මල්ලිගෙ අදහසට මම එකඟයි..කුරිරු යුද්දයෙන් හිස එසවු අපේ පින් බිමට අද දවසේ ඉතා ඉක්මනින්ම ඇවැසි වන්නේ ජාතික බලවේග සියල්ල ඒක රාශී කරගත්,අපේ රටට ඔබින ජාතික අරගලයක්.. ඉතිහාසයේ අපිට වැරදුන තැන් හොඳට අධ්‍යයනය කොට අපේ රටේ හෙටක් වෙනුවෙන් බලය හා සම්පත් අපි හැමෝ අතරම සම සේ බෙදි යා හැකි හා උපරිමව යොදා ගත හැකි තත්වයක් අපි වහ වහා නිර්මානය කල යුතු වෙමු....
මේකට තවත් දෙයක් එකතු කරන්න මට හිතුනා. මා කොතරම් දුරට හරිද කියලා මම දන්නෑ. ඒත මට හිතෙන විදියට අපේ රටේ එකතු වෙලා වැඩක් කරන්න පුළුවන් අය නෑ. විශේෂයෙන්ම ඔය කියන රට කරවන ඇත්තොන්ගේ. එගෝල්ලේ හදන්නේ තමන්ගේ ලකුණු රැස් කරලා පොර වෙන්න. තමන්ගේ බඩ වඩා ගන්න. අනික් එකාට හෙණ ගැහුවත් කමක් නෑ තමන් හොඳින් නම් කියන එක පෙර දැරි කරගෙන තමයි එගෝල්ලෝ වැඩ කරන්නේ.ඒක හින්දා තමයි කවුරු හරි හොඳ වැඩක් කරන්න හදද්දී බාල්දි දාලා ඒක නතර කරන්නේ.
රෝන් අයියගේ අදහස නම් ඉතාමත් හොඳයි. ඒක කරන්න මා පෙන්වපු තැනදි ලොකු වැරැද්දක් අපේ අය කරනවා. හිතන් ඉන්නේ මේ රටේ ඉන්න ඕනේ සිංහල
බවුද්ධ (වචනේ වැරදියි මට සිංහල යුනිකේත වලින් හරියට ලියන්න බෑ) අය විතරයි කියලා.එකත් ඇති කරේ ඔය මහ ලොකුවට කෑ ගහන දේශ හිතෛයිශියෝ තමයි.
වචනේ පරිසමාපත් තේරුමවත් දන්නැති අය ඔය කියන ලේබලය උඩින් ගහගෙන තමයි ඔක්කෝම කරන්නේ. අපේ අයත් අනේ ඇත්තේයි කියාගෙන ඔක්කොටම හරියි කියනවා.එහෙම රටකයි අපි ජිවත්වෙන්නේ.ප්රශ්නය හරියට තේරුම් නොගැනිමයි මෙතන තියෙන ලොකුම ප්රශ්නය.
සුභ දවසක්!!!!!
