මම ටික දවසකින් ආවේ. ඉතා වටිනා කතාවක් වෙලා තියෙන්නේ. මම නම් සින්දු කිහිපයක් පමණයි ලබා දීලා තියෙන්නෙ. එනිසා මගේ අදහසට එතරම් "බරක්" නැහැ. කොහොම වුනත් මම හිතන්නෙ මෙහෙමයි.
1. සින්දුවේ නම සහ විස්තර file name එකට නොදා හිටියොත් ඩිරෙක්ටරි පිටින් කොල්ලකෑම අඩු වෙයි.
2. සමහර වෙබ් අඩවි වල තියෙනවා post එකට ස්තුති කරනකල් ලින්ක් එක පේන්නෙ නැහැ. නමුත් අනෙකුත් විස්තර තියෙන නිසා google indexing වලට බාධාවකුත් නැහැ.
කොයි ක්‍රමයෙන් හෝ යම් සීමාවක් පැනවීම හොඳයි. අපි අමතක කරන්න හොඳ නැහැ මේ ගීත වල රචකයන්, ගායකයන් සහ සංගීතඥයින් ගේ දිවි පෙවෙත රැකෙන්නේ මේවා මිල කිරීමෙන් කියලා. පැරණි, සොයා ගන්න අපහසු, හෝ සංගත තැටියක නොමැති ගීතයක් මිතුරෙකු ගෙන් ඉල්ලා ගැනීම එක දෙයක්. නමුත් සියළු ගීත අවශ්‍යතා එසේ සපුරාගෙන, ලබා දුන් අයට අබ මල් රේණුවක තරම්වත් කෘතඥතාවයක් නොපෙන්නා, ඒවා තැටිගත කර මුදල් ද ඉපයීම යමෙක් කරනවා නම්, අපිටත් එම සොරකම නතර කිරීමට යම් වගකීමක් තිබෙනවා.
password දැමීම හොඳ අදහසක්. UL කරන කෙනාට තවත් කරදරයක් නොවෙන විදිහට, request එකක් OK කරනවා වගේ ක්‍රමයක් තියෙනවා නම් ගොඩක් පහසු වෙයි. ඒක ප්‍රායෝගිකව කරන්න පුලුවන් ද කියලා නම් මම දන්නෙ නෑ.
මෙතන අමිල මෙහෙවරක් කරන යහළු යෙහෙළියන් සියළු දෙනාටම මම යලිත් ස්තුති කරනවා.