මධූ පැරණි ගීත රසිකයන් වෙනුවෙන් ඇරඹු මේ හූය මෙතරමි දුරක් ගෙනියන්ඩ තම කාලය, ශ්රමය මුදල වැය කළ බොහෝ දෙනෙක් ඉන්නවා.
ඒ වගේම මෙයින් ගීත ලබා ගෙන ඇති අය ගැන බලන කොට ඉතා විශාල ප්රමාණයක්. ඒ බව අපි ලබා දෙන ගීත බාගෙන ඇති ප්රමාණ වලින්ම තේරුම් ගැනීමට පුළුවන්.
මේ හූයේ ඉන්න අපගේ සහෝදර සහෝදරියන් ලෝකේ කොහෝ සිටියත් එකම පවුලක් වගේ එකට එකතුවෙලා මේ කරනා මෙහෙය වචනයෙන් කියලා නිම කරන්ඩ බෑ. යම් ගීත ඉල්ලීමක් ඉදිරිපත් වූ මොහොතක කිහිප දෙනෙකුම ඊට ප්රතිචාර දැක්වූ අවස්ථා අනන්තයි. ඒ තරම් කැපවීමක් අපගේ මේ සහෝදර සහොදරියන්ගේ තියෙන්නේ. තමන්ගේ වැඩ කටයුතු පසෙකලා අනුන් වෙනුවෙන් මේ කරනා මෙහෙය අගය කිරීමට ලක් කරලා තියෙන්නේ කීයෙන් කීදෙනාද?
ගීත ලබා ගන්නා හුඟ දෙනෙක් දන්නේ නෑ මේ ගීත අප එකතු කරගන්ඩ කොච්චර දුක් වින්දද කියලා. ඒ වගේම ඒ ගීත වලට අපි කෙච්චර ආදරේද කියලා. ඒ අය හිතන්නේ සිංදුවක් ඉල්ලුවාම අපි ඒක දෙන්ඩ බැඳිලා ඉන්නවා කියලා. සමහර අය සිංදු ඉල්ලන හැටියෙන්ම ඒක පැහැදිලි වෙනවා. තව සමහර අයට සිංදුව අප් ලෝඩ් වෙනකම්වත් ඉන්ඩ බෑ ආයෙත් ඉල්ලනවා. හැබැයි දුන්නට පස්සේ ඉල්ලපු අයත් නෑ ගත්ත අයත් නෑ. බාගත්ත ගනන නම් එකසිය ගානට නැඟලා. ඉල්ලන්ඩ තිබ්බ හදිස්සිය සිංදුව දුන්නට පස්සේ ඒකට ස්තුති කරන්ඩ නෑ. සමහර විට ආයේ මේ පැත්ත පලාතේ එන්නේ තව සිදුවක් ඕනෑ වුනාම විතරයි.
මම දැන් සෑහෙන කාලයක ඉඳහා බලලා තියෙනවා සිංදුවක් අපි දුන්නහම ඒකට ස්තුති කරන්නේ හැමදාම මෙතෙන්ට ලොකු සේවයක් කරන මෙතනට කැපවෙලා ඉන්න අපේම සහෝදර සහෝදරියන් විතරයි. ඒ කියන්නේ අපි අපිම. හැබැයි මේ සිංදුව බා ගත්ත ගාන දැක්හම කලාන්තේ හැදෙනවා.
අපි මෙච්චර කැපවෙලා බොහෝම අමාරුවෙන් හොයලා හොයලා, සල්ලි දීලා මේ සීඩි ගෙනැල්ලා , අහන්ඩ තරම් සුදුසු නැති සමහර සිංදු සංස්කරණය කරලා, මේ ගීතය මේ හූයේ පල කරනකම් පුදුම මහන්සියක් වෙන්නේ.
ඉතිං කිසිම ඇගේපතේ අමාරුවක් නැතිව කිසිම වියදමකින් තොරව රෙකොඩ්බාර් වලවත් නැති සිංදු මේ හූයට ඇවිල්ලා තමන්ට ඕනේ තරම් සිංදු අරගෙන පැදුරටත් නොකියා යන්ඩ තමයි දැන් හුඟ දෙනෙක් දැන් පුරුදු වෙලා ඉන්නේ.
අනිත් එක තමයි හුඟ දෙනෙක් ඉල්ලන්නේ ඇල්බම් පිටින්ම දෙන්ඩ කියලා. කිසිම වියදමකින් තොරව ඕනෑම සිංදු ඇල්බම් එකක් ගන්ඩත් මේ විදියට අපේ අය උදව් කරනාවා. ඒ හිත හොඳකම වැඩි නිසා.
ජීවිතේට දැකලා නැති නමක් ගමක් දන්නේ නැති ගෑණුද පිරිමිද කියලාවත් දන්නේ නැති ඕනෑම කෙනෙක් ගීතයක් ඉල්ලුවාම අපේ අය ඒ අයට සලකන විදියනම් අති විශිෂ්ඨයි. කතා කරන විදිය හරියට අවුරුදු ගානක් ආශ්රය කරපු කෙනෙක් වගේ. ගීතයක් ඉල්ලන ඕනෑම කෙනෙකුට මෙවන් ලෙන්ගතුකමක් අපේ මේ පවුලේ සහෝදර සහෝදරියන්ගේ තියෙන්නේ.
ඕනෑම කෙනෙක් ඇවිල්ලා තමන්ට ඇති ගැටළුව ඉදිරිපත් කළහොත් ඒ අය අදාල ස්ථාන කරා යොමු කිරීමටත් ඒ සඳහා උපදෙස් ලබා දීමටත් අපේ පවුලේ අය නිරන්තරයෙන් කැපවී ඉන්නවා.
ඒත් ඉතිං මෙච්චර මහන්සි වෙලා ගීතය ලබා දෙන ඒ අයට ස්තුතියි කියලා කියන්ඩ තරම් වත් හිත දෙන්නේ නැති මිනිස්සුත් ඉන්නවානේ... කෙනෙකුගෙන් උදවව්වක් අරගෙන ඒකට ස්තුතියි කියන්ඩ තරම්වත් හිතේ මනුස්ස කමක් මේ අයගේ ගෑවිලාවත් නෑ. තමන්ගේ වැඩේ කර ගත්තා ගියා. ඉතිං මෙහෙම මිනිස්සු ඉන්න රටකට හරියාවිද? මේ වගේ අය නම් තමන් උපන් පොළොවටත් බරක් කියලයි මටනම් හිතෙන්නේ.
දැන් සෑහෙන කාලෙක ඉඳල දාලා තිබුණු සිංදු ගැන බලලා තමයි මේක ලියන්ඩ හිතුනේ. අපි සිංදුව දානවා දානවා ගන්න ගන්න අයගෙන් කිසිම ප්රතිචාරයක් නෑ. හැබැයි අපේම කෙනෙක් ගත්තොත් නම් අනිවාර්යයෙන්ම ස්තුතියි කියනවා. මොකද ඒ අය දන්වා මේ සිංදු දෙන්ඩ අපි කොච්චර මහන්සි වෙනවාද කියලා.
ඒ නිසා මම මතක් කරන්ඩ කැමතියි ඔය හැම දෙනාටම මෙතනින් සිංදු ගන්නවා වගේම පුළුවන්නම් ඔය අය ලඟ තියෙන් සිංදුත් අපිත් එකක් බෙදා ගන්නඩ පුරුදු වෙන්ඩ කියලා. අඩුම තරමින් දෙන්ඩ සිංදු නැති වුනාට කමක් නෑ සිංදුවක් ගත්තට පස්සේ ලොග් වෙලා ස්තුතියි කියලා කියන්ඩවත් පුරුදු වෙන්ඩ. මනුස්සයෙක් විදියට...
meka hanadama thibuna prasnayak
mama dawasakuth kiwwa wenna one sinduwalata pw ekak add karala ul karana kramayak hada gattha nam hondai
athakota aniwaryenma ul karapu kenagenma pw aka illa ganna wenawane
tikak karadarakari wadak nam tama
hithala balannako kattiya ekka mage adahasa mama kiwwe




ඒක මහා කරදරයක් වෙයි නේද?.පහසු පිළිවෙලකට සිද්ධවෙනවා නම් හොඳයි.