මට මතක් වෙන්නේ මීට ටික කලකට ඉස්සර ජාතිවාදයේ ගිනි දැල්වලින් යාපනයේ තිබු අපේ රටේ දැවන්තම පුස්තකාලය සිත් පිත් නැති නුගත් දේශපාලුවන්ගේ කැමැත්තට පුච්චා දමපු හැටි.. එදා විද්වතුන්ගේ ඇස්වලින් කෙතරම් නම් කඳුලු කඩා ඉහුරුනාද?? චිරාත් කාලයක් තිස්සේ විද්වතුන් පන මෙන් රැක ගත් බුදලය... කියල නිම කරන්න බැරි ඉතිහාස පුරාවතයන් හා ශාස්ත්‍රීය සංග්‍රහයන් පැය කීපයකින් ඔහුන්ගේ ඇස් ඉදිරිපිටම භෂ්මාවශේෂ බවට පෙරලුනාද...
ඒක ඇත්ත අයියේ. ගඩොලින් ගඩොල ආපහු මුල ඉදල හැදුවත් ඒ නැතිවෙච්ච ලෝකයක් වටින දැනුම හිලව් කරන්න අමාරුයි. මම අහල තියෙනව ඔය යුද්ධෙට කලින් ලංකාවෙ තිබුණු (දකුණෙ නොතිබුණු) සෑහෙන වටින සංස්කෘත, පාලි පොත් පත් යාපනේ පුස්තකාලෙ තිබුණලු. ඒ අතර අපේ ඉතිහාසයෙ මහා වංශයට ඇස නොගැටුණු pre historic age කියල අපි කියන කාලෙ ගැන සාධක තියෙන ලිපි ලේඛනත් තියෙන්නට ඇති.
ඒක නෙමේ කට්ටිය මොනවද දන්නෙ රාවණ රජුගෙ කාලෙ තිබුණ කියන ආත්මාරක්ෂක සටන් කලා ගැන. ඔය අංගම්පොර වගේ දේවල් මං කියන්නෙ. නිල විද්‍යාව, timing කරල ගානට දවස් ගානකට පස්සෙ සතුරව පරලොව යවන්න එල්ල කරන පහරවල්, ඒත් එක්කම දැන් ඔය ජපානෙ අදටත් පාවිච්චි වෙන "කී" ශක්තිය වගේ රෝග සුව කරන ක්‍රම ගැන. ඒ විතරක්ද අද අපි ඔය සුව කරන්න බැහැ කියල කියන පිළිකා වලට පවා ඒ කාලෙ යම් පමණකට දේශීය ඖෂධ වලින් ප්‍රතිකාර තියෙන්නට ඇති මම හිතන්නෙ.
අපි මේව ගැනත් කතා කරමුද
Last edited:







