මේ ගීතය ලංකාවේ ගමක සුන්දරත්වය ඉතාම මිහිරි ආකාරයට ගැමි ගී හඩක් හිමි රෝහණ බැද්දගේ මහතා ගායනා කරන ගීතයක්. මේ සිංදුව ඇහෙන කොට අපේ පරන ගම ඉබේම අපේ හිතේ මැවෙනවා. ඒ පුංචි කාලේ අපි මේ ගමේ සුන්දරත්වය විඳපු හැටි අද ඊයේ වගේ මට මතක් වෙනවා. ඒ අතීයට ඒදා වගේම අදත් මම ආදරෙයි. මේ ගීතය මීට කළින් මම දාපු එකක් වුනාට ආයෙත් දාන්ඩ හිතුණා.
අනිත් ගීතය තමයි ගමක සුන්දරත්වය ගැන කියවෙන හින්දි ගීතයක්. නිතර අහන්ඩ ලැබෙන්නෙ නැති ගීතයක්. මේ ගීතයත් ඉන්දියානු සාම්ප්‍රදායික ගැමි සංගීතය සිහියට නැගෙන විදියට ඉතාම අපූරුවට ගැයෙනවා. අපූරු කටහඩක් හිමි ජේසුදාස් නම් ගායකයා තමයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ .
මේ ගීත දෙකම අහනකොට ඒ ඒ පරිසර අපේ හිතේ මැවෙනවා. තමතමන්ට අනන්‍ය විදියට සංගීතය සහ ගායනය යොදාගෙන ඇති ආකාරය නම් අතිවිශිෂ්ඨයි.
මේ වගේ විශේෂ දවසක බටනලා සහ තබ්ලා සංගීතයෙන් රස කෙරුණු පැරණි ගීත අනුවාදන කිහිපයක්.....
ගොරි තෙරා ගාවෝ බඩා ප්‍යාරා - අනුවාදනය
Gori Tera Gavo Bada Pyara - Instrumental