බටහිර කුමන්ත්‍රණ ශ්‍රී ලංකාව හා සර්බියාව
හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වන්නීය. කේරල ප්‍රාන්තයේ දී මාධ්‍යකරුවන් හමුවූ ඇය ශ්‍රී ලංකාවේ නිදහස සීමා වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් බලයට පත්ව සිටියද තමාගේ ජීවිත සුරක්ෂිතතාව ගැන ප්‍රශ්න ඇති බවත් ප්‍රකාශ කර තිබිණි. හිටපු ජනාධිපතිනියට තර්ජන තිබුණේ කොටි සංවිධානයෙන් මිස අන් ත්‍රස්ත සංවිධානයකින් නම් නොවේ. කොටි සංවිධානය සම්පූර්ණයෙන් විනාශ වී ඇති අවස්ථාවක ඇය නිදහස සීමාවී ඇතැයි පවසන්නේ කවරකු අපහසුතාවට පත් කරන්නද? කුමාරතුංග මහත්මිය මීට පෙර කිහිප අවස්ථාවකදීම වත්මන් රජය විවේචනය කරමින් අදහස් දක්වා තිබිණි. කුමාරතුංග මහත්මිය එදා 2005 ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී පවා මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා නොකළා සේම වත්මන් ආණ්ඩුවේ ජනප්රියතාවද රුස්සන්නේ නැත. විදේශයකදී සිය රට විවේචනය කරන්නට තරම් වෛරයක් ජනාධිපතිනියට ඇති වී තිබෙන්නේ කවර හේතුව නිසාද? කෙසේ වෙතත් 1994 සිට 2005 දක්වා චන්ද්‍රිකා කුමාරතුංග යුගයට වඩා නිදහසක් දැන් ජනතාව භුක්ති විඳින්නේ යෑයි අපට පැවසිය හැක. මන්ද කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා එදාට වඩා නිදහසක් ජනතාව අද භුක්ති විඳී. චන්ද්‍රිකා කුමාරතුංග යුගයේදී කොටි පරාජය කිරීමට උත්සාහයක් ගත්ත ද එAවා ව්‍යර්ථ විය. අවසානයේ සිදුවූයේ ප්රභාකරන්ගේ බලපරාක්‍රමය තවත් වැඩිවීමය. ඇත්තෙන්ම ජනපතිනිය කොටි පරාජය කිරීම ගැන සතුටු විය යුතුය. තමාගේ වම් ඇස අහිමි කළ ත්‍රස්ත කල්ලිය ද විනාශ කිරීම ගැන ජනාධිපතිනිය සතුටු නොවන්නේද? එහෙත් ඇය වත්මන් රජය දෙස බලන්නේ සිය සුමිතුරු මංගල සමරවීරගේම කෝණයෙනි.
ත්‍රස්තවාදය අවසන් වුවද ශ්‍රී ලංකාවට එරෙහි කුමන්ත්‍රණ තවම ක්‍රියාත්මක වෙයි. කේ.පී. මැලේසියාවේ සිට කොළඹ රැගෙන ආවද කොටින්ට හිතැති ශ්‍රී ලංකාවට විරුද්ධ කුමන්ත්‍රණ නතර වී නැත. එA අතර හිටපු ඇමරිකානු තානාපති රොබර්ට් බ්ලේක් ද ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනු කරන්නට විශාල උත්සාහයක් දරන බවට ආරංචි පැතිර යයි. බටහිර ලෝකය, කෙසේ හෝ උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව අළු දූලි මතින් නැඟී සිට වඩා ප්‍රබල රාජ්‍යයක් බවට පත්වීම අඩපණ කරන්නටය. චැනල් ෆොa රූපවාහිනි සේවාවද ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රබල කුමන්ත්‍රණයක් අරඹා ඇත. මෙම රූපවාහිනි සේවාවේ හිමිකරු වන්නේ බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ්ය. ප්රභාකරන් ඇතුළු කොටි නායකයන් 47 දෙනකු බටහිරට රැගෙන යැම සඳහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරගැනීම සඳහා ලංකාවට පැමිණියේද මේ මිලිබෑන්ඩ් මහතාමය. එදා ජනාධිපතිවරයා හමුවීමට මිලිබෑන්ඩ්ට ඇඹිලිපිටියට යැමට සිදුවිය. ඇඹිලිපිටියේදීත් වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප විය. එම නිසා මිලිබෑන්ඩ්ට නැවත ලන්ඩන් බලා යැමට සිදුවූයේ ඉච්ඡාභංගත්වයෙනි. එහෙත් ඔහු ලංකාවට එරෙහි කුමන්ත්‍රණය නම් අත්හැර නැත. චැනල් ෆොa රූපවාහිනිය හරහා සිදුවන්නේ ද කොටි හිතැති බටහිර කුමන්ත්‍රණයන්ය.
මේ සියලු කුමන්ත්‍රණ සිදුවෙද්දී හිටපු ජනපතිනියත් රටට එරෙහිව විවිධ ප්‍රකාශ නිකුත් කිරීම සාධාරණය කළ හැකිද? නිදහස සීමාවී ඇතැයි ඇය කරන ප්‍රකාශ තුළින් බ්‍රිතාන්‍ය චැනල් ෆොa රූපවාහිනිය ගෙන යන මුග්ධ වාර්තාවන්ට උල්පන්දම් නොලැබෙන්නේද? යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබාදෙන ජී.එස්.පී. කෝටාව අහෝසි කරන්නට යන බවට කතා පැතිරේ. මේ සහනය නතර කිරීම මගින් බටහිර ලෝකය උත්සාහ කරන්නේ කවරක්ද? ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් කිරීමය. ජී.එස්.පී. සහනය ලබාදෙන්නට නම් මානව හිමිකම් ආරක්ෂා කළ යුතු බව යුරෝපා සංගමය කියයි. වවුනියාව අවතැන් කඳවුරුවල සිටින කොටි සාමාජිකයන් මුදාහරින්නේ නම් යුරෝපා කොමිසම සතුටු වනු ඇත. එහෙත් ජී.එස්.පී. සහනය ලබාගන්නට වවුනියාව ඇතුළු කඳවුරු වසා දමන්නට අපට නොහැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර ලේකම්වරයකු වන ලින් පැස්කෝ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මාධ්‍ය වාර්තා පළ විය. මේ සහකාර ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වන්නියේ අවතැන් කඳවුරු නිරීක්ෂණය කරන්නටය. වන්නියේ අවතැන්වූවන් බිම්බෝම්බ අතුරා ඇති ප්‍රදේශවල හෝ හැකි ඉක්මනින් පදිංචි කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට මහා හදිසියක් ඇතිව තිබේ. එක්සත් ජාතීන්ගේ හදිසියට අපට වැඩ කළ හැකිද? එහෙත් නැවතත් මානව හිමිකම් දඬු අඬුවෙන් ශ්‍රී ලංකාව හිර කිරීමට මේ ඊනියා බටහිරට අවශ්‍යව ඇති බව පැහැදිලිය. මේ අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනක අතුරුදන් වූ දෙමළ පුද්ගලයන්ගේ ඥතීන් හමුවී තිබිණි. එම හමුවේදී වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කර තිබුණේ වහාම අවතැන් කඳවුරුවල සිටින පුද්ගලයන් නිදහස් කර යවන ලෙසය. දැන් අවතැන් කඳවුරුවල සිටින පිරිස දේශපාලන සටන් පාඨයක් වී ඇත. මේ සටන් පාඨය බටහිර වෙසෙන කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ද යොදාගන්නා අතර එය විපක්ෂ නායකවරයා ද යොදා ගැනීම කනගාටුවට කරුණකි. මනෝ ගනේෂන් එA ගැන කෑගැසුවාට අපට වරදක් දැකිය නොහැක. ඔහු පොංගු තමිල් උළෙලවල ද කතා පවත්වා ඊළම වෙනුවෙන් හඬ නැඟූවෙකි. එදා අයවැයේදී රජය පරාජය කර වන්නි සටන උඩුයටිකුරු කරන්නට මාන බැලූ බලවේග විශේෂයෙන් කොල්ලුපිටිය බලවේග මෙන්ම කොල්ලුපිටියේ බටහිර තානාපතිවරු අද නැවතත් එක්වී ඇත. එA වවුනියාවේ අනාථ කඳවුරු ප්රශ්නය යොදාගෙන රජය අපහසුතාවට පත් කිරීමටය. ප්රභාකරන් මියගිය ද මේ අශුද්ධ සන්ධාන වැනසුනේ නැත. එAවා නිරන්තරයෙන් ක්‍රියාත්මකය. මේ සන්ධානවල මෙන්ම බටහිර දෙමළ ඩයස්පෝරාව දැන් කුමන්ත්‍රණ කරන්නේ කවරකටද? සර්බියානු නායක ස්ලොබොදාන් මිලොසොවික් හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයට ගෙන ගිය ආකාරයට මෙරට රාජ්‍ය නායකයා හෝ ආරක්ෂක ප්‍රධානියකු හේග් නුවරට රැගෙන යන්නට කුමන්ත්‍රණ කිරීමය. සර්බි ජාතිකත්වයට බටහිර ලෝකය විරුද්ධ විය. මුස්ලිම් අන්තවාදයට එරෙහි වන බටහිර ලෝකය කොසොවෝ අර්බුදයේදී මුස්ලිම් බෙදුම්වාදයේ පැත්ත ගෙන සර්බියානු ජාතිකත්වයට එරෙහි විය. එම නිසාම අවසානයේ ස්ලොබොදාන් මිලොසොවික්ට යුද අපරාධ චෝදනා එල්ල කෙරිණි. එA බටහිර කුමන්ත්රණයේ කූටප්‍රාප්තියයි. සර්බියාවට එරෙහිව ක්‍රියාත්මක වූ බටහිර කුමන්ත්‍රණ ශ්‍රී ලංකාවට එරෙහිව ද ක්‍රියාත්මක වන සේයාවක් දක්නට ලැබේ. එහෙත් මේ සියලු කුමන්ත්‍රණ ය කිරීමට දේශප්‍රේමී ජනතාව එක්විය යුතුය. මන්ද මියගිය කොටියාට යළි පණ දීමට උත්සාහ කරන බලවේගවලට කිසිම ඉඩක් ලබාදිය යුතු නැත.