~ Kaviyen Kaviya ~.........Kamathida???

sudunone

Member
May 23, 2009
3,781
121
0
aayo oyakath loku prshnayakahda
apey deshapalyakyonta oyakath kajjakda
kadaa meyy boot kamema iwara weida
aadharaya thibenathura boot kaema thiyewidha?:eek:

ඇත්ත තමයි ප්‍රශ්නයක්ද
කොයි තරමට මෙහි හරක්ද:lol:
තිබෙන තුරා ආදරයද
බූට් නැතුව මොන පිස්සුද
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
කෙතරම් සොදුරු වූවත් මේ ආදරය
විටෙක ගෙනෙයි කදුලු විරහ දුක සමග
එනමුදු එයයි ජීවිතයක නිමාව
කියා සිතූ කාටත් වැරදුනාය


Dhanimi mehi obage penawana arthaya
kiyawa oba mage eka wiaraha kawiya
wiraha dhuka dhanu wita kaatath elasya
sthuuthiy oba dun diriya apamanaya
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
sha marune.me yanne nagala.
mama punchi kawi kallak kiyala ain wenawa.
senehe bidunu sitha suwapath karanata...
lowe nomatha kisi thanaka osu...
obe namin netha pura handanu misa....
pem nokarami mama meyin mathu...

මාත් ඔහොම සිතුවා කලකට ඉහත
එනමුදු මටම මෙලෙසින් සිතුණා නැවත
සුවපත් කරන්නට වරෙකදි බිඳුණු සිත
පුළුවන් කමක් මුදු ප්‍රේමය තුළම ඇත
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ඇත්ත තමයි ප්‍රශ්නයක්ද
කොයි තරමට මෙහි හරක්ද:lol:
තිබෙන තුරා ආදරයද
බූට් නැතුව මොන පිස්සුද

poodak api mehema hithamudha?
aadharyen boot kaewama kadhulakda?
danunaa mata oya dey eekadinaka
eekai ahuwe melesa obagen hanika
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මම පෙම් කළෙමි අවුරුදු හතරක් දිගට
රවටනු ලැබූවෙමි ගොන් හරකෙක් ලෙසට
විශ්වාසයෙන් පෙම් කරනට කිසිවෙකුට
මසිත හදා ගන්නේ කෙලෙසද මිතුර
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
සහතික ඇත්ත ඔබ ඒ කිව් කතාව
මට තවමත් මතකයි ඒ සිනාව
ඉන්නාවිටදි සමහරවිට මා තනිව
ඒ නම කියමි අසනට එහි ලතාව:sorry:

ayyo epa oba oyawa kiyanna
matanam dan baha ayge nama kiyawanna
geethyak asuwath wei walapenna
kamathiy maa samadhaa thaniwenna
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
කෙතරම් සොදුරු වූවත් මේ ආදරය
විටෙක ගෙනෙයි කදුලු විරහ දුක සමග
එනමුදු එයයි ජීවිතයක නිමාව
කියා සිතූ කාටත් වැරදුනාය
ඔබ කියනා දෙය මා හට වැටහෙනවා...:yes::yes:
එනමුදු ආදරය ගැන සිත වැලපෙනවා...:(:(
නොලැබුනු පෙමක් ගැන මම දුක් වෙනවා...:(:(
විරහව මගේ සිත දැන් දැන් හඬවනවා....
:(:(
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මා සිටියදී තවකෙක් පසුපස යත්නම්
මා හා කුමට ඉන්නේදැයි විමසූවෙම්
අප දෙදෙනෙකුයැයි සිතුවත් අන්ධව මම්
තෙවැන්නකුට ඉඩ දීමට වෙන් වූයෙම්
:sorry:
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මම පෙම් කළෙමි අවුරුදු හතරක් දිගට
රවටනු ලැබූවෙමි ගොන් හරකෙක් ලෙසට
විශ්වාසයෙන් පෙම් කරනට කිසිවෙකුට
මසිත හදා ගන්නේ කෙලෙසද මිතුර


tharaha nowanna kiwwata melesa
baha obata amathaka kala elesa
namuth sithuwoth oba dinak atha heta dawasa
wei hama deyakma deviyan sithoo lesa
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
poodak api mehema hithamudha?
aadharyen boot kaewama kadhulakda?
danunaa mata oya dey eekadinaka
eekai ahuwe melesa obagen hanika
ආදරයෙන් පැරදුන පෙම්වතුන් ගැන
අසනා විටදි සිතුනා එක දෙයක් මට
විසුමට වඩා පෙම් නොකරන කෙනෙක් ලග
වෙන්වී යාම සැනසිල්ලක් නොවේද?
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ආදරයෙන් පැරදුන පෙම්වතුන් ගැන
අසනා විටදි සිතුනා එක දෙයක් මට
විසුමට වඩා පෙම් නොකරන කෙනෙක් ලග
වෙන්වී යාම සැනසිල්ලක් නොවේද?

මාහට කල්පනා වූයෙත් ඔය ලෙසටමය
ළග හිද වෙනස්කම් වෙනු ඉවසනු බැරිය
දුරින් ඉඳන් මට පෙම් කෙරුමට හැකිය
රැවටිල්ලකට මගෙ සිත තුළ ඉඩ නැතිය
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඔබ කියනා දෙය මා හට වැටහෙනවා...:yes::yes:
එනමුදු ආදරය ගැන සිත වැලපෙනවා...:(:(
නොලැබුනු පෙමක් ගැන මම දුක් වෙනවා...:(:(
විරහව මගේ සිත දැන් දැන් හඬවනවා....:(:(
ප්‍රේමය ගැන දුක් ගී මයි ඇසෙන්නේ
හදවත් හඩන බව මයි සැම කියන්නේ
කෙදිනක හෝ හිරු කිරණක් ලෙසින්නේ
බඹා කෙටූ අය දිවියට වඩින්නේ
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ආදරයෙන් පැරදුන පෙම්වතුන් ගැන
අසනා විටදි සිතුනා එක දෙයක් මට
විසුමට වඩා පෙම් නොකරන කෙනෙක් ලග
වෙන්වී යාම සැනසිල්ලක් නොවේද?


oba keewe kathaawehi sagawoo atthakma
pemnokarana sitha laga wey nirayakma
wenwee yaama wei piyawara wadhagathma
eheth gatluwa yanne kelesadha ese nikama

 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ප්‍රේමය ගැන දුක් ගී මයි ඇසෙන්නේ
හදවත් හඩන බව මයි සැම කියන්නේ
කෙදිනක හෝ හිරු කිරණක් ලෙසින්නේ
බඹා කෙටූ අය දිවියට වඩින්නේ

දහසක් දෙනා පෙම් කරලා විවා වෙතී
කල් යත් යත්ම දෙදෙනම දුක් විඳිති
දෙතුන් දෙනෙක් පමණක් සතුටින් සිටිතී
බඹා මොනව කෙටුවාදැයි දෙය්යො දනී
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරයෙන් පැරදුන පෙම්වතුන් ගැන
    අසනා විටදි සිතුනා එක දෙයක් මට
    විසුමට වඩා පෙම් නොකරන කෙනෙක් ලග
    වෙන්වී යාම සැනසිල්ලක් නොවේද?

    පෙම්සිත නොහඳුනන කෙනෙකුට පෙමින් බැඳී
    සිත සෝ තැවුල් කඳුලින් නිති රිදුම් දිදී
    විසුමට වඩා ඒ හදවත සමඟ රැඳී
    යහපත් වේය වෙන්වෙන එක කඳුලු නොදී
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    දහසක් දෙනා පෙම් කරලා විවා වෙතී
    කල් යත් යත්ම දෙදෙනම දුක් විඳිති
    දෙතුන් දෙනෙක් පමණක් සතුටින් සිටිතී
    බඹා මොනව කෙටුවාදැයි දෙය්යො දනී

    pemakin wuu wiwahayak wei elesa
    eheth sithannat deyak wei melesa
    jeewithaya kiyanne eka waraki
    Adharaya kala sitha labeema pera pinaki
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දහසක් දෙනා පෙම් කරලා විවා වෙතී
    කල් යත් යත්ම දෙදෙනම දුක් විඳිති
    දෙතුන් දෙනෙක් පමණක් සතුටින් සිටිතී
    බඹා මොනව කෙටුවාදැයි දෙය්යො දනී

    බඹා කොහොම කෙටුවත් ඉපදෙන විටදී
    අරුත නොදැන පෙම් කෙලිනා එක වරදී
    තේරුම් නොගත් සිත් මුලාවෙ ලන විටදී
    මහ බඹු වගේ ලොක්කන්ටත් වැඩ වරදී
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    pemakin wuu wiwahayak wei elesa
    eheth sithannat deyak wei melesa
    jeewithaya kiyanne eka waraki
    Adharaya kala sitha labeema pera pinaki

    නිතර දෙවේලේ මට එන සිතුවිල්ලක්
    ඔබ දැන් කියූවෙත් ඒ හා සම වු දෙයක්
    පෙර භවයක ප්‍රේමයකට ගැරහු පවක්
    වෙන්නැති මෙලෙස මට පඩිසන් දෙන්නෙ තවත්
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පෙම්සිත නොහඳුනන කෙනෙකුට පෙමින් බැඳී
    සිත සෝ තැවුල් කඳුලින් නිති රිදුම් දිදී
    විසුමට වඩා ඒ හදවත සමඟ රැඳී
    යහපත් වේය වෙන්වෙන එක කඳුලු නොදී

    දෙදෙනෙක් පෙම් නොකරත්නම් එකිනෙකාට
    යුවලක් සේ කල් ගෙවන්නෙ එක්ව කුමට
    ඔහුත් දුකිනි ඇයත් දුකිනි මුලු දිවියට
    වෙනත් කෙනෙකුහට ඉඩ ඇත වෙන් වූ විට

     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    දහසක් දෙනා පෙම් කරලා විවා වෙතී
    කල් යත් යත්ම දෙදෙනම දුක් විඳිති
    දෙතුන් දෙනෙක් පමණක් සතුටින් සිටිතී
    බඹා මොනව කෙටුවාදැයි දෙය්යො දනී
    බඹා කියන්නේ එතරම් හොද එකෙකු නොවේ..
    මෙතරම් තරහා ඇයි ඔහු මා සමඟ දැවේ..
    ප්‍රේමය දුකක් කෙරුවේ නෑ හදවතට සුවේ..
    මා පෙම් කෙරුවාද ඔහුගේ එකියකට බවේ...
    :no::no: