ps : This is a recording ( 169kbits/s)
ප්‍රේමවන්ත දරුවනි මා
නාට්‍යය - සිංහබාහු(මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර)
ප්‍රේමවන්ත දරුවනි මා
................. මා....
කියමි පුවත සැක දුරැරා අසන නිතියෙනා
මෑණිය නුඹ දෙදෙනගෙ වේ කුමරියක් මනා
පසිඳු මහඟු වංග දේසේ නරවර හට දා
කිමද මෑණියනි ඔබ මේ පවසන වදනා
ඇස්කන් ඇදහිය නොහේය ඇසෙන මෙඅරුමා
ඔබ පාමුල හිඳුවා මා වැඩෙන වයසෙදී
රාජ කතා කී විසිතුරු දැන් සිහිවන්නේ
සැප සයනා සුවඳ බොජුන් උදුල මාලිගා
දෑ සම්පත් හැරදා ඇයි මෙලෙස වෙසෙන්නේ
රාජ කුමරියෝ පළඳිති රන්මිණි බරණා
සිනිඳු වස්ත්‍ර ඇඳලා රන් මිරිවැඩි සඟලා
පින්පිඬ වැනි මා මෑණිය කියනු නොවලහා
ඇයිද වල්කලා පොරවා ලෙන තුල ඉන්නේ
සිනිඳු වස්ත්‍ර මිණි අබරණ උදුල මාලිගා
සුවඳ බොජුන් සැප සයනා මිරිවැඩි සඟලා
මේ සියල්ල හැරදා මම ආවෙමි වලටා
වෙසෙන ලෙසා ඔබ පිය මා සමිඳුන් සමගා
ඇයිද පියාණන් සමගා ලෙනෙහි වෙසෙන්නේ
හැරදමා එ රාජ ඉසුරු උවදුරු අතරේ
සිති නොවේද මා පියාට වාසෙ මාලිගේ
සියුමැලි ඔබ කැටුව ඉන්ට මේ වනාන්තරේ
නාට්‍යය - සිංහබාහු(මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර)
ප්‍රේමවන්ත දරුවනි මා
................. මා....
කියමි පුවත සැක දුරැරා අසන නිතියෙනා
මෑණිය නුඹ දෙදෙනගෙ වේ කුමරියක් මනා
පසිඳු මහඟු වංග දේසේ නරවර හට දා
කිමද මෑණියනි ඔබ මේ පවසන වදනා
ඇස්කන් ඇදහිය නොහේය ඇසෙන මෙඅරුමා
ඔබ පාමුල හිඳුවා මා වැඩෙන වයසෙදී
රාජ කතා කී විසිතුරු දැන් සිහිවන්නේ
සැප සයනා සුවඳ බොජුන් උදුල මාලිගා
දෑ සම්පත් හැරදා ඇයි මෙලෙස වෙසෙන්නේ
රාජ කුමරියෝ පළඳිති රන්මිණි බරණා
සිනිඳු වස්ත්‍ර ඇඳලා රන් මිරිවැඩි සඟලා
පින්පිඬ වැනි මා මෑණිය කියනු නොවලහා
ඇයිද වල්කලා පොරවා ලෙන තුල ඉන්නේ
සිනිඳු වස්ත්‍ර මිණි අබරණ උදුල මාලිගා
සුවඳ බොජුන් සැප සයනා මිරිවැඩි සඟලා
මේ සියල්ල හැරදා මම ආවෙමි වලටා
වෙසෙන ලෙසා ඔබ පිය මා සමිඳුන් සමගා
ඇයිද පියාණන් සමගා ලෙනෙහි වෙසෙන්නේ
හැරදමා එ රාජ ඉසුරු උවදුරු අතරේ
සිති නොවේද මා පියාට වාසෙ මාලිගේ
සියුමැලි ඔබ කැටුව ඉන්ට මේ වනාන්තරේ
Last edited:

