What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මට මතක් වෙන්නේ මීට ටික කලකට ඉස්සර ජාතිවාදයේ ගිනි දැල්වලින් යාපනයේ තිබු අපේ රටේ දැවන්තම පුස්තකාලය සිත් පිත් නැති නුගත් දේශපාලුවන්ගේ කැමැත්තට පුච්චා දමපු හැටි.. එදා විද්වතුන්ගේ ඇස්වලින් කෙතරම් නම් කඳුලු කඩා ඉහුරුනාද?? චිරාත් කාලයක් තිස්සේ විද්වතුන් පන මෙන් රැක ගත් බුදලය... කියල නිම කරන්න බැරි ඉතිහාස පුරාවතයන් හා ශාස්ත්‍රීය සංග්‍රහයන් පැය කීපයකින් ඔහුන්ගේ ඇස් ඉදිරිපිටම භෂ්මාවශේෂ බවට පෙරලුනාද...

    ඒක ඇත්ත අයියේ. ගඩොලින් ග‍ඩොල ආපහු මුල ඉදල හැදුවත් ඒ නැතිවෙච්ච ලෝකයක් වටින දැනුම හිලව් කරන්න අමාරුයි. මම අහල තියෙනව ඔය යුද්ධෙට කලින් ලංකාවෙ තිබුණු (දකුණෙ නොතිබුණු) සෑහෙන වටින සංස්කෘත, පාලි පොත් පත් යාපනේ පුස්තකාලෙ තිබුණලු. ඒ අතර අපේ ඉතිහාසයෙ මහා වංශයට ඇස නොගැටුණු pre historic age කියල අපි කියන කාලෙ ගැන සාධක තියෙන ලිපි ලේඛනත් තියෙන්නට ඇති.

    ඒක නෙමේ කට්ටිය මොනවද දන්නෙ රාවණ රජුගෙ කාලෙ තිබුණ කියන ආත්මාරක්ෂක සටන් කලා ගැන. ඔය අංගම්පොර වගේ දේවල් මං කියන්නෙ. නිල විද්‍යාව, timing කරල ගානට දවස් ගානකට පස්සෙ සතුරව පරලොව යවන්න එල්ල කරන පහරවල්, ඒත් එක්කම දැන් ඔය ජපානෙ අදටත් පාවිච්චි වෙන "කී" ශක්තිය වගේ රෝග සුව කරන ක්‍රම ගැන. ඒ විතරක්ද අද අපි ඔය සුව කරන්න බැහැ කියල කියන පිළිකා වලට පවා ඒ කාලෙ යම් පමණකට දේශීය ‍‍ඖෂධ වලින් ප්‍රතිකාර තියෙන්නට ඇති මම හිතන්නෙ.
    අපි මේව ගැනත් කතා කරමුද
     
    Last edited:

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***

    ඔව් ඔව්.. "අන්ග" = ඇන්ග.. "පොර" = වලිය (හෙහෙ ) ඇන්ගෙන් කරන හටන තමඉ අන්ගම්පොර වෙල තියෙන්නෙ..
    මේක ගැන ජයන්ත චන්ද්‍රසිරි මහත්තය ලස්සන කතා කීපයකුත් කලා නෙ..
    දන්ඩුබස්නාමානය, අකාල සන්ද්යා වගේ..;)
    මට පොඩි දෙයක් දැනගන්න තියෙනව.. රිටිගල ජයසේන හෙවත් මහසොහොන් සෙන්පතිතුමා සහ අපේ රාවනා රජතුමා අතර මොකක් හරි සම්බන්ද කමක් තිබුනද?
    මොකද අකාල සන්ද්යා කතාවෙ මට මතකයි ඒ සටන් ශිල්ප එක්ක මහසොහොන් සෙන්පතිතුමා ගෙ සම්බන්ද කමක් පෙන්නුව..:yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක ඇත්ත අයියේ. ගඩොලින් ග‍ඩොල ආපහු මුල ඉදල හැදුවත් ඒ නැතිවෙච්ච ලෝකයක් වටින දැනුම හිලව් කරන්න අමාරුයි. මම අහල තියෙනව ඔය යුද්ධෙට කලින් ලංකාවෙ තිබුණු (දකුණෙ නොතිබුණු) සෑහෙන වටින සංස්කෘත, පාලි පොත් පත් යාපනේ පුස්තකාලෙ තිබුණලු. ඒ අතර අපේ ඉතිහාසයෙ මහා වංශයට ඇස නොගැටුණු pre historic age කියල අපි කියන කාලෙ ගැන සාධක තියෙන ලිපි ලේඛනත් තියෙන්නට ඇති.

    ඒක නෙමේ කට්ටිය මොනවද දන්නෙ රාවණ රජුගෙ කාලෙ තිබුණ කියන ආත්මාරක්ෂක සටන් කලා ගැන. ඔය අංගම්පොර වගේ දේවල් මං කියන්නෙ. නිල විද්‍යාව, timing කරල ගානට දවස් ගානකට පස්සෙ සතුරව පරලොව යවන්න එල්ල කරන පහරවල්, ඒත් එක්කම දැන් ඔය ජපානෙ අදටත් පාවිච්චි වෙන "කී" ශක්තිය වගේ රෝග සුව කරන ක්‍රම ගැන. ඒ විතරක්ද අද අපි ඔය සුව කරන්න බැහැ කියල කියන පිළිකා වලට පවා ඒ කාලෙ යම් පමණකට දේශීය ‍‍ඖෂධ වලින් ප්‍රතිකාර තියෙන්නට ඇති මම හිතන්නෙ.
    අපි මේව ගැනත් කතා කරමුද
    මට නම් හිතෙන්නේ යාපනය පුස්තකාලය ගිනි ත්\අබීමත් ඔය කුමන්ත්‍රණ වලම කොටසක් කියල...

    ද්\අනට තියෙන කරුණු අනුව නම් සටන් කලා වල අරම්ඹ්හය චීනය... තාම සාධක නෙ නේද ලංකාවෙ එහෙම සටන් කලාවක් තිබුන කියලා... සමහරු කියනව අංගම්පොර කියන්නෙ ඉන්දියවෙ තියෙන කරලියපට්ටු කිඅන ස්ටන් කලාවේ ආඹ්හාෂය ලබපු කලාවක් කියලා..
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හැන්ගුවා විතරක් නෙමෙයි මල්ලි, අදටත් ඔය පුස්කොල පොත් වගේ අපිට අයිති අපේ උරුමය පිටරටවලට විකුණන ජාතිද්‍රෝහියො ඉන්නවා. ඒ විකුණන්නෙ නිකම්ම තාක්ෂණය ගැන ලියැවුනු පොත් නෙමෙයි, එක්කෙනෙකුට අයිති දේකුත් නෙමෙයි. හැම සින්හලයෙකුටම තියෙනවා ඕවට අයිතියක්. මුන් විකුණන්නෙ අපේ ඒ උරුමය, අනන්‍යතාවය.
    :yes:

    මෙහෙමයි අක්කෙ ඒ ජාති ද්‍රෝහියොන්ව හදනව කියන්නෙ කරන් බැරි වැඩක්
    අඩුම තරමෙ අපේ රජයට මේ ගැන වැටහීමක් තියෙනවනම් විවුර්ත ආරාධනයක් කරන්න තිබ්බ
    සොරකම් කරපු පොත් අපිට දෙන්න අපි ඒවට ඉහලම මිලක් දෙන්නම්
    කියලවත්
    අනික් රාජ්්‍යන් තරම් ඉහල මිළක් අපේ රජයට ගෙවන්න බැරිවෙන්න පුළුවං ඒත් උත්සහයක්වත් දරන්න තිබ්බ:(
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ඒක නෙමේ කට්ටිය මොනවද දන්නෙ රාවණ රජුගෙ කාලෙ තිබුණ කියන ආත්මාරක්ෂක සටන් කලා ගැන. ඔය අංගම්පොර වගේ දේවල් මං කියන්නෙ......පිළිකා වලට පවා ඒ කාලෙ යම් පමණකට දේශීය ‍‍ඖෂධ වලින් ප්‍රතිකාර තියෙන්නට ඇති මම හිතන්නෙ.
    අපි මේව ගැනත් කතා කරමුද
    මමනම් හිතන්නෙ කතා කළාට කමක් නෑ
    (මේකට අදාලද දන්නෙ නෑ) සීගිරියෙ වතුර මල් වල තාක්ෂනය වගේ තව ඕනෙ තරම් මතෘකා ඇති:yes::)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියපු ලිපියක් දැක්කා..
    සාකච්ඡාවට වටිනව කියල හිතුන නිසා දැම්මා... :):)

    මේකෙ හැටිය‍ට රාවන රජතුමා මරණයට පත්වෙලා නැහැ, සිහි මුර්ඡා වෙලා
    විතරයි..
    හැබැයි නැවතත් සිහි එළවා ගත්තට පස්සෙ යන්නෙ ඉන්දියාවටමයිනෙ..!!

    පලි - කවුරු හරි ඉන්නවද ලකේගල ගියපු කෙනෙක්???
    [/COLOR]

    මේක විස්වාස කරන්න පුලුවන් ද..?
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ඒක ඇත්ත අයියේ. ගඩොලින් ග‍ඩොල ආපහු මුල ඉදල හැදුවත් ඒ නැතිවෙච්ච ලෝකයක් වටින දැනුම හිලව් කරන්න අමාරුයි. මම අහල තියෙනව ඔය යුද්ධෙට කලින් ලංකාවෙ තිබුණු (දකුණෙ නොතිබුණු) සෑහෙන වටින සංස්කෘත, පාලි පොත් පත් යාපනේ පුස්තකාලෙ තිබුණලු. ඒ අතර අපේ ඉතිහාසයෙ මහා වංශයට ඇස නොගැටුණු pre historic age කියල අපි කියන කාලෙ ගැන සාධක තියෙන ලිපි ලේඛනත් තියෙන්නට ඇති.

    ඒක නෙමේ කට්ටිය මොනවද දන්නෙ රාවණ රජුගෙ කාලෙ තිබුණ කියන ආත්මාරක්ෂක සටන් කලා ගැන. ඔය අංගම්පොර වගේ දේවල් මං කියන්නෙ. නිල විද්‍යාව, timing කරල ගානට දවස් ගානකට පස්සෙ සතුරව පරලොව යවන්න එල්ල කරන පහරවල්, ඒත් එක්කම දැන් ඔය ජපානෙ අදටත් පාවිච්චි වෙන "කී" ශක්තිය වගේ රෝග සුව කරන ක්‍රම ගැන. ඒ විතරක්ද අද අපි ඔය සුව කරන්න බැහැ කියල කියන පිළිකා වලට පවා ඒ කාලෙ යම් පමණකට දේශීය ‍‍ඖෂධ වලින් ප්‍රතිකාර තියෙන්නට ඇති මම හිතන්නෙ.
    අපි මේව ගැනත් කතා කරමුද

    පුරාණ නැව් වාර්තා බොහොමයක් යාපනය පුස්තකාලෙ තිබිල තියනව. ඒවායෙ දෙවනි පිටපත තිබිල තියෙන්නෙ බැබිලෝනියාවෙ (මට මතක හැටියට) විනාශ වෙ‍ච්චි පුස්තකාලෙක.
    ඒ කියන්නෙ නැව් වාර්තා ටික කෑව කියන එක තමා.
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මට පොඩි දෙයක් දැනගන්න තියෙනව.. රිටිගල ජයසේන හෙවත් මහසොහොන් සෙන්පතිතුමා සහ අපේ රාවනා රජතුමා අතර මොකක් හරි සම්බන්ද කමක් තිබුනද?
    මොකද අකාල සන්ද්යා කතාවෙ මට මතකයි ඒ සටන් ශිල්ප එක්ක මහසොහොන් සෙන්පතිතුමා ගෙ සම්බන්ද කමක් පෙන්නුව..:yes::yes:
    උපුටා ගැනීම : http://ravanabrothers.com/index.php?PHPSESSID=ca28cd0d5812661bb7b0a3ec95eb4103&topic=229.0
    n705390643_5007615_4335.jpg

    මචං දන්න විදියට (මහවංශයෙ කාල නිර්ණයන් සම්බන්ධ ගැටලු තිබුණත්) රිටිගල ජයසේන සහ රාවන අතර කාල පරාසය ගලපන්න අමාරුයි නේද?:oo:
    ජයසේන කියන්නෙ යක්ඛ සෙන් පතියෙක් තමා ඒ උනත් රාවන යුගය දක්වාම හිටිය කියල කියන්න ටිකක් අමාරැයි මම හිතන්නෙ.
     
    Last edited:

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මාතෘකාවට කොච්චර ගැලපෙනවද කියල මම දන්නෙත් නෑ. ඒත් කැමති අය ඉන්නවනම් කියවන්න. :)

    754935.jpg

    The start of this art goes back to the period of King ‘Ravana’. Over the centuries the art of the game was hidden in the history. The re appearance of the game came out at the ‘Beligal Korale’, which is currently known as the area around Kegalle.Among the two main divisions of the game named ‘Sudaliya’ and ‘Maruwalliya’ which are two generations, the Beligal Korale was the land for the most widely spread one which is the Maruwalliya.
    There are some differences between the two types, but it is said that both types originated from one basic game. The generations of both these two categories exist today.
    The heroine of the current Maruwalliya is known as ‘Menike’ or the ‘Disapathiniya’ who is known to be lived around 400-500 years ago.
    She is said to be a real heroine who was dressed as a man and fought with the warrior that killed her father and defeated him with the help of Maruwalliya. ( මේ කියන්නෙ අපි අකාල සන්ධ්‍යා නාට්‍යයේ දුටු සිදුවීම වෙන්න ඕන)

    This deadly fight has taken place at a pit called Ura Linda which means ‘pig’s pit’ where the two worriers fight inside the pit and the king and the spectators watch it from outside.
    Her art of fighting came along securing the true art of Angampora for centuries and the generation after generation inherited it from their ancestors.
    The last of the Angampora gurus existed during the Kandyan kingdom. The sport, that had withstood the test of time, faced its biggest challenge during this era. The British, two years after capturing Kandy and gaining control over the entire island, passed a law to ban Angampora in 1817.
    The penalty for anyone found practising the art was harsh. Those who breached this law were shot below the knee. Many gurus and students gave up the art in fear of punishment. The high status the sport had earned was lost and it was looked upon as the game of criminals and vagabonds. However, a few continued to practise this traditional art in secretive places.

    උපුටා ගැනීම: http://shabdarasaya.wordpress.com/2008/07/09/angamporaangam-satan-kalawa/ and many other...
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඒක නෙමේ කට්ටිය මොනවද දන්නෙ රාවණ රජුගෙ කාලෙ තිබුණ කියන ආත්මාරක්ෂක සටන් කලා ගැන. ඔය අංගම්පොර වගේ දේවල් මං කියන්නෙ. නිල විද්‍යාව, timing කරල ගානට දවස් ගානකට පස්සෙ සතුරව පරලොව යවන්න එල්ල කරන පහරවල්, ඒත් එක්කම දැන් ඔය ජපානෙ අදටත් පාවිච්චි වෙන "කී" ශක්තිය වගේ රෝග සුව කරන ක්‍රම ගැන. ඒ විතරක්ද අද අපි ඔය සුව කරන්න බැහැ කියල කියන පිළිකා වලට පවා ඒ කාලෙ යම් පමණකට දේශීය ‍‍ඖෂධ වලින් ප්‍රතිකාර තියෙන්නට ඇති මම හිතන්නෙ.
    අපි මේව ගැනත් කතා කරමුද

    උපුටා ගැනීම : http://ravanabrothers.com/index.php?PHPSESSID=ca28cd0d5812661bb7b0a3ec95eb4103&topic=229.0

    මචං දන්න විදියට (මහවංශයෙ කාල නිර්ණයන් සම්බන්ධ ගැටලු තිබුණත්) රිටිගල ජයසේන සහ රාවන අතර කාල පරාසය ගලපන්න අමාරුයි නේද?:oo:
    ජයසේන කියන්නෙ යක්ඛ සෙන් පතියෙක් තමා ඒ උනත් රාවන යුගය දක්වාම හිටිය කියල කියන්න ටිකක් අමාරැයි මම හිතන්නෙ.

    රාවන නම් වෛද්‍ය වරයා ගැන මීට ඉහතත් කතා වෙලා තිබුණා මේ ත්‍රෙඩ් එකේ. සටන් කලාව ගැන කතා කරනවා නම්, අංගම් සටන් කලාව ලක්දිව ස්ථාපිත වෙලා තිබුණා කියලා සදහන් වෙන්නෙ කතරගම මහසෙන් ගෙ කාලයේ පටන්. ඒ කියන්නෙ රාවන රජතුමාගෙ කාලයටත් පෙර සිට, කෝනාගම බුදුන් දවස සිට. මහසෙන් නිරිදු අන්ගම් සටන් කලාවෙ අති දක්ශයෙක් බවත් ඒ නිසාම මූණු සයක් සහ අත් දොලහකින් නිරූපණය කෙරෙන බවත් සදහන්. මේ හේතුව නිසාම අද වනවිට කතරගම මහසෙන් නම් දේව ගෝත්‍රිකයා හින්දු දෙවි කෙනෙකු ලෙස වරදවා වටහාගෙන.

    රිටිගල ජයසේන සහ රාවනයන් සමකාලීනයො බව මටත් පිලිගන්න අමාරුයි. ජයසේන දුටුගැමුණු රජ දවස රිටිගල විසූ කෙනෙක් බව සදහන්. යක්ශ ගෝත්‍රිකයෙක් මෙන්ම මරුවල්ලිය අන්ගම් සටන් කලාවේ අති දක්ශයෙක් බව සදහන් වෙනවා. විටෙක ජයසේන කුමරු ලෙසින් හැදින්වීමෙන් මොහුද රිටිගල ආශ්‍රිත ප්‍රභූ පවුලකින් පැවතුන බව විශ්වාස කරන්න පුලුවන්.

    ඉතිහාසය විසින් ජයසේන චරිතයටත් අසාධාරණයක් කල බවක් පේනවා. ගෝඨයිම්බර ගෙ බිරිද සමග ඈදලා ඒ චරිතයත් ඝාතනය කලාදෝ කියලා මට හිතෙනවා. හරියට අපේ රාවන රජතුමාට කලා වගේ. ඉතිහාසය සම්පූර්ණ බොරු කියලා මම එක්වරම කියන්නෙ නැහැ, ඒත් ඉතින් මෙහි ඇති අතිශ්‍යොක්තිය ගැන අපි කලිනුත් කතා කලානෙ.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මාතෘකාවට කොච්චර ගැලපෙනවද කියල මම දන්නෙත් නෑ. ඒත් කැමති අය ඉන්නවනම් කියවන්න. :)

    The start of this art goes back to the period of King ‘Ravana’. Over the centuries the art of the game was hidden in the history. The re appearance of the game came out at the ‘Beligal Korale’, which is currently known as the area around Kegalle.Among the two main divisions of the game named ‘Sudaliya’ and ‘Maruwalliya’ which are two generations, the Beligal Korale was the land for the most widely spread one which is the Maruwalliya.
    There are some differences between the two types, but it is said that both types originated from one basic game. The generations of both these two categories exist today.
    The heroine of the current Maruwalliya is known as ‘Menike’ or the ‘Disapathiniya’ who is known to be lived around 400-500 years ago.
    She is said to be a real heroine who was dressed as a man and fought with the warrior that killed her father and defeated him with the help of Maruwalliya. ( මේ කියන්නෙ අපි අකාල සන්ධ්‍යා නාට්‍යයේ දුටු සිදුවීම වෙන්න ඕන)

    This deadly fight has taken place at a pit called Ura Linda which means ‘pig’s pit’ where the two worriers fight inside the pit and the king and the spectators watch it from outside.
    Her art of fighting came along securing the true art of Angampora for centuries and the generation after generation inherited it from their ancestors.
    The last of the Angampora gurus existed during the Kandyan kingdom. The sport, that had withstood the test of time, faced its biggest challenge during this era. The British, two years after capturing Kandy and gaining control over the entire island, passed a law to ban Angampora in 1817.
    The penalty for anyone found practising the art was harsh. Those who breached this law were shot below the knee. Many gurus and students gave up the art in fear of punishment. The high status the sport had earned was lost and it was looked upon as the game of criminals and vagabonds. However, a few continued to practise this traditional art in secretive places.

    උපුටා ගැනීම: http://shabdarasaya.wordpress.com/2008/07/09/angamporaangam-satan-kalawa/ and many other...
    අකාල සන්ධ්‍යා කතාව ගොඩනගලා තියෙන්නෙ මේ කතාව මුල් කරගෙන තමයි. මරුවල්ලිය සටන් කලාව ප්‍රගුණ කරපු ගලගොඩ කුමාරිහාමි (මැණිකෙ ) සහ සුදලියෙ පණික්කිරාළ අතර ඇතිවුණු සටන ගැන ඉතිහාසයේ සදහන් වෙනවා. මෙහිදී පණික්කිරාළ පරාජයට පත් වෙනවා.

    බොහෝදෙනා නොදන්නව උනාට මේ සටන් කලාව අදටත් ලන්කාවෙ නොනැසී තියෙනවා. අතීතයේ වගේ අන්ගම් සටනෙ කෙල පැමිණි අය අද නැතත් අදටත් මේ කලාව ප්‍රගුණ කරන අය ඉන්නවා. උදාහරණයක් ලෙස කඩුවෙල අන්ගම් මඩුව හදුන්වන්න පුලුවන්.
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    . මහසෙන් නිරිදු අන්ගම් සටන් කලාවෙ අති දක්ශයෙක් බවත් ඒ නිසාම මූණු සයක් සහ අත් දොලහකින් නිරූපණය කෙරෙන බවත් සදහන්. මේ හේතුව නිසාම අද වනවිට කතරගම මහසෙන් නම් දේව ගෝත්‍රිකයා හින්දු දෙවි කෙනෙකු ලෙස වරදවා වටහාගෙන.

    එතකොට අර රාමායණයෙ කියනව නේද යුද්ධෙ අවසාන දවස් වල ඉන්ද්‍ර දෙවියන්
    විසින් අණ කරාට පස්සෙ කාර්තිකේය කියන රණශූරය යුධ පිටියට ගිහින් රාවන
    විසින් රාමට එල්ල කළ බ්‍රහ්ම අස්ත්‍ර කියන බලගතු අවිය නිෂ්ක්‍රීය කළා කියල.
    (ඒක හරියට අර දැන් තියෙන F18,rapters වගේ යානාවල තියෙන ස්වයං මිසයිල නාශක ක්‍රමය වගේ රත්වෙච්ච ලෝහ කැබලි /Flares දාල තාප සංවේදී මිසයිල
    වෙනත් මගක යවනව වගේද දන්නෙ නෑ).
    ඒ විදියට රාමව බේරගත්ත නිසා කාර්තිකේය කියන කෙනා පසු කාලෙක දෙවියෙක්
    බවට ආරෝපණය වුනා කියල කියනව නේද. දකුණු ඉන්දියාවෙ මුරුගන් කියල
    කියන්නෙත් මොහුටමයි මම හිතන්නෙ. අද ඔය අංගම්පොර සටන් කලාවෙ පාවිච්චි
    වෙන වේලායුධය කියල කියන්නෙ එදා කාර්තිකේය පාවිච්චි කළ ආයුධයයි කියල
    මම අහල තියෙනව.
    එහෙම බලනකොට මහසෙන් සහ කතරගම දෙවියො කියල කියන්නෙ
    එක්කෙනෙක්මද.
     
    රාමව බේරගත්තයි කියන කාර්තිකේය සහ මහසෙන් කියන්නෙ දෙන්නෙක්. කාර්තිකේය, එහෙමත් නැත්නම් කදිරේශන් කියන්නෙත් ස්කන්ධකුමාරටම තවත් නමක්. මුරුගන්, ස්කන්ධ කුමාර, වේලන්.... මේ හැම නමක්ම භාවිතා වෙනවා. කතරගම කිහිරි වනය ආශ්‍රිතව විසූ මහසෙන් සහ අද කතරගම වැඩ සිටින දෙවියන් එක් කෙනෙක් බවත් ඔහු ස්කන්ධකුමාර නම් හින්දු දෙවි කෙනෙකු නොවන බවත් මේ වන විට බොහෝ දෙනා පිලිගන්නවා.

    කතරගම මහසෙන්, කෝනාගම බුදුන් ගෙන් විවරණ ලබපු බව සදහන් වෙන අතර බුදුරජාණන් වහන්සේ විසින් ලක්දිව බුදුසසුන රැකගන්න මහසෙන්ට භාර දුන් බවත් සදහන් වෙනවා. බුද්ධාගම රැකගන්න හින්දු දෙවි කෙනෙකුට දුන්නා කියනවට වඩා නම් මේ කතාව විශ්වාස කරන්න පුලුවන්.

    http://www.rivira.lk/2008/07/13/rividahara7.htm මේ ලිපියෙත් විස්තර තියෙනවා
     
    Last edited:

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***

    ඒ විදියට රාමව බේරගත්ත නිසා කාර්තිකේය කියන කෙනා පසු කාලෙක දෙවියෙක්
    බවට ආරෝපණය වුනා කියල කියනව නේද. දකුණු ඉන්දියාවෙ මුරුගන් කියල
    කියන්නෙත් මොහුටමයි මම හිතන්නෙ.

    මුරුගන්, ස්කන්ධ කුමාර, වේලන්.... මේ හැම නමක්ම කතරගම දෙවියන් හදුන්වන්න භාවිතා වෙනවා. කතරගම මහසෙන්, කෝනාගම බුදුන් ගෙන් විවරණ ලබපු බව සදහන් වෙන අතර බුදුරජාණන් වහන්සේ විසින් ලක්දිව බුදුසසුන රැකගන්න මහසෙන්ට භාර දුන් බවත් සදහන් වෙනවා. බුද්ධාගම රැකගන්න හින්දු දෙවි කෙනෙකුට දුන්නා කියනවට වඩා නම් මේ කතාව විශ්වාස කරන්න පුලුවන්.

    එතකොට මුරුගන් සහ කතරගම දෙවියන් (මහසෙන්) කියන්නෙ එක්කෙනෙක් නම්, ඔය කියන විදියට රාවන රජතුමා පරද්දන්න උදව් කරල තියෙන්නෙ කතරගම දෙවියොද??
    එතකොට බුද්ධාගම රැකගන්න දීල තියෙන්නෙ ඔය රාවන රජතුමා පරද්දන්න උදව් කරපු මහසෙන් දෙවියොටද?? :O :O
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    මුරුගන්, ස්කන්ධ කුමාර, වේලන්.... මේ හැම නමක්ම කතරගම දෙවියන් හදුන්වන්න භාවිතා වෙනවා. කතරගම කිහිරි වනය ආශ්‍රිතව විසූ මහසෙන් සහ අද කතරගම වැඩ සිටින දෙවියන් එක් කෙනෙක් බවත් ඔහු හින්දු දෙවි කෙනෙකු නොවන බවත් මේ වන විට බොහෝ දෙනා පිලිගන්නවා.

    කතරගම මහසෙන්, කෝනාගම බුදුන් ගෙන් විවරණ ලබපු බව සදහන් වෙන අතර බුදුරජාණන් වහන්සේ විසින් ලක්දිව බුදුසසුන රැකගන්න මහසෙන්ට භාර දුන් බවත් සදහන් වෙනවා. බුද්ධාගම රැකගන්න හින්දු දෙවි කෙනෙකුට දුන්නා කියනවට වඩා නම් මේ කතාව විශ්වාස කරන්න පුලුවන්.

    http://www.rivira.lk/2008/07/13/rividahara7.htm මේ ලිපියෙත් විස්තර තියෙනවා

    හුටා. මම මෙච්චර කල් හිතන් හිටියෙත් කතරගම කියන්නෙ හින්දු දෙවියෙක් කියලා. මම අහල තිබ්බෙ අසුර රජෙක් පරද්දල ස්කන්ධ කුමාර කතරගම පාලනය කරපු කාලයක් තිබ්බ කියල.
    මම වැඩේ නාල වගේ... කතරගම දේවාල වලට යනවටත් මම ගෙදර එක්ක වලි! දවසක් දේවාලෙ ඉස්සරහ ඉඳං දෙයියන්ට බැනල අහ ගත්ත අම්ම ගෙන් ලුණු ඇඹුල් ඇතුව. දැන් නම් මට වෙන්නෙ නැට්ට අකුලං ඉන්න තමා! :(:(:(
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එතකොට මුරුගන් සහ කතරගම දෙවියන් (මහසෙන්) කියන්නෙ එක්කෙනෙක් නම්, ඔය කියන විදියට රාවන රජතුමා පරද්දන්න උදව් කරල තියෙන්නෙ කතරගම දෙවියොද??
    එතකොට බුද්ධාගම රැකගන්න දීල තියෙන්නෙ ඔය රාවන රජතුමා පරද්දන්න උදව් කරපු මහසෙන් දෙවියොටද?? :O :O
    පැ‍හැ‍දි‍ලි‍ව‍ම‍ නැ‍හැ‍..කෝ‍නා‍ග‍ම‍ බු‍දු‍න්‍ ගෙ‍න්‍ වි‍ව‍ර‍ණ‍ ග‍ත්‍ත‍ ම‍හ‍සෙ‍න්‍ ගේ‍ ප‍සු‍ ආ‍ත්‍ම‍ භ‍ව‍ය‍ක්‍ වි‍දි‍හ‍ට‍ත්‍ රා‍ව‍න‍ව‍ හ‍දු‍න්‍ ව‍න‍වා‍..රා‍ව‍නා‍ බෝ‍දි‍ස‍ත්‍ව‍ කි‍ය‍ලා‍ කි‍ය‍න‍ ලි‍පි‍ ති‍ය‍න‍වා‍..ඒ‍ව‍ට‍ අ‍නු‍ව‍ රා‍ව‍න‍ ර‍ජු‍ කා‍ශ‍්‍ය‍ප‍ බු‍දු‍න්‍ ගෙ‍න්‍ වි‍ව‍ර‍ණ‍ ල‍බ‍ලා..
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හුටා. මම මෙච්චර කල් හිතන් හිටියෙත් කතරගම කියන්නෙ හින්දු දෙවියෙක් කියලා. මම අහල තිබ්බෙ අසුර රජෙක් පරද්දල ස්කන්ධ කුමාර කතරගම පාලනය කරපු කාලයක් තිබ්බ කියල.
    මම වැඩේ නාල වගේ... කතරගම දේවාල වලට යනවටත් මම ගෙදර එක්ක වලි! දවසක් දේවාලෙ ඉස්සරහ ඉඳං දෙයියන්ට බැනල අහ ගත්ත අම්ම ගෙන් ලුණු ඇඹුල් ඇතුව. දැන් නම් මට වෙන්නෙ නැට්ට අකුලං ඉන්න තමා! :(:(:(
    අ‍පි‍ ක‍ත‍ර‍ග‍ම‍ ගි‍යො‍ත්‍ත්‍ ව‍දි‍න්‍ නේ‍ ස්‍ක‍න්‍ධ‍කු‍මා‍ර් ට‍...ක‍ත‍ර‍ග‍ම‍ ම‍හ‍සෙ‍න්‍ ට‍ නෙ‍වේ‍ දේ‍වා‍ල‍ ව‍ල‍ පූ‍ජා‍ති‍යෙ‍න්‍ නේ‍ ස්‍ක‍න්‍ද‍කු‍මා‍ ර්ට‍..කො‍හො‍ම‍ත්‍ බෞ‍ද්‍ධ‍ අ‍පි‍ දෙ‍වා‍ල‍ ගා‍නෙ‍ ය‍න්‍න‍ ඕ‍න්‍නෑ‍නෙ‍...කි‍රි‍ වෙ‍හෙ‍ර‍ ති‍යෙ‍න්‍ නේ‍ එ‍ක‍ට‍ ය‍න්‍න‍කෝ‍..එ‍ත‍න‍ ති‍වු‍නු‍ රා‍වන‍ පි‍ළි‍ම‍ය‍ත්‍ ක‍ඩ‍ලා‍ මො‍ඩි‍ෆ‍යි‍ ක‍ර‍ල‍ළු‍..අ‍පේ‍ හි‍ට‍පු‍ උ‍තු‍මා‍නෙ‍ක්‍.:dull: