මෙහෙමයි රොන් අයියෙ මම දන්න තරමින් ගීත වෙළදාම කෙරෙන්නෙ ඇල්බම් වශයෙන් ... තනි තනි ගීත වශයෙන් විකිණෙන කතාවක් මන් නම් අහල නෑ ( වැරදි නම් මාව නිවැරදි කරන්න)... මෙතන අපේ මේ හුයේ ගීත වශයෙන් ලබා දීම හැරෙන්නට ඇල්බම් හුවමාරු කිරීමෙ සිරිතක් නෑ නෙ ...අනික දැන් ඉස්සර වගේ නෙමේ හුඟක් දුර්ලභ ගීත අන්තර්ජාලයේ තියෙනවා ගීතයක් සොයා ගන්න එක එච්චර අපහසු දෙයක් නෙමේ .... ඒක හින්දා මන් නම් හිතන විදිහට මේක අපේ හුයට එච්චර බලපාන දෙයක් නෙමේ .. මුරපදයක් යෙදුවත් ඔය කියන කළුකඩ කාරයන්ට මොකක් හරි නමකින් රෙජිස්ටර් වෙලා ඒකෙ මුරපදේ අහගෙන විකුණගන්න පුළුවන් නෙ අයියෙ
ඕනෑම දෙයක් හොදට වගේම නරකටත් යොදා ගන්න පුළුවන් අපේ අරමුණ යහපත් එකක් නම් එතනින් එහාට වෙන මොනවද ?
අනික අයියෙ මේ ගීත "අපේ" ඒවා නෙමේ නෙ .. අපි කළේ මේවා එකතු කර ගත්ත එක විතරනෙ .. මේවයෙ නියම අයිතිය තියෙන්නෙ මේවගෙ ගේය පද රචකයන්ට, තනු නිර්මානය කළ අයට , ගායකයන්ට නෙ ... ඒ අයට මේවා වෙනුවෙන් හම්බෙන්නෙ ඉතාම සුළු මුදලක් ... ඒ අය අපි කිව්ව ගීත අහලා කී දෙනෙක් සතුටු වෙනවාද කියලා හිතල සතුටු වෙනවා මිසක් ආඩපාලි කියන්න යන්නෑනෙ .. ඇයි අපිටත් එහෙම හිතලා සතුටු වෙන්න බැරි
මට අයිතියක් නෑ රොන් අයියෙ අනිත් අයට මේ දේ කරන්න කියලා කියන්න ... මන් කිව්වෙ මට හිතුනු දේ ... ඒ ගැන අපේ යාළුවො මන් ගැන වැරදි විදිහට හිතන එකක් නෑ කියලා හිතනවා
සුබ දවසක් හැමෝටම!
මල්ලිගේ කතාව ඇත්ත!

අපිට කාගෙවත් සිතන විදිය වෙනස් කරන්න බෑ නේ!. තමන්ට හොඳයි කියලා හිතෙන දේ ඒ අය කලා.එච්චරයි. ඒ ගැන තවදුරටත් කතා කිරිමෙන් ඵලක් නොවන බවයි මගේ හැඟීම නම්.

මමත් හිතන්නේ අපෙන් වෙන්න ඕනේ සේවය කලාම ඇති කියලා.

සුභ දවසක් හැමදෙනාටම!!!




looks like somebodys beaten you to it.