Doly said:සිහිකර ඇගේ උණුහුම තනි රැක්ක හිතින්
පොලී ගෙවා කාලය ගත කරනු ඉතින්
ඈ මග බලා ඇති බව සිහි කරනු සිතින්
කාලය නපුරු නැති බව වැටහේවි ඉතින්
අදියර කීපයක් ආදරයේ ගෙවීලා
පිටු රාශීයක් ඒ අතරේ පෙරලීලා
උනුහුම...සෙනෙහස අතරේ සැරි සරලා
දහඅට වසරකුත් හෙමිහිට ගතවීලා....



