මං අහල තියෙන විදිහට කතරගම මහසෙන් ජීවත් වුණේ කෝනාගම බුදුන්ගෙ කාලෙ.... රාවනයන් කාශ්‍යප බුදුන්ගෙ කාලෙ. එතනදි මේ දෙන්නම එක්කෙනෙක්ය කියන මතය බිදෙනවා. ....මහසෙන් කියන්නෙ රාවනයන්ගෙ පෙර ආත්මයක් බවත් ඒ ආත්ම දෙකේදිම මහසෙන් සහ රාවන පිලිවෙලින් කෝනාගම සහ කාශ්‍යප යන බුදුවරුන්ගෙන් මතු බුදු වෙන්න විවරණ ගත් බව. මේ කතාවට අනුව අපි කතරගම දෙවියො කියල අදහන්නෙ රාවනයන්ගෙ පෙර භවයකට.... එතනදි දෙන්නම එක්කෙනෙක්ය කියන එකේ වරදකුත් නෑ.
එතකොට අර රාවන රජතුමාට කලින් හිටිය කියන අභය, සමිද්ධ, දිලීප, බාලි, තාරක, මහසෙන් (මෙතුමා ගැන නම් අපි ගොඩක් කතා කරානෙ) වගේ රජවරු ගැන ඔය ශිලා ලිපි වල හරි වෙනත් ඉතිහාස මූලාශ්‍ර වල එහෙම එහෙම සදහනක් ඇත්තෙම නැද්ද??



මේ අය අපේ ජනශ්‍රැති වලින් එන හිතලු රජවරු විතරද??
මට තව දෙයක් තියෙනව කට්ටියගෙන් අහන්න. ඔය රාවන රජ්ජුරුවනගෙ පියා කියල කියන පුලස්ති සෘෂිවරය රජකෙනෙක්ද නැත්නම් හිත දියුණු කරපු සෘෂි කෙනෙක්ද?
එයා රජ කෙනක් නම් එයාගෙ පාලන කාලය ගැන අපි මොනවද දන්නෙ රාවන එක්ක සංසන්දනය කරනකොට..









