බොහොම ස්තුතියි අයියා ..මං මේ සිංදු ටික ගත්තා ඔන්න


සහෝදර arunajith අයියාගේ ඉල්ලීමක්.....
පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා
නැතිනම් හදලා කියනවා
-ජිප්සීස්-
පැරණි ගීතය
නව ගීතය











thanx boss
බොහොම ස්තුතියි අයියා ..මං මේ සිංදු ටික ගත්තා ඔන්න
Loku aiye mamath meka gathta...godaak sthuthi..
![]()
ගිහාන් (athal24) මල්ලි... ඔයා මේ ත්‍රෙඩ් එකේ ඉන්න තවත් වගකීමක් බාර ගත හැකි හොඳ පපුවක් තියෙන තරුන තරුවක්....තරුවක් කිව්වට නිකන්ම පායලා කාටත් සෙතක් නැතිව නිවිලා යන තරුවක් නෙවෙයි.. ඔබ දිලිසෙන ගමන් අනිත් අයටත් හැකි ශක්ති ප්‍රමාණයෙන් දිලිසෙන්නට මග පෙන්වමින් සිටිනා තරුවක්..එතනයි වෙනස හා විශේෂය මා ඔබෙන් දකින්නේ...
ඔබේ මේ මහඟු ජනතා මෙහෙවරේ 1000 වැනි කඩ ඉමට මගේ සහෝදර ආචාරය...
මල්ලියගේ ජීවිතයේ මුලිකම දෙය ඉගෙනීම...එහි කඩඉම් එකින් එක පසුකරමින් ඔබ මහා මිනිසෙකු වු දිනට ඔබ ආ ගමනේ මදකට හැරී මේ පුංචි සටහන මතක තිබුනොත් පෙරලා බලන්න....මල්ලියට නිම් හිම් නැති සතුටක් එදාට දැනෙයි අදට වඩා.......
මල්ලිට ජය!!
hodai hodai
ehenam mekath ahala balannako
hima diyawee himalaye - Amarasiri Peris Wasantha Thilakangani
mama dan wadata yanawa ra wela ennam
okkotama suba dawasak
Originally Posted by arunajith![]()
Thanks deelaka,
Dannawada, Meka liyala thinne Premakeerthi de Alwis, Siddiya wela thinne Premakeerthi, Victor Rathnayake and thawa set ekak, kaalekata ihatha, Trinco wala, musical show ekakata gihilla eka iwara wela, Trinco beach ekepodi adiyakuth gahala (Danne nedda), innakota, ahase dakapu tharuwak dakala premakeerthi ewele rachana karapu sinduwak....
(mama me siddiya artical ekaka kiyewwa, July 31 ta Premakeerthi wa ghathanaya karala awrudu 31 lu)![]()
Kochchara lassana sindu liyapu porakda(Samawenna ehema kiwwata)..
Akaalaye nathi kala..
මටත් මේකට යමක් එකතු කරන්න හිතුනා...
ප්‍රේමකීර්ති ද අල්විස් අපේ රටේ බිහිවුන දුර්ලභ ගනයේ ගීත රචකයෙක් හා හිතට එකඟව වැඩ කල මාධ්‍යවේදියෙක්... ප්රබුද්ධ ගායක වික්ටර් රත්නායකයන්ගේ ගීත වලින් හරි අඩකටත් වඩා රචනා වී තිබෙන්නේ ප්‍රේමකීර්තී සහෘදයා අතින්..ඒ හැම එකක්ම අපේ හදවත් තුල තවමත් නිම්නාද දෙමින් අපට වින්දනය සපයනවා..
ඔය වගේම ප්‍රේම්ගේ ජිවිතයේ හද සසල කරනා සංවේදී කතා පුවතක් මට කියන්න අවසර..
දවසක් ප්‍රේම්ගේ අම්මා හදිස්සියෙන් බරපතල ලෙස රෝගාතුර වෙලා ඉස්පිරිතාලේ නවත්තලා. ප්‍රේම් ඒ පුවත ආරංචි වුන හැටියේ ගුවන් විදුලි සංස්ථාවේ ඉඳල කෙලින්ම ඉස්පිරිතාලයට ගිහින්...අම්මා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ජීවිතයත් මරනයත් අතර ලොකු සටනක සිටිය මොහොතක් ඒක..
ප්‍රේම් මිනිසත් බවේ ප්‍රතිමූර්තියක්...ප්‍රේම්ගේ ඇස්වලින් කඳුලු දෝරේ ගලනවා. ප්‍රේම් ඇස්වලින් වැටෙන කඳුලු සඟවමින් සාක්කුවෙ තිබුන සිගරැට් පැකැට්ටුවේ ඊයම් කොලය මත මොනවදෝ කුරුටු ගානවා...
ඔහු ඒ කුරුටු ගෑ කොලය පුරාම උනුවට වැටුනු කඳුලු බින්දු...ප්‍රේම් ඒ කොලය වෙවුලන අතින් ඔහු ලඟම ඔහුව අස්වසාලමින් සිටි වික්ටර් රත්නායකයන්ගේ අතට දෙනවා...
අම්මා නැතිවෙනවා...ඒත් ඔහු ලියු ගීතය හෙල දෙරන පුරා අමරණීය වෙනවා...
"ආදරයේ උල්පත වු අම්මා ...මා ඔබගේ පුතු වු
ඔබ මතු බුදු වන දවසේ ...මා රාහුල කුමරුන් සේ"......
මේ ගීතය අසන හැම වාරයකම අම්ම්ලාට ආදරය කරන දු පුතුන් කොතරම් නම් කඳුලු හෙලන්න ඇද්ද...........
ඒ සංවේදී සමනලයාවත් අපෙන් වෙන්කරනවා.....
ප්‍රේම්ට වෙඩි තබා මරල දාලා හරියටම හෙට ජුලි 31 වෙනිදට අවුරුදු 20ක් පිරෙනවා...
මට කියන්න හා පතන්න පුළුවන් මෙච්චරයි....ප්‍රේම්... ඔබට නිවන් සුව ලැබේවා...




















