- සුභ සැන්දෑවක් අය්යට
[*]ඇත්තරටම අයියෙ සාරදර්ම පිරිහීගෙන යන මේ වගේ කාලයක මෙවැනි අදහසක් අයියගෙ හිතට ආපු එක ගැනත්, අද එය මල් ඵල දරමින් තිබෙන ලස්සනත් දැක්කහම හිතට අමුතුම ආස්වාදයක් සහ සන්තෝශයක් කාගෙ කාගෙත් හිතට එනවා ඇති.එහි මූලික ගවුරවය අයියට පුදකරන අතරම මෙවන් ලෙස කිසිදා නොදුටු එලකිරි කොල්ලො ටිකක් දෙනෙතින් දැක හදුනා ගැනීමට හැකිවීම ගැනත් මම පුද්ගලිකවම සතුටු වෙනවා. සදුන් සහ ආතල්24 එලකිරිම තමයි. (එක ජාතියෙ කුරුල්ලො එකටයි පියාබනනෙ)කියල කතාවක් තියනවානෙ.කවදා හෝ දිනෙක මේ හුයේ සියලු දෙනා එක්වන දිනයක් ඒවි, ඒ දිනය උදාවන තුරු අපි ඇඟිලි ගනිමින් සිටින්නෙමු....
[*]අයියාට දලදා සමිදු පිහිටයි
[*]සුභ රාත්රියක්
මල්ලි මම මේක අවස්ථාවක් කර ගන්නවා විශේෂයෙන් ඔයා ගැන යමක් කියන්න...
මල්ලි.. මේ ත්රෙඩ් එකට ගොඩාක් අලුතින් එක්වුන හිත හොඳ මල්ලියෙක්..එහෙම කියන්න හේතු කීපයක් තියෙනවා...
එකක් මල්ලිම මගෙන් අපේ මේ රණවිරු වැඩසටහන ගැන විස්තර අහලා මල්ලිම ස්වෙච්චාවෙන්ම මුදලින් මේ සත්ක්රියාවට සම්මාදම් වුන එක...
අනෙක් කරුන එහෙම මුදල් සම්මාදමින් පමනක් නොනැවතී ඉන් ඔබ්බට ගොස් තමන්ගේ ව්යාපාරික කටයුතු පවා පාඩු කරගනිමින් අපේ අනෙක් සහෝදරවරුන් දෙදෙනා සමඟ ආබාදිත සෙබලුන්ගේ වත ගොත සෙවීමට ඔහුන් හා තමන්ගේ වටිනා කාලයත්..මුදලත් වැය කරගෙන ඔහුන් සිටිනා ඉසව් සොයා යමින් දැක්වු හා ඉදිරියටත් දක්වන බවට පොරොන්දු වු ක්රියාකාරී සහභාගිත්වය...
දිවි පරදුවට තබා රැක ගතයුතු අපේ ජාතිය හා දේශය පිලිබඳ කැක්කුමත්..දේශය වෙනුවෙන් අද දවසේ තරුනයින්ගේ වගකීම කුමක්ද කියනා ඔබ තුල ඇති නිරවුල් අවබෝධයටත් එහිදී ඔබ දරනා මතයත් මම ඉතාම ඉහලින් අගය කරමි..
මල්ලිට ජය!!