කැකිරාවේ. සුදස්සන හිමියන්ගේ සාකච්චාවල් ශ්‍රවණය කරන්න. උඩින් පල්ලෙන් අහන්නැතුව බුද්ධියෙන් අහපං. එතකොට තේරෙයි පසුකාලීනව ධර්මයට එකතු වූ බහුබූත කොච්චර නම් අපි බුදුන් වහන්සේ දේශනා කෙරුවයි කියලා ඇඳගෙන වැඳගෙන ඉන්නවද කියලා. ඊට අමතරව සිත වැඩීමට අවශ්‍ය නම් මීතිරිගල නිස්සරන වනයේ භාවනා වැඩසටහන් වලට සහභාගී වන්න. මගේ බුද්ධියේ හැටියට ඔය ඔප්ෂන් දෙක තමයි වර්තමානයේ නියම බෞද්ධයකු වීමට තිබෙන මග
නිවන කියන්නේ කලින් නොකාපු රසයක් කියලා හිතන්න. ඒ රසය තියෙන තැනට යන පාරවල් ගොඩක් තියෙනවා. ඒ එක එක පාරවල් වල යද්දී හම්බෙන මං සලකුණු තැන් තැන් වල තියෙනවා.
බුදු කෙනෙක් සමස්ථ මාර්ග පද්ධතියයි, සමස්ථ මං සලකුණුයි දැකලා, සමස්ථය දේශනා කරනවා.
කෙනෙක්ට තමන් යන පාරේ හම්බෙන මං සලකුණු වලට සාපේක්ෂව අනිත් පාරවල් තියෙන මං සලකුණු බොරු කියන්න බැහැ. උදාහරණයක් විදිහට ශුෂ්ක විපස්සනාවෙන් ප්‍රඥා විමුක්ත වුන රහතන් වහන්සේ කෙනෙක් හිතුවොත් පංච අභිඤ්ඤා, අෂ්ට සමාපත්ති බොරු කියලා, නිවන කියන ඩෙස්ටිනේශන් එකට යන්න පුලුවන් සමස්ථ මාර්ග පද්ධතියයි, ඒ ඒ පාරවල් වලදි හම්බෙන සියලු මං සලකුණු ටිකටයි සාපේක්ෂව ඒ අදහස වැරදියි.
නොඇසූ, නොවිරූ දහමක් ගැන හොයද්දී, ඇහෙන, දකින ධර්මය *තමන් දන්න දේට* සාපේක්ෂව ෆිල්ටර් කරලා, දන්න දේ එක්ක ලොජිකලි ගලපලා, ගැලපෙන්නැති ටික බොරු කියනවනම්, ස්කිල් ඉසූ එකක් නේද?
පිළිනොගෙන, බැහැරත් නොකර, නුවණින් විමසන්න ධර්මය තියෙන්නේ.. එතකොට තමයි පෙර නොඇසූ, නොවිරූ ධර්මයක් අහගන්න පුලුවන් වෙන්නේ.