~ Kaviyen Kaviya ~.........Kamathida???

නිවාඩුවට මේ පැත්තේ ආවෝතින් :)
හදලා දෙනවා කේක් පුඩින් ආසාවෙන් :cool:
හන්තානේ කදු මුදුනට නැග්ගෝතින් :rofl:
ඔන්න බලා ගත හැකි මගේ ගේ ඈතින්
7.gif


:lol:තියෙන වැඩ ඔක්කොම පසෙකලා
:rolleyes:පොඩි වෙනසකටත් කියලා හිතාලා
:Dයන්න ඔනා නුවර පැත්තේ පොඳිබැදලා:P
:cool:Doly ලා දිහා කේක් පුඩිං බුදින්න හිත හදාලා:rofl:

(mata mekata reply karannama hithuna nisa.reply demme.........)
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
දහසක් වැඩ අතරෙ නිවනක් නම් නොමැත
එනමුදු කවි පද අතරෙයි රැදුනෙ සිත
විරාමයක් තුල පන්හිද දරන් අත
හරවමි කවි වලට එන සිතුවිලි මවෙත
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
:lol:තියෙන වැඩ ඔක්කොම පසෙකලා
:rolleyes:පොඩි වෙනසකටත් කියලා හිතාලා
:Dයන්න ඔනා නුවර පැත්තේ පොඳිබැදලා:P
:cool:Doly ලා දිහා කේක් පුඩිං බුදින්න හිත හදාලා:rofl:

:rolleyes:වෙනස හොදයි යනකොට සෙංකඩ ගල පුරයේ
:rofl:ගෙනියන දෙයක් වෙත්නම්
කදමළු පුරවායේ
:yes:විසී කර යන්න මාවෙත අතවනනා විට සකියේ

:nerd:ඉන්නම් ගලහ හන්දියෙ කරගෙන කට බලියේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දහසක් වැඩ අතරෙ නිවනක් නම් නොමැත
එනමුදු කවි පද අතරෙයි රැදුනෙ සිත
විරාමයක් තුල පන්හිද දරන් අත
හරවමි කවි වලට එන සිතුවිලි මවෙත

මහවැලි ගඟ හැරෙව්වා වගේ වේවිද මංදා
විරාමේ... අනේ වැඩ කරනවදෝ මංදා
කවිපද අතර සිත එහෙමෙහෙ වුනිදෝ මංදා
සිරිතක් ලෙස වැඩ කල්දැමුවේදෝ නංගා
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මහවැලි ගඟ හැරෙව්වා වගේ වේවිද මංදා
විරාමේ... අනේ වැඩ කරනවදෝ මංදා
කවිපද අතර සිත එහෙමෙහෙ වුනිදෝ මංදා
සිරිතක් ලෙස වැඩ කල්දැමුවේදෝ නංගා


නිදහස් පාඩුවේ ඉන්නා විරාමෙට
දඩි බිඩි සිතේ සිතිවිලි ගග හරස් කොට
කවියෙන් කවිය කවි ගොතනා ඉසව්වට
කවි පද ගොතන්නට සිතුනා අදත් මට
 
:rolleyes:වෙනස හොදයි යනකොට සෙංකඩ ගල පුරයේ
:rofl:ගෙනියන දෙයක් වෙත්නම්
කදමළු පුරවායේ
:yes:විසී කර යන්න මාවෙත අතවනනා විට සකියේ

:nerd:ඉන්නම් ගලහ හන්දියෙ කරගෙන කට බලියේ

හිතටත් හොඳ නොවැ වැඳලා දළඳා හාමුදුරුවන්:)
ගියෙම නෑ හුඟ කලකින් නොලැබි නිවඩුවකින්:(
මේ අයියා ද එහෙනම් නුවර කිට්ටුවද මල් වත්ත ලඟින්:P
මා ද හිටියා හන්දිය ලඟ කලක් යහලුවෙකු වෙනුවෙන්:rofl:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හිතටත් හොඳ නොවැ වැඳලා දළඳා හාමුදුරුවන්:)
ගියෙම නෑ හුඟ කලකින් නොලැබි නිවඩුවකින්:(
මේ අයියා ද එහෙනම් නුවර කිට්ටුවද මල් වත්ත ලඟින්:P
මා ද හිටියා හන්දිය ලඟ කලක් යහලුවෙකු වෙනුවෙන්:rofl:
නිවාඩුවක් ඕනෑමද යන්නට නුවර
සිතිවිලි හට හැකිය යන්න ඊට දුර
ඉතිං කිමද පමා වෙන්නෙ මගෙ මිතුර
හිතිං ගිහින් වැදල එන්න දළදා මැදුර
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මහවැලි ගඟ හැරෙව්වා වගේ වේවිද මංදා
විරාමේ... අනේ වැඩ කරනවදෝ මංදා
කවිපද අතර සිත එහෙමෙහෙ වුනිදෝ මංදා
සිරිතක් ලෙස වැඩ කල්දැමුවේදෝ නංගා
අද වැඩ හෙට කරන සිරිතක් තියේ මට
ඉන් කිසිදින අවැඩක් සිදුවුනෙ කාට
මහවැලි ගග හොදයි තවමත් හැරෙව්වට
කවි සිතුවිලියි නවතන්නට නොහැකි මට
 
නිවාඩුවක් ඕනෑමද යන්නට නුවර
සිතිවිලි හට හැකිය යන්න ඊට දුර
ඉතිං කිමද පමා වෙන්නෙ මගෙ මිතුර
හිතිං ගිහින් වැදල එන්න දළදා මැදුර

යන්නට හැකිය නුවර නොව ඕන දිහාක
සිහිනෙන් දකිනවා වගේ නොවේනේ ගොසින් වැඳපුදාක
මිතුරියටත් කියන්නම් යමක් කෙටි කොට
එපා ඉඩ දෙන්න සිතුවිලිවලට බොහෝ දුරයන්නට
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
යන්නට හැකිය නුවර නොව ඕන දිහාක
සිහිනෙන් දකිනවා වගේ නොවේනේ ගොසින් වැඳපුදාක
මිතුරියටත් කියන්නම් යමක් කෙටි කොට
එපා ඉඩ දෙන්න සිතුවිලිවලට බොහෝ දුරයන්නට
හැබැහින් වගේ නොව සිතුවිලි යන කලට
මග වැරදුනත් ආපසු හැකිවෙයි එන්ට
තුති පුදනෙමි උපදෙස් දුන් මිතුරාට
එනමුදු නොහැක සිතුවිලි හිර කර ඉන්ට
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නිදහස් පාඩුවේ ඉන්නා විරාමෙට
දඩි බිඩි සිතේ සිතිවිලි ගග හරස් කොට
කවියෙන් කවිය කවි ගොතනා ඉසව්වට
කවි පද ගොතන්නට සිතුනා අදත් මට

ඉදහිට මෙහි අවුත් ගොඩ වැදිලා කවි බලලා
ගියමුත් ලියන්නට සිතුනේ නෑ මොකදෝ මංදා
සිතිවිලි දෝරෙ ගලනා මුත් වක්කඩ කැඩිලා
පදවැල් නොම ගෙතේ පන්හිද ගොළුවිදෝ මංදා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හිතටත් හොඳ නොවැ වැඳලා දළඳා හාමුදුරුවන්:)
ගියෙම නෑ හුඟ කලකින් නොලැබි නිවඩුවකින්:(
මේ අයියා ද එහෙනම් නුවර කිට්ටුවද මල් වත්ත ලඟින්:P
මා ද හිටියා හන්දිය ලඟ කලක් යහලුවෙකු වෙනුවෙන්:rofl:

:rofl:මල් වත්තේ හැංගී පෙම් කරනා ජෝඩු
:shocked:දැක බිදුනද සිත අවනත නොවූ පැන්ඩූ

:)දළදාහිමි දැක නිවි සැනසුන සිත කෝඩු
:P සංවර කරන් ඉදපන් නොබලා මදි පාඩු

හංදිය ළඟ කෑ කට්ට සිහිකරවා ආවඩා ආයිබෝ...දෝෂ දුරු වේවා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අද වැඩ හෙට කරන සිරිතක් තියේ මට
ඉන් කිසිදින අවැඩක් සිදුවුනෙ කාට
මහවැලි ගග හොදයි තවමත් හැරෙව්වට
කවි සිතුවිලියි නවතන්නට නොහැකි මට

නවතනු එපා ගලනා සිතුවිලි වේලි බැද
වෙබ්පිටු පිරෙන්නට ලියපන් කවි පබැද
අද කළ යුත්ත නොකරා හෙටට කල් ඇද
බාලගිරි එන්නේ හෙට,නොවැ නේද අද
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
kawiyen kawiya thread eka uda yanne
kawi liyana sith hama sathutinne
kawi sithakata ehi rasa amurthaya wenne
eheth mage kawi maa ha samwita thani wenne:no::(


Sadhata himi rea kaluwara ahasamadha?
aydha aney oyala maa haa amanaapadha?
damma kawiyak mama kiyewwe naddha?
Ay mata kudamma salakili mama paw naddha?:(

aawe obahaa mama kawi kiyannata
namuth natha maa ha kisiwek kawi sahaayata
dukai hithata kiwwa kawi thread pirennata
samugannam ithin devi rakawaranai oba samata..:(


:(:(:(:(:(:(:(
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඉදහිට මෙහි අවුත් ගොඩ වැදිලා කවි බලලා
ගියමුත් ලියන්නට සිතුනේ නෑ මොකදෝ මංදා
සිතිවිලි දෝරෙ ගලනා මුත් වක්කඩ කැඩිලා
පදවැල් නොම ගෙතේ පන්හිද ගොළුවිදෝ මංදා
ඉදහිට විටෙක කවි සිතුවිලි ඇතත් හිතේ
පන්හිද එම කවි පදට අවනත නොවෙතේ
සිතුවිලි කැල ගගක් වී ගැලුවත් දසතේ
මෙහි කවි කිසිත් නොලියා නිහඩවම යතේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
eheth mage kawi maa ha samwita thani wenne:no::(

Ay mata kudamma salakili mama paw naddha?:(

samugannam ithin devi rakawaranai oba samata..:(
එහෙම මඟුලක් නෑ බං උඹට පුළුවං විදිහට සිංහලෙන් ටයිප් කරන්න :)මං හදිස්සියේ මට රිප්ලයි කරපු තුන් දෙනාට රිප්ලයි කරේ
3.gif