ගජං මල්ලී;5469919 said:
හමුදාවේ සම්පත් ගසා නොකව් !
මෙහේ අපි ශතේ ශතේ එකතුකරලා රණවිරුවන්ට
සලකන්න දුක් විඳිනවා. එහේ මැට්ටෝ ඇමැට්ටෝ ගසාකනවා.මේවා සහගහන වැඩ !. (අද දිවයින පුවතකි)
හමුදාවේ යකඩ හා පිත්තලවලින් ධනය උපයන්න එතුමා සූදානමක
යුද ගැටුම් පැවැති උතුර නැගෙනහිර පළාත්වල තිබෙන රුපියල් කෝටි ගණනාවක් වටිනා යුද හමුදාව සතු යකඩ හා පිත්තල තොග කුණු කොල්ලයට ගෙන මහා පරිමාණ ජාවාරම්කරුවන්ට ලබාදීමට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ඇතුළු ගෝලයන් පිරිසක් දැඩි උත්සාහයක නිරතව සිටින බව යුද හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස එම පළාත්වල ඇති යුද හමුදාව සතු යකඩ හා පිත්තල තොගවල වටිනාකම රුපියල් කෝටි සියයකටත් අධික වන බවද පැවසේ.
මෙම යකඩ හා පිත්තල තොග නිසි ටෙන්ඩර් පටිපාටියකට අලෙවි කර රට වෙනුවෙන් ජීවිත කැප කළ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් යමක් කිරීමට අවස්‌ථාව තිබියදී අදාළ ඇමැතිවරයා ඇතුළු ගෝලබාලයන් මෙලෙස ඒවා කොල්ලකෑමට සැරසෙන බවද ඉහත ආරංචිමාර්ග කියා සිටී.
අදාළ යකඩ හා පිත්තල තොග ලබා ගතහොත් අත යටින් සුවිශාල ධනස්‌කන්ධයක් උපයා ගැනීමට අවස්‌ථාව ලැබීම හේතුවෙන් ඇමැතිවරයා ඇතුළු ගෝලබාලයන් මෙසේ ඒවා කොල්ලකෑමට මාන බලන බවද කියති.
ගජං මල්ලීගේ අදහස් දැක්වීම ගැන ස්තුතියි..මට හිතුනා පොඩි පැහැදිලි කිරීමක් කරන්න..
අපි මේ සත්කාර්යට රජය සම්බන්ධ කර ගෙන නැත්තේ ඔය කියනා කරුනු කාරනා සක් සුදක් සේ අප දන්නා නිසයි..අපි වෙහෙසෙන්නේ අපිම සොයාගන්නා සුදුසුම ආබාධිත සෙබලාට අපිට හැකි උපරිමයෙන් පිහිට වන්නට මිසක් රජය කරනා අකටයුතුකම් සොයා බැලීමක් හෝ මැති ඇමැතිවරුන් කරනා ජරා කසි කබල් දේශපාලනය හා ගනුදෙනුවක්වත් නොවේ...
රජය හා සම්බන්ධව මේ කටයුත්ත කලා නම් මෙච්චර කට්ට් කාගෙන.. අතේ තියෙන මුදල් නාස්ති කරගෙන.. මුදල් වලින් මනින්න බැරි ශ්‍රමය හා බලවත් කැපවීමත් නොඅඩුව ඇතිව... ගම් නියම් ගම් පීරාගෙන සුදුසු කෙනා සොයන්න මෙච්චර මහන්සි වෙන්න ඕනෙ නැහැනෙ..නිකන්ම ගිහින් රජය විසින් දියත් කර තිබෙන ඔය මොකක් හෝ රනවිරු අරමුදලකට (උදා: අපි වෙනුවෙන් අපි) අපේ සල්ලි ටික දීල අත පිහදගන්න තිබුනනේ...
ඒක නිසා මෙතනදී රජය හා එහි වන්දි භට්ටයන් මොනවද කරන්නෙ හා කියන්නේ කියන එක අපිට කොහෙත්ම වැදගත් වන්නේ නැහැ.. අදාලත් නැහැ..
වැදගත් වන්නේ අපේ මාතෘ භූමියේ අද දවසේ අපිටත්.. හෙට දවසේ අපේ දු දරුවන්ටත් හිස කෙලින් තබාගෙන මේ අපේ යැයි කිව හැකි රටේ ඒකීයභාවය හා සුරක්ෂිත බව ජීවිත පරිත්‍යාගයෙන් ලබා දුන් ඒ වීරෝදාර රනවිරුවන් කල ඒ අභීත සේවයට කෙතරම් දුරට අපටත් ඔහුනට ප්‍රති උපකාර දැක්විය හැකිද යන්නයි...
ඉතින් අන්න ඒ නිසයි අපි මේ ශතය ශතය එකතු කොට ඔහුනට හෙට දවසක් ලබා දෙන්න උත්සාහ කරන්නේ. මෙහිදි විශේෂ වන්නේ තමන්ට පුළුවන් උපරිමයෙන් එයට මුදලින් සම්මාදම් වෙනවා මිසක අහක තියෙන රජයක අකටයුතුකම් හෙලි දැක්වීම නොවන බව කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කරනු කැමැත්තෙමි....