මේක කොච්චර ලස්සන සින්දුවක්ද...පොඩ්ඩක් මෙම ගීතයේ පසුබිම කියන්න හිතුනා..එතකොට ගීතය විඳීමේ ශක්‍යතාවය පුලූල් වෙන නිසා..
මේ ගීතය ඇතුලත් වන්නෙ "හුලවාලි" සිනමා පටයේ...අප අතරින් වියෝවුන ධර්මසිරි ගමගේ ශූරීන්ගෙ පද රචනයක් වන මෙම ගීතය සංගීතවත් කලේ වික්ටර් රත්නායකයන්...සිනමා පටයේ මේ ගීතය ගායනා කරමින් විශිෂ්ඨ රංගනයක යෙදුනේ අපේ හෙළ සිනමා සක්විති ගාමිනි පොන්සේකා ...මේ රූප රාමුව හරිම සංවේදි එකක්....
සුනිල් එදිරිසිංහ ගායකයානන්ගෙ සිනමා සංගීත දිවියේ නොමැකෙන මග සලකුනු රැගත් ගීත දෙකක් වික්ටර් රත්නායකයන් විසින් සංගිත අධ්‍යක්ෂණය කොට තිබෙනවා..එකක් මාතර ආච්චී සිනමා පටයේ "සඳකඩ පහනක කැටයම් ඔපලා" ගීතයත් මා ඉහතින් හේතු පාඨ දැක්වු "කුඩා ගමේ" ගීතයත් යන දෙක..
මෙහි විශේෂය වික්ටර් රත්නායකයන් මුලින්ම සංගීත අධ්‍යක්ෂණය කල සිනමා ගීතය සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතය වීමත් හා සුනිල් එදිරිසිංහයන් මුලින්ම තම ජීවිතයේ ගැයූ මුල්ම ගීතයත් එය වීමයි...
මල්ලි මෙවැනි ගීතයක් අපට ලබා දීම ගැන මා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා...