සබරගමුව විපක්ෂ නායකට හිමි වරප්රසාද කිසිවක් මට ලැබෙන්නේ නෑ
රංජන් රාමනායක කියයි
නෝමන් පලිහවඩන
සබරගමුව පළාත් සභාවේ විපක්ෂනායකවරයා වශයෙන් කටයුතු කරන තමාට රජයෙන් අසාධාරණකම් සිදුවන බව රන්ජන් රාමනායක මහතා "දිවයින"ට කියා සිටියේය.
මෙම පදවියට පත්වී දැනට සෑහෙන කලක් ගතවී ඇතත් තමාට නිල වාහනයක්, විපක්ෂනායක වැටුප මෙන්ම කාර්ය මණ්ඩලයක් වරප්රසාද කිසිවක් ලැබී නැතැයි කී රන්ජන් රාමනායක මහතා රජයේ ඇතැම් දේශපාලනඥයන් සුපිරි වාහන පරිහරණය කරද්දී තමාට කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ ඇයි දැයි කියා රජයෙන් විමසන බවද පැවැසීය.
මේ අනුව තමාට වහාම සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා ළඟදීම එම ඉල්ලීම් ලැබේවි යෑයි සිතන බවද කීය.
පළාත් සභාවල අනිකුත් විපක්ෂ නායකයන්ට මෙවැනි දීමනා වැටුප් ලැබෙන නමුත් තමාට මෙවැන්නක් නොලැබෙන්නේ ඇයි දැයි කියා රන්ජන් ප්රශ්න කළේය.