මේ කාලේ ලංකාවේ තත්ත්වය තරමක් යහපත්. මොකද ලංකාවේ මලලසේකර‍, විජේසේකර‍, කේ.එන්. ජයතිලක වගේ උගතුන්ගේ අප්‍රතිහත කැපකිරීම් නිසා "බෞද්ධ සංස්කෘතිය" කියන නම යටතේ බුදුදහම හදාරන්න පුළුවන් කමක් අපට තිබුණා. එතකොට වෙන්නේ ආගම් අධ්‍යයනක්‍රමවලින් එළියට ඇවිත් වඩා පුළුල්ව සංස්කෘතික හැදෑරීම් සිදු කරන ශිල්පීයක්‍රම යටතේ අපට බුදුදහම හදාරන්න පුළුවන් වීම.

    ඒ වන විට ලෝකයේ තත්ත්වය මීට වඩා අවුල්. ආගම් හෝ ආගම්වලට අනුබද්ධ අධ්‍යයනාංශ ඇතුළේ තමයි බුදුදහම තිබණේ. සමාජවිද්‍යා හෝ මානවවිද්‍යා යටතේ බුදුදහමේ දාර්ශනික පැත්ත කතා කරන්න අවස්ථාව දුන්නේ නැහැ. මේ නිසා වුණේ බුදුදහමේ තිබුණු දාර්ශනික සහ තාර්කික වටිනාකම ලෝකයට කියා දෙන්න බැරි වීම.

    මේ ප්‍රශ්නයට විසඳුම විදිහට ලෝකයෙ සහ ලංකාවේ සිටි බෞද්ධ උගතුන් කල්පනා කළේ‍, බුදුදහම දර්ශනයක් ලෙස හඳුන්වා දුන්නා නම් මේ ගැටලුව නිරාකරණය කර ගත හැකි බවයි. එතකොට ඒ වන විට බටහිර දර්ශනය හදාරන්න භාවිත කළ මෙවලම්වලින් බුදුදහම හදාරන්න පුළුවන් වෙනවා. මේක ප්‍රශ්නයට හොඳම පිළිතුර නොවුණත් ඒ වන විට ඔවුන්ට තිබුණු හොඳම පිළිතුර.

    එහෙත් කිසිම බටහිර දාර්ශනික උගතෙකු ඒකට කැමති වුණේ නැහැ. ඒ අය හිතුවේ ඒ අයගේ නිර්මල බටහිර දර්ශනය බුදුදහම වගේ ආගම් සමග මිශ්‍ර වීමෙන් අපවිත්‍ර වෙනවා කියා. අදටත් එහෙම හිතන අය ඉන්නවා.

    බටහිර දාර්ශනික උගතුන්ගේ තිබුණු මෙම මාන්නයට විරුද්ධව එවක ලෝකයේ සිටි බෞද්ධ උගතුන් කීප දෙනෙක් සීතල යුද්ධයක් ප්‍රකාශයට පත් කළා. ලංකාවෙ කේ. එන්. ජයතිලක කියන්නේ ඒ අතර ඉදිරි පෙළේ හිටි සෙනෙවියෙක්.

    දර්ශනය‍, ඥානවිභාගය‍, තර්කශාස්ත්‍රය‍, වස්තුමීමාංසාව වගේ පද යොදා ගනිමින් බුදුදහම ගැන කතා කළොත් ඒ පොත් පළ කරන්නත් අමාරුයි. ඒවාට හිනා වෙන්න බලාගෙන තමයි පිරිස හිටියේ. ඒත් ජයතිලක‍, මලලසේකර‍, වි⁣⁣ජේසේකර‍, තියොඩෝර් ශර්බාට්ස්කි‍, සත්කරි මුකර්ජි‍, එරික් ෆ්‍රව්වල්නර් ‍, මසාකි හතොරි‍, වගේ ලොව වටා විශාල පිරිසක් ලෝකය වටින්ම මේ වැඩේට එකතු වුණා.

    මට හරියටම කියන්න බැහැ කවුද ප්‍රමුඛ වුණේ කියා. ඒත් ලෝකයේ උගතුන් අතර සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ අනගාරික ධර්මපාලතුමා තමයි මුලින්ම ලෝකයට පනිවිඩයක් දුන්නේ බුදුදහම ආගමක් ලෙස නොව දර්ශනයක් ලෙස දැකිය යුතුයි කියලා. එතුමාගේ කතාවල නිතරම බුදුදහම එවක තිබුණු බටහිර දර්ශනය සමග සසඳා කතා කිරීම ප්‍රකට ලක්ෂණයක්. එහෙම කරන තාක් කවුරුවත් දැන ගෙන හිටියේ නැහැ බටහිර දර්ශනය සමග උරට උර ගැටෙන පරිදි කතා කළ හැකි දර්ශනයක් බුදුදහම ඇතුළේ තිබුණු බව.

    ඉතිං දශක ගණනාවක් තිස්සේ ලොක බෞද්ධ උගතුන් මේ මතය අනුව සිදු කළ සීතල යුද්ධය නිසා අද වන විට බුදුදහම ශාස්ත්‍රාලයීය ලෙස හදාරන අයෙකු දර්ශනය හදාරන අයෙකුට සමානව දකින්න බටහිර ලෝකය පෙළඹිල තියෙනවා. එහෙම නොවුණා නම් බුදුදහම ගැන උපාධියක් හදාරන කිසි කෙනෙකුට ලෝකයේ දර්ශනය කතා කරන තැනකට ගිහිං "අපටත් දර්ශනයක් තියෙනවා." කියා කියන්න අවස්ථාව උදා වෙන්නේ නැහැ.

    ඇත්තටම මේ වන විට උපනිෂද් දර්ශනය‍, වේදාන්ත දර්ශනය වගේ ඒවාත් ඉදිරියට ඇවිත් තිබුණා. එත කොට බටහිර උගතුන් කීවේ "දර්ශනය" කියන පදය දර්ශනය නොවන ඒවාට යොදමින් අවභාවිත කරනවා කියා. ඒත් බුදුදහම දෙවියෙකු පිළිගන්නැති දහමක් නිසා දර්ශනයක් ලෙස නැඟී ඒමේදී ඔවුන්ට ලේසියෙන් ⁣"බෞද්ධ දර්ශනය" යන්න ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා.

    ඉතිං මං මේ කතාව කිව්වේ බුදුදහම දර්ශනයක් බවට පත් වන්නේ මෙන්න මේ ශාස්ත්‍රීය අධ්‍යයන අවශ්‍යතාව නිසා මිසක ඒක බටහිර දර්ශනය මෙන් බාර ගත යුතුයි කියල හිතලවත් ආගමකට වඩා දර්ශනයක් වීම හරි උසස් වගෙ අදහසකින් වත් නෙවේ. එතැන තියෙන්නේ අධ්‍යයනය කිරීමේ ශිල්පීයක්‍රම පිළිබද ගැටලුවක් සහ ලෝක අධ්‍යාපන කතිකාවලදී බුදුදහම ස්ථානගත කරන්නේ කොහොමද කියන අර්බුදයට විසඳුමක් විතරයි.

    ඒක තවත් විදිහකට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. යම් කෙනෙකු බුදුදහම ආගම හෝ සංස්කෘතිය කියන වර්ගීකරණය යටතේ ඉගෙන ගත්තා නම් ඒ තැනැතාට ඒක විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා භාවිත කරන මෙවලම්වලින් විතරයි. දර්ශනය කියන වර්ගීකරණය යටතේ ඉගෙන ගත්තා නම් එය දාර්ශනික මෙවලම්වලින් පැහැදිලි කරන්න පුළුවන්. ඒත් අන්තිමේදී දෙගොල්ලම පැහැදිලි කරන්නේ එකම දේ වෙන්න පුළුවන්. හැබැයි භාවිත කරන මෙවලම් වෙනස් වෙන කොට ඒ සම්බන්ධයෙන් මතුවන ආකල්ප සහ ඇගයීම් වෙනස් වෙනවා. අහං ඉන්න ශ්‍රාවක පිරිසත් ඉදිරිපත් වන අවස්ථාවත් වෙනස් වෙනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,589
    1
    20,865
    113
    35
    Spain
    ඔය බර්ට්‍රම් ජී ලියනගේ කියන මනුස්සය සෑහෙන ධර්මය ගැන දැනුමක් තියෙන කෙනෙක් නේද. ඉස්සර මහායාන දේශනා ගැනත් සෑහෙන දේවල් ලියුවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,153
    104,144
    113
    ඔය බර්ට්‍රම් ජී ලියනගේ කියන මනුස්සය සෑහෙන ධර්මය ගැන දැනුමක් තියෙන කෙනෙක් නේද. ඉස්සර මහායාන දේශනා ගැනත් සෑහෙන දේවල් ලියුවා
    ඔව් එයා මහායාන පැත්තට තමා ගොඩක් බර. මාත් එතුමාගෙන් ඉගෙන ගෙන තියෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,870
    8,599
    113
    ඔව් එයා මහායාන පැත්තට තමා ගොඩක් බර. මාත් එතුමාගෙන් ඉගෙන ගෙන තියෙනවා.
    සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ගැන මොකද හිතන්නේ ?
     
    • Like
    Reactions: waca

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,965
    40,176
    113
    Homagama
    බ්‍රට්රම් දැනුමැත්තෙක්. නමුත් ඕනාවට වඩා සියුමලි නිසා ආගම් සුදු කරන්න යනවා වැඩියි. විසේසයෙන්ම මුස්ලිම් කල්චර් එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,153
    104,144
    113
    සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ගැන මොකද හිතන්නේ ?
    කියවලා තියෙනවා. මොකුත් එහෙම හිතෙන්නේ නෑ

    බුද්ධාගම කියන්නේ ආගමක් , දර්ශනයක් නෙවෙයි
    ලිපිය කියෙව්වේ නෑ නේ
    ------ Post added on Nov 13, 2026 at 3:12 PM
     
    • Like
    Reactions: dilann

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,541
    10,546
    113
    Galaha
    බුද්ධාගම කියන්නේ ආගමක් , දර්ශනයක් නෙවෙයි
    බුදු දහම හුදු සාම්ප්‍රදායික ආගමක් හෝ වියුක්ත දර්ශනයක් පමණක්ම නොවන අතර, එය ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමටත්, දුකෙන් මිදීමටත් ඇති විමුක්ති මාර්ගයක් ලෙස සැලකිය හැකිය.

    මේ පිළිබඳ විවිධ අදහස් පහත පරිදි දැක්විය හැකිය:
      • දර්ශනයක් ලෙස: බුදු දහම තුළ ලෝකය, ජීවිතය, හේතු-ඵල දහම (පටිච්ච සමුප්පාදය) සහ ස්වභාවධර්මය පිළිබඳ ගැඹුරු සහ තර්කානුකූල විශ්ලේෂණයක් ඇත. එය ඇදහීමට වඩා ප්‍රඥාවෙන් විමර්ශනය කිරීමට හා අත්දකින්නට ඉදිරිපත් කර ඇති ඉගැන්වීමකි.
      • ආගමක් ලෙස: සමාජය තුළ බුදු දහම හා බැඳුණු චාරිත්‍ර, වතාවත්, සිල් රැකීම, පිංකම් සහ ශ්‍රද්ධාව මුල්කරගත් සංවිධානාත්මක පිළිවෙත් පවතින බැවින්, එය බොහෝ දෙනෙකු විසින් ආගමක් ලෙසද සලකනු ලැබේ.
      • විමුක්ති මාර්ගයක් ලෙස: බුදුරජාණන් වහන්සේගේ මූලික අරමුණ වූයේ ලෝකය ගැන තර්ක කිරීම හෝ විවිධ චාරිත්‍ර පද්ධතියක් ඇති කිරීම නොව, මිනිසාගේ සන්තානයේ පවතින ලෝභ, ද්වේශ, මෝහ නමැති කෙලෙසුන්ගෙන් සිත නිදහස් කර, නිර්වාණය සාක්ෂාත් කරවීමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,847
    170,994
    113
    එකමත් එක රටක
    බුදු දහම හුදු සාම්ප්‍රදායික ආගමක් හෝ වියුක්ත දර්ශනයක් පමණක්ම නොවන අතර, එය ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමටත්, දුකෙන් මිදීමටත් ඇති විමුක්ති මාර්ගයක් ලෙස සැලකිය හැකිය.
    හැම ආගමක් ම විමුක්තියක් ගැන තමයි බන් කතා කරන්නේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,541
    10,546
    113
    Galaha
    හැම ආගමක් ම විමුක්තියක් ගැන තමයි බන් කතා කරන්නේ
    හැම ආගමකම වගේ අරමුණ "විමුක්තිය" වුණාට, බුදු දහමේදී ඒක තමන්ගේම උත්සාහයෙන් සහ ප්‍රඥාවෙන් ළඟා කරගන්නා මානසික තත්ත්වයක් නිසා තමයි සමහරු ඒකට දර්ශනයක් කියන්නෙත්, චාරිත්‍ර වාරිත්‍ර එක්ක බලද්දී තවත් සමහරු ආගමක් කියන්නෙත්. අනෙකුත් ආගම්වල විමුක්තිය බොහෝ විට මරණයෙන් පසු ළඟා වන සදාකාලික සැපවත් ස්ථානයක් හෝ තත්ත්වයක් ලෙස විස්තර වෙනවා. බුදු දහමේ විමුක්තිය (නිවන) යනු මේ ජීවිතයේදීම සිතේ ඇතිවන රාග, ද්වේශ, මෝහ නැති කිරීමෙන් අත්විඳිය හැකි මානසික නිදහසක්.
     
    Religion කියන දේට සමාන පදය විදියට ආගම ගත්තට ඔය දෙක මුල දෙකකින් ආකාර දෙකක් පැහැදිලි කරගන්න හදාගත්ත වචන.

    ආගම (Āgama) – පැමිණීම හෝ පරම්පරාවෙන් පැවත එන ඉගැන්වීම් යන්නයි.

    Religion – මිනිසා දෙවියන් හෝ පූජනීය දෙයක් සමඟ බැඳීම යන අර්ථයෙන් විස්තර කෙරේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,847
    170,994
    113
    එකමත් එක රටක
    හැම ආගමකම වගේ අරමුණ "විමුක්තිය" වුණාට, බුදු දහමේදී ඒක තමන්ගේම උත්සාහයෙන් සහ ප්‍රඥාවෙන් ළඟා කරගන්නා මානසික තත්ත්වයක් නිසා තමයි සමහරු ඒකට දර්ශනයක් කියන්නෙත්, චාරිත්‍ර වාරිත්‍ර එක්ක බලද්දී තවත් සමහරු ආගමක් කියන්නෙත්. අනෙකුත් ආගම්වල විමුක්තිය බොහෝ විට මරණයෙන් පසු ළඟා වන සදාකාලික සැපවත් ස්ථානයක් හෝ තත්ත්වයක් ලෙස විස්තර වෙනවා. බුදු දහමේ විමුක්තිය (නිවන) යනු මේ ජීවිතයේදීම සිතේ ඇතිවන රාග, ද්වේශ, මෝහ නැති කිරීමෙන් අත්විඳිය හැකි මානසික නිදහසක්.
    චරිත වාරිත්‍ර නෙවෙයි බුදුදමේ විමුක්තියට යන්න නම් සාස්තෘ ව විශ්වාස කරන්නම ඕනේ . නැත්නම් අපායෙ දරුනුවටම . දර්ශන වල එහෙම තනි පුද්ගලයෙක් සරණ යාමක් , විශ්වාස කිරීමක් නොකලොත් පලවිපාක දෙන කතාවක් නෑ .
    බුදුන් ගැන සැකයක් තිබ්බොත් ඒක මිත්‍යදෘෂ්ටිය වෙලා ආනන්තරිය පාපකර්මයටත් වඩා ලොකු පවක් වෙන්ව .
    කොටින්ම බෝඋද්ධයෙක් වෙන්නෙත් සරණ යාමක් තියනව . දර්ශන වල එහෙම සරණයාමක් නෑ කාවවත් දර්ශනයක් follow කරන්න .
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,541
    10,546
    113
    Galaha
    චරිත වාරිත්‍ර නෙවෙයි බුදුදමේ විමුක්තියට යන්න නම් සාස්තෘ ව විශ්වාස කරන්නම ඕනේ . නැත්නම් අපායෙ දරුනුවටම . දර්ශන වල එහෙම තනි පුද්ගලයෙක් සරණ යාමක් , විශ්වාස කිරීමක් නොකලොත් පලවිපාක දෙන කතාවක් නෑ .
    බුදුන් ගැන සැකයක් තිබ්බොත් ඒක මිත්‍යදෘෂ්ටිය වෙලා ආනන්තරිය පාපකර්මයටත් වඩා ලොකු පවක් වෙන්ව .
    කොටින්ම බෝඋද්ධයෙක් වෙන්නෙත් සරණ යාමක් තියනව . දර්ශන වල එහෙම සරණයාමක් නෑ කාවවත් දර්ශනයක් follow කරන්න .
    බුදුදහමේ "අඥානයන් සමඟ වාද නොකරන්න" යැයි පවසන්නේ අන් අය පහත් කොට සැලකීමට නොව, විවෘත මනසක් නැති අය සමඟ කරන තර්ක විතර්කවලින් කිසිවෙකුටත් යහපතක් සිදු නොවන නිසා තමන්ගේ මානසික නිදහස ආරක්ෂා කර ගැනීමටයි. :rolleyes:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,847
    170,994
    113
    එකමත් එක රටක
    බුදුදහමේ "අඥානයන් සමඟ වාද නොකරන්න" යැයි පවසන්නේ අන් අය පහත් කොට සැලකීමට නොව, විවෘත මනසක් නැති අය සමඟ කරන තර්ක විතර්කවලින් කිසිවෙකුටත් යහපතක් සිදු නොවන නිසා තමන්ගේ මානසික නිදහස ආරක්ෂා කර ගැනීමටයි. :rolleyes:
    එහෙම කියලා තියෙන්නේ උත්තර නැති උනාම පලායාමේ උපායක් විදියට . විවෘත මනසක් තියන උන් ආගමේ කිව්ව පලියට ශාස්තෘ ව අදහන්නේ විශ්වාස කරන්නේ නෑ .

    බුද්දාගම කියන්නේ ආගමක් . දර්ශනකය නීති පද්දති නැ .
    දර්ශන වල උත්තරීතර පුද්ගලයෙක් උඩම තියලා ශාස්තෘ විදියට වැදීමක් , විශවාස කිරමක් සරණ යාමක් නෑ ,
    දර්ශන අනුගමනය කරන්න පුර්ව ක්‍රියාකාරකම් , සමාදන්වීම් නෑ ආගම් වල වගේ .

    ඕව ආගම් විතරයි බන් .
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,541
    10,546
    113
    Galaha
    එහෙම කියලා තියෙන්නේ උත්තර නැති උනාම පලායාමේ උපායක් විදියට . විවෘත මනසක් තියන උන් ආගමේ කිව්ව පලියට ශාස්තෘ ව අදහන්නේ විශ්වාස කරන්නේ නෑ .

    බුද්දාගම කියන්නේ ආගමක් . දර්ශනකය නීති පද්දති නැ .
    දර්ශන වල උත්තරීතර පුද්ගලයෙක් උඩම තියලා ශාස්තෘ විදියට වැදීමක් , විශවාස කිරමක් සරණ යාමක් නෑ ,
    දර්ශන අනුගමනය කරන්න පුර්ව ක්‍රියාකාරකම් , සමාදන්වීම් නෑ ආගම් වල වගේ .

    ඕව ආගම් විතරයි බන් .
    දර්ශනයක් සහ ආගමක් යැයි කියන බෙදීම පුද්ගලයා දකින ආකාරය මත වෙනස් වේ. ඇතැමුන්ට එය ගැඹුරු ජීවන දර්ශනයක් වන අතර, තවත් පිරිසකට එය භක්තියෙන් හා විශ්වාසයෙන් අදහන ආගමකි.

    Mama personally buddadarshanaya agamak vidiyata dakinne na. pilima wandanawa karanne na. budun deshana karala thiyena de anugamanaya karanawa ape hithata ekagawa harida waradida kiyala hithala. ape thatta buddist amma catholic ape akkala 2 a nisa catholic mama buddist uppaneta dala thiyenne :rolleyes:

    Ubata kiyanna mama aurudu ganakin pansal gihillath na. anthimata pansalakata giye 2024 wife ta baba hambenna wife gedara innakota unge amma hamuduruwanta soup ekak gihin denna kiuwa hawasa. eka gihin deela awa.
    ------ Post added on Nov 13, 2026 at 4:14 PM
     
    පරලොවක් නැහැ කියල පිළිගන්න එක මිත්‍යාදෘෂ්ටිකය්ක් කියල උබ හිතනවද ??
    ඕපපාතික සත්වයෙක් පිළිගන්නේ නැති එක මිත්‍ය්දෘෂ්ටියක් කියලා උබ හිතනවද ?
    අපාය ,දිව්‍යලෝක , බ්‍රහ්මලෝක , ප්රෙතලෝක නෑ කියල පිළිගන්න එක උබට අනුව මිත්‍යාදෘෂ්ටිය ද ??

    ඔය කියපු දේවල් නෑ කියලා හිතන උන් මරණෙන් පස්සේ නිරයේ යනවා කියලා උබ පිළිගන්නවද ?