ඒ සංවෙදි - හැගුමි බර මොහොත
2009-10-17 දා කියන්නේ මම හිතන්නේ මගේ ජිවිතේ අමතක නොවන හැගුමිබර දවසක්.අපේ එලකිරි සහෝදර එකමුතුවෙ අහිංසක ප්රයත්නය ඵලි දැක්වුයේ මෙදිනයි. මමත් පෙර කල පිනක මහිමයකට දෝ මෙම උදාර පින්කමට සහබාගි වෙන්න ලැබුනා. ගිහාන් චන්දන නිශාන් සදුන් ශියන්ත සහ අපේ අභිත විරෝදාර රණවිරැවත් තම බ්රිද සමග මේ අවස්තාවට සබාගි වි සිටියා.
මේ අවස්තාවේ අන්තර්ජාලය හරහා අප හා සමිබන්ද වුනු රොන් අයියා ගේ කථා වෙන් අපි හැමදෙනා ගේම දැස් කදුලින් තෙත් වුනා. ඒ තරමටම ඒ කථාව අභිත මෙන්ම සංවේදි වුනා.
අභිත විරෝදාර රණවිරැවා දෙස බලන ව්ට ඇති වු උදාරතර හැගිම වචනයෙන් විස්තර කරන්න බැහැ ඒ වගේම අබාධ්ත වු පසුවත් මෙම රණවිරැවා විවාහ කර ගත් ඒ විශිෂ්ඨ තරැනිය අපේ කාලේ තරැනියන්ට ව්ශාල ආදර්ශයක්.ඒ දෙදෙනා සමග දොඩමඵ වෙන්න ලැබ්ම හරිම සංවේදි අත්දැකිමක්.
අවසානයේ අපේ සහෝදර සහෝදරියන් ගේ දහඩ්ය මහන්සි යෙන් සැදුණු ඒ ආධාරය අපි සැම දෙනාගේම උපහාරය මැද අභිත විරෝදාර රණවිරැවාට පිරිනැමුවා.
මේ අවස්ථාවේ මේ සත් කාර්යට අපමන වේහෙස වු රොන් අයියා. ගිහාන්. චන්දන. නිශාන්. සදුන්. ශියන්ත හා ආධාර කළ සියඵ දෙනාට මෙන්ම වචනයකින් හෝ සහයෝගය දැක් වු සියඵ දෙනාටම මාගේ හද වතින්ම ස්තතිවන්න වේම්.
අවසාන වශයෙන් අපට රසවත් ආහාරයෙන් සංගාහා කළ චන්දන ගේ දයාබර මැණියන් ඉතා ආදරයෙන් සිහිපත් කරම්.
අපේ එලකිරි සහෝදර එකමුතුවට ඉදිරියටත් මෙවැනි සත් කාර්යන් කිරිමට ශක්තිය ලැබේවායි හද පත් ලෙන්ම සුභ පතන්නෙම්
pictures nedda




