~ Kaviyen Kaviya ~.........Kamathida???

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Doly said:
සිහිකර ඇගේ උණුහුම තනි රැක්ක හිතින්
පොලී ගෙවා කාලය ගත කරනු ඉතින්
ඈ මග බලා ඇති බව සිහි කරනු සිතින්
කාලය නපුරු නැති බව වැටහේවි ඉතින්


අදියර කීපයක් ආදරයේ ගෙවීලා
පිටු රාශීයක් ඒ අතරේ පෙරලීලා
උනුහුම...සෙනෙහස අතරේ සැරි සරලා
දහඅට වසරකුත් හෙමිහිට ගතවීලා....

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Doly said:
සිහිකර ඇගේ උණුහුම තනි රැක්ක හිතින්
පොලී ගෙවා කාලය ගත කරනු ඉතින්
ඈ මග බලා ඇති බව සිහි කරනු සිතින්
කාලය නපුරු නැති බව වැටහේවි ඉතින්

මේ කවියට පිළිතුරු කවියක් ලියන්න හිතුනා
ඒත් මේකෙ ආලය ගැන ඇති බව මට දැනුණා
ආලය ගැන මම ඒ හැටි නොදන්න බව හැගුනා
ඒක නිසා පිළිතුරු නෑ ෂේප් එකේ කැපුනා...
:P
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ronsilva said:
අදියර කීපයක් ආදරයේ ගෙවීලා
පිටු රාශීයක් ඒ අතරේ පෙරලීලා
උනුහුම...සෙනෙහස අතරේ සැරි සරලා
දහඅට වසරකුත් හෙමිහිට ගතවීලා....


පැරණි වන විට ආලය
අළුත්වෙයි පැරණි මතක
එදා මෙන් ඒ මතක අද
ගෙනෙණු ඇත උණුහුම
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ela_eluwa120 said:
මේ කවියට පිළිතුරු කවියක් ලියන්න හිතුනා
ඒත් මේකෙ ආලය ගැන ඇති බව මට දැනුණා
ආලය ගැන මම ඒ හැටි නොදන්න බව හැගුනා
ඒක නිසා පිළිතුරු නෑ ෂේප් එකේ කැපුනා...
:P


ආදරයට මොකද අනේ ඔය හැටි බය වෙන්නේ
මොනාද ඔය තරමට බය වෙන්නට එහි ඇත්තේ
බූට් කාපු නිසාද ඔය තරමට බය වෙන්නේ
විද වන්නට නොව විදින්න ආදරය තියෙන්නේ
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ronsilva said:
අදියර කීපයක් ආදරයේ ගෙවීලා
පිටු රාශීයක් ඒ අතරේ පෙරලීලා
උනුහුම...සෙනෙහස අතරේ සැරි සරලා
දහඅට වසරකුත් හෙමිහිට ගතවීලා....



ගෙවුනු දහ අට වසරට
නිබදව එකට බැදුනු සවියට
සෙනෙහස පිරුනු කැදැල්ලට
ආසිරි මගෙන් ඔබ දෙපලට
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
amila_90210 said:
පැරණි වන විට ආලය
අළුත්වෙයි පැරණි මතක
එදා මෙන් ඒ මතක අද
ගෙනෙණු ඇත උණුහුම


ය‍තා‍ර්ත‍ය‍ ඔ‍යි‍ට ව‍ඩා‍ ටි‍ක‍ක්‍ වෙ‍න‍ස්‍
ම‍ත‍ක‍ය‍න්‍ අ‍ලු‍ත්‍ වු‍ව‍ත්‍..උ‍නු‍සු‍මක් නැ‍හැ‍ පෙ‍ර‍ මෙ‍න්‍
වි‍ය‍ප‍ත්‍ වෙ‍න‍වි‍ට‍ ආ‍ද‍ර‍ය‍ වෙ‍න‍ම ත‍ල‍ය‍ක‍
දි‍නෙ‍ක‍ ඔ‍බ‍ටත්‍ අ‍ත්‍ වි‍න්‍ඳි‍න්නට ලැ‍බු‍නො‍ත්‍
ඔ‍බ‍ත්‍ එ‍ය‍ පි‍ලි‍ග‍නී‍ මා‍ මෙ‍න්‍ම....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Doly said:
ගෙවුනු දහ අට වසරට
නිබදව එකට බැදුනු සවියට
සෙනෙහස පිරුනු කැදැල්ලට
ආසිරි මගෙන් ඔබ දෙපලට

දු‍ර්ග‍ මා‍ව‍ත‍ක‍ ග‍ම‍න්‍ ක‍ලා‍ අ‍පි‍
ඉ‍තු‍රු‍ක‍ර‍ග‍ත්‍තා‍ ජී‍වි‍ත‍ය‍ට‍ ය‍ම‍ක්‍..හැ‍බැ‍යි‍ ස‍ල්‍ලි‍ නෙ‍වෙ‍යි‍
ඒ‍ක‍ම‍ අ‍පි‍ පෙ‍ර‍ලා‍ පි‍දු‍වා‍ අ‍පේ‍ පු‍තා‍ට
ද‍හ‍ස‍ක්‍ ජ‍නයා‍ගේ‍ සි‍ත්‍ සු‍ව‍ප‍ත්‍ ක‍ර‍න්නට
ස‍ල්‍ලි‍ ව‍ල‍ට‍ ග‍න්න නැ‍ති‍ හා‍ ගන්න බැ‍රි‍ ම‍නු‍ස්‍ස‍ක‍ම‍........

නං‍ගි‍ගෙ‍ සු‍බ‍ පැ‍තු‍ම්‍ ව‍ල‍ට‍ ස්‍තු‍ති‍යි‍......
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Doly said:
ආදරයට මොකද අනේ ඔය හැටි බය වෙන්නේ
මොනාද ඔය තරමට බය වෙන්නට එහි ඇත්තේ
බූට් කාපු නිසාද ඔය තරමට බය වෙන්නේ
විද වන්නට නොව විදින්න ආදරය තියෙන්නේ


අසනු වටී ඩොලි අක්කිගෙ අඩහැරය
විදිනු කියයි අපි විදවන ආදරය
ලැබෙනු ඇතයි සිතුවෙමි ගෙයි අවසරය
නොවනු එකයි සිත රිදවන හී සැරය
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මට හිතුනා ආයෙම කවියෙන් කවිය ලියන්න...
කව්ද කැමති ??
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හ්ම්ම්...මට කවි බෑනෙ...ඔයාල ලියන්න...මම කියවන්නම්...දක්ෂ කවි ලියන කට්ටිය ගොඩක් ඉන්නවනෙ අපේ...

අයියෝ.......
පද 4ක් ලියන්නකෝ..වෙනසකටත් එක්ක
හ්ම්ම්ම්ම්
රොන් අයියත් එන්නවා වගේ.
මම ලියන්නම් එකක්. කවුරු හරි උත්තරයක් ලියනකම් මම බලාගෙන ඉන්නවා


සදා පතා බලා ඉන්න එක හීනය වටී
ඔබ ගැන කවි පද ගොතන්න පත් ඉරුවත් මදී
කදුළු බින්දු සිදී ගිහින් හසරැල්ලක් ඇදී
කියන් සබද දැක ගන්නේ කවදද නෙත් වෙලී
 

thanujaka

Well-known member
  • සදා පතා බලා ඉන්න එක හීනය වටී
    ඔබ ගැන කවි පද ගොතන්න පත් ඉරුවත් මදී
    කදුළු බින්දු සිදී ගිහින් හසරැල්ලක් ඇදී
    කියන් සබද දැක ගන්නේ කවදද නෙත් වෙලී
    හදවත තමයි මුල් වෙන්නේ පෙමට නිතී
    සුසුම් පොදක් තුල රැව්දේ පෙමක් රිසි
    නුඹේ පෙමද මුණ ගැසේවි දිනක යලී
    බලාසිටින් ඒ දින එයි ලග මිතුරී
     

    nwnbs

    Member
    පිසදා දුක් කඳුළු බිඳූ
    නැගෙනා තු‍ටු කඳුළු බිඳූ
    දැක ගන්නට පෙරුම් පිරූ
    දවසක් එයි දිනෙක නොදුරූ...


    (මම යනෝ...හෙට එන්නම් ඔයාලගෙ කවි කියවන්න...හිටගෙන කවි ලියන්න පොඩි ට්‍රයි එකක් දෙන්න ඕනෙ...)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සෙමින් සෙමින් අරඹුව
    බොහෝ දුර මග සොයන
    නොදැන මුහුනු සිතින් හැදිනුව
    අපේ මිතුදමට හිස නමමි මම
     

    thanujaka

    Well-known member
  • සෙමින් සෙමින් අරඹුව
    බොහෝ දුර මග සොයන
    නොදැන මුහුනු සිතින් හැදිනුව
    අපේ මිතුදමට හිස නමමි මම
    නොදනිත් එකිනෙකා සැබෑ ලොවේදි අප
    එනමුදු හදුනත් අප අපගේ හදවතින
    මෙලෙසින් රැකුනෙ අප මිතුදම කලක සිට
    එළකිරි සයිට් එකෙන් ලැබුනු පිහිටෙන්ය
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    නොදනිත් එකිනෙකා සැබෑ ලොවේදි අප
    එනමුදු හදුනත් අප අපගේ හදවතින
    මෙලෙසින් රැකුනෙ අප මිතුදම කලක සිට
    එළකිරි සයිට් එකෙන් ලැබුනු පිහිටෙන්ය


    ළැබැදි හදවත් හදුනන
    එකම දෙය මිතු දම මිස වෙන
    වටා අප හැම රොක් උන
    තැනයි එළකිරි අපේ ලොව