SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0

ade horenma 1000k gahala neada :P .
ela ela machan ohoma yamu
:D
20kby82.jpg

 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.


    නංගී නංගී රූපිකා - විවියන් සිල්වා බොරලැස්ස
    Nangi Nangi Rupika – Viviyan Silva Boralessa


    Me Sawmya Rathree
    Darmadasa Walpola



    Budu Sireepaade
    G.S.B. Rani Perera




    මා ඈත භවේදී මතකද හමුවූවා - මොහිදීන් බෙග්
    (මුල් ගීය - Original)
    Ma Atha Bawedi – Mohideen Beig



    අහා...ජෝතිට ඇති ඉල්ලුම කවදාවත් අඩුවෙන්නේ නෑ.
    ජෝති ගේ සිංදු වැඩියෙන්ම දෙන AL1717 නලින් අද ඉන්නවානේ.කැමති ඕන එකක් ඉල්ලන්න.අනිවාර්යයෙන්ම ලැබෙයි.:)


    නිතර අහන්ඩ ලැබෙන්නේ නැති ලස්සනම ලස්සන සින්දුවක්

    සරසවියෙදී හෙට විතරයි හමුවන්නේ
    කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ

    මොරසූරන මහ වැස්සේ තනි කුඩයේ
    අපි තනිවී දොඩමළු වූ හැටි දෙනියේ
    කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
    මතකද මහ වැලි දෑලේ සපු සෙවනේ

    කළා ශිල්ප රාජ ඉසුරු මල්යහනේ
    එදා ලපළු හෙවනේ සරතැස නිවුනේ
    අපේ මියුරු සිහින පිරුණු රජ දහනේ
    මෙදා සුවඳ පමනි ඉතිරි හන්තානේ

    කෝළ බැළුම් හෙලා බලන පරවියනේ
    මාල බැඳුණු ගෙල කුමරිගේ හඳපානේ
    හීනෙන් දැකුමට විතරයි උරුම උනේ
    හන්තානේ කුමරියේ නාඩන් ලස‍දේ


    සරසවියෙදී හෙට විතරයි හමුවන්නේ
    කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ


    Sarasaviye Heta Vitharai
    (දයාරත්න රණතුංග / Dayarathna Ranathunga)



    Godak Thanxx machan


    පැරණි ගී රසය සොයන රසවතුන්ට මෙන්න fortunes වාදක කන්ඩායමේ නවීකරණය නොකල ගීත කීපයක්


    ගයන ගැයුම් රඟන රැඟුම්-ෆෝචූන්ස්
    gayana geyum rangana regum-fortunes



    පැරණි ගී රසය සොයන රසවතුන්ට මෙන්න fortunes වාදක කන්ඩායමේ නවීකරණය නොකල ගීත කීපයක්

    කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි-ෆෝචූන්ස්
    kalu kelle oba harima hedai-fotunes


    පැරණි ගී රසය සොයන රසවතුන්ට මෙන්න fortunes වාදක කන්ඩායමේ නවීකරණය නොකල ගීත කීපයක්

    මුළු ගතම වෙහෙසුනා-ෆෝචූන්ස්
    mulu gathama wehesuna-fortunes



    පැරණි ගී රසය සොයන රසවතුන්ට මෙන්න fortunes වාදක කන්ඩායමේ නවීකරණය නොකල ගීත කීපයක්

    මාලී රුවන් මලී-ෆෝචූන්ස්
    malee ruwanmali-fortunes


    පැරණි ගී රසය සොයන රසවතුන්ට මෙන්න fortunes වාදක කන්ඩායමේ නවීකරණය නොකල ගීත කීපයක්

    අහසට පිඹිනා එරන් කලේයා-ෆෝචූන්ස්
    ahasata pimbina eran kaleya-fortunes




    Thanks Kastiya Okkotama mama Me Set Eka Ma Gattha
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මධූ පැරණි ගීත රසිකයන් වෙනුවෙන් ඇරඹු මේ හූය මෙතරමි දුරක් ගෙනියන්ඩ තම කාලය, ශ්‍රමය මුදල වැය කළ බොහෝ දෙනෙක් ඉන්නවා.

    ඒ වගේම මෙයින් ගීත ලබා ගෙන ඇති අය ගැන බලන කොට ඉතා විශාල ප්‍රමාණයක්. ඒ බව අපි ලබා දෙන ගීත බාගෙන ඇති ප්‍රමාණ වලින්ම තේරුම් ගැනීමට පුළුවන්.

    මේ හූයේ ඉන්න අපගේ සහෝදර සහෝදරියන් ලෝකේ කොහෝ සිටියත් එකම පවුලක් වගේ එකට එකතුවෙලා මේ කරනා මෙහෙය වචනයෙන් කියලා නිම කරන්ඩ බෑ. යම් ගීත ඉල්ලීමක් ඉදිරිපත් වූ මොහොතක කිහිප දෙනෙකුම ඊට ප්‍රතිචාර දැක්වූ අවස්ථා අනන්තයි. ඒ තරම් කැපවීමක් අපගේ මේ සහෝදර සහොදරියන්ගේ තියෙන්නේ. තමන්ගේ වැඩ කටයුතු පසෙකලා අනුන් වෙනුවෙන් මේ කරනා මෙහෙය අගය කිරීමට ලක් කරලා තියෙන්නේ කීයෙන් කීදෙනාද?

    ගීත ලබා ගන්නා හුඟ දෙනෙක් දන්නේ නෑ මේ ගීත අප එකතු කරගන්ඩ කොච්චර දුක් වින්දද කියලා. ඒ වගේම ඒ ගීත වලට අපි කෙච්චර ආදරේද කියලා. ඒ අය හිතන්නේ සිංදුවක් ඉල්ලුවාම අපි ඒක දෙන්ඩ බැඳිලා ඉන්නවා කියලා. සමහර අය සිංදු ඉල්ලන හැටියෙන්ම ඒක පැහැදිලි වෙනවා. තව සමහර අයට සිංදුව අප් ලෝඩ් වෙනකම්වත් ඉන්ඩ බෑ ආයෙත් ඉල්ලනවා. හැබැයි දුන්නට පස්සේ ඉල්ලපු අයත් නෑ ගත්ත අයත් නෑ. බාගත්ත ගනන නම් එකසිය ගානට නැඟලා. ඉල්ලන්ඩ තිබ්බ හදිස්සිය සිංදුව දුන්නට පස්සේ ඒකට ස්තුති කරන්ඩ නෑ. සමහර විට ආයේ මේ පැත්ත පලාතේ එන්නේ තව සිදුවක් ඕනෑ වුනාම විතරයි.

    මම දැන් සෑහෙන කාලයක ඉඳහා බලලා තියෙනවා සිංදුවක් අපි දුන්නහම ඒකට ස්තුති කරන්නේ හැමදාම මෙතෙන්ට ලොකු සේවයක් කරන මෙතනට කැපවෙලා ඉන්න අපේම සහෝදර සහෝදරියන් විතරයි. ඒ කියන්නේ අපි අපිම. හැබැයි මේ සිංදුව බා ගත්ත ගාන දැක්හම කලාන්තේ හැදෙනවා.

    අපි මෙච්චර කැපවෙලා බොහෝම අමාරුවෙන් හොයලා හොයලා, සල්ලි දීලා මේ සීඩි ගෙනැල්ලා , අහන්ඩ තරම් සුදුසු නැති සමහර සිංදු සංස්කරණය කරලා, මේ ගීතය මේ හූයේ පල කරනකම් පුදුම මහන්සියක් වෙන්නේ.

    ඉතිං කිසිම ඇගේපතේ අමාරුවක් නැතිව කිසිම වියදමකින් තොරව රෙකොඩ්බාර් වලවත් නැති සිංදු මේ හූයට ඇවිල්ලා තමන්ට ඕනේ තරම් සිංදු අරගෙන පැදුරටත් නොකියා යන්ඩ තමයි දැන් හුඟ දෙනෙක් දැන් පුරුදු වෙලා ඉන්නේ.

    අනිත් එක තමයි හුඟ දෙනෙක් ඉල්ලන්නේ ඇල්බම් පිටින්ම දෙන්ඩ කියලා. කිසිම වියදමකින් තොරව ඕනෑම සිංදු ඇල්බම් එකක් ගන්ඩත් මේ විදියට අපේ අය උදව් කරනාවා. ඒ හිත හොඳකම වැඩි නිසා.

    ජීවිතේට දැකලා නැති නමක් ගමක් දන්නේ නැති ගෑණුද පිරිමිද කියලාවත් දන්නේ නැති ඕනෑම කෙනෙක් ගීතයක් ඉල්ලුවාම අපේ අය ඒ අයට සලකන විදියනම් අති විශිෂ්ඨයි. කතා කරන විදිය හරියට අවුරුදු ගානක් ආශ්‍රය කරපු කෙනෙක් වගේ. ගීතයක් ඉල්ලන ඕනෑම කෙනෙකුට මෙවන් ලෙන්ගතුකමක් අපේ මේ පවුලේ සහෝදර සහෝදරියන්ගේ තියෙන්නේ.

    ඕනෑම කෙනෙක් ඇවිල්ලා තමන්ට ඇති ගැටළුව ඉ‍දිරිපත් කළහොත් ඒ අය අදාල ස්ථාන කරා යොමු කිරීමටත් ඒ සඳහා උපදෙස් ලබා දීමටත් අපේ පවුලේ අය නිරන්තරයෙන් කැපවී ඉන්නවා.

    ඒත් ඉතිං මෙච්චර මහන්සි වෙලා ගීතය ලබා දෙන ඒ අයට ස්තුතියි කියලා කියන්ඩ තරම් වත් හිත දෙන්නේ නැති මිනිස්සුත් ඉන්නවානේ... කෙනෙකුගෙන් උදවව්වක් අරගෙන ඒකට ස්තුතියි කියන්ඩ තරම්වත් හිතේ මනුස්ස කමක් මේ අයගේ ගෑවිලාවත් නෑ. තමන්ගේ වැ‍ඩේ කර ගත්තා ගියා. ඉතිං මෙහෙම මිනිස්සු ඉන්න රටකට හරියාවිද? මේ වගේ අය නම් තමන් උපන් පොළොවටත් බරක් කියලයි මටනම් හිතෙන්නේ.

    දැන් සෑහෙන කාලෙක ඉඳල දාලා තිබුණු සිංදු ගැන බලලා තමයි මේක ලියන්ඩ හිතුනේ. අපි සිංදුව දානවා දානවා ගන්න ගන්න අයගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. හැබැයි අපේම කෙනෙක් ගත්තොත් නම් අනිවාර්යයෙන්ම ස්තුතියි කියනවා. මොකද ඒ අය දන්වා මේ සිංදු දෙන්ඩ අපි කොච්චර මහන්සි වෙනවාද කියලා.

    ඒ නිසා මම මතක් කරන්ඩ කැමතියි ඔය හැම දෙනාටම මෙතනින් සිංදු ගන්නවා වගේම පුළුවන්නම් ඔය අය ලඟ තියෙන් සිංදුත් අපිත් එකක් බෙදා ගන්නඩ පුරුදු වෙන්ඩ කියලා. අඩුම තරමින් දෙන්ඩ සිංදු නැති වුනාට කමක් නෑ සිංදුවක් ගත්තට පස්සේ ලොග් වෙලා ස්තුතියි කියලා කියන්ඩවත් පුරුදු වෙන්ඩ. මනුස්සයෙක් විදියට...
     
    Status
    Not open for further replies.